Jun 24, 2013

පටලැවිල්ල

සමා වෙන්න යාළුවනේ ළඟදි පෝස්ට් එකක් දාන්න බැරි උනා. මේ දවස් වල මම ලොකු වැඩ ගෙඩක පැටලිලානෙ. නිදහසක් ලැබුනෙම නෑ. සිතුවිල්ල ආයිමත් බ්ලොගිය අතඇරල ගියාද කියල ඊයක් එවල අහල තිබුණ සිතුවිල්ල කෝ කියල. සිතුවිල්ල තාම ඉන්නවා කියන්න තමයි මේ පෝස්ට් එක ලිවුවෙ. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු.

May 24, 2013

ප්‍රීති වෙසක්....

අද උතුම් වෙසක් පුන් පොහොය. වෙසක් එකට මුළු ලංකාවටම තොරන් දෙක තුනක් විතරක් හදපු කාලයක් තිබුණ කියල දැන් කී දෙනෙකුට මතකද කියල සිතුවිල්ලට හිතා ගන්න බෑ. ඒත් ඒක මුලින්ම මතක් කරල ඒ වෙනුවෙන් තමන්ගෙ ලේ, ඇස්, ඉස්, මස්, ජීවිතය දන් දුන්නු අපේ රටේ සියළු හමුදා වල සහ ඒ වෙනුවෙන් කැප උණු සෑම දෙනෙක්ට පිං දෙනව. අද හැම තැනම දන්සැල් තොරන්. හරිම ලස්සනයි. මිනිස්සු හිනා වෙවී යනව.

May 18, 2013

ආදරයක කඳුලු බිංදු....

මේ දවස් වල හරියට වැඩ. පොඩි විවේකයක් ලැබුණ. ඒකෙන් ඔන්න සිතුවිල්ල ඔයාල බලල යන්න ආව. මේ පහුගිය දවස් ටිකට අළුත් අය ගොඩක් අළුතින් අඳුන ගත්ත. දැන් නම් හිනාවෙන් ජීවත් වෙනව. අද කියන්න හැදුවෙ තවත් ආදර කථාවක්ම තමා. මේකත් කියවල ඔයාලගෙ අදහසුත් කියන්න අමතක කරන්න එපා.

******

මීට අවුරුදු 3කට ඉස්සර දවසක මම මගේ කළුඳුල් ආදරේ මං ගයාට දුන්නෙ. එයාට මම ආදරේට ගයා කිවුවත් එයාගෙ ඇත්ත නම ගයානි. මම මගේ පණටත් වඩා එයාට ආදරේ කරා.ඒකට කිසිම බාධකයක් දා ගත්තෙ නෑ. ඒ මම එයාට ඒ තරමටම ආදරය කරපු නිසා.

Apr 28, 2013

IET පැණි අඹ....

අපි වගේම හිමිදිරි උදේ පාන්දරම,
පැණි බේරෙන රස අඹ කන්න...
මේ අඹ ගහ ගාවට, හත් ගව්වක් දුර දුවලා...
අමාරුවෙන් එන්න තවත් කට්ටියක් ළඟ එනවා.



ඔන්න ආයිමත් සිතුවිල්ල ආව. මේ දවස් වල විභාගෙ නිසා බ්ලොගිය පැත්තෙ එන්නත් බැරි උනා. අද නිවාඩු දවසනෙ ඉතින් සිතුවිල්ලට හිතුන පෝස්ට් එකක් දාන්න. විභාගෙ කියන්නෙ අනිත් අපිට ගෙඩක් භයානක කාලයක්. සබ්ජෙක්ට් 7ක් මේ සෙමෙස්ටරේට කරන්න වෙලා. වෙලාවකට මොන කරුමයක්ද කියල හිතෙනව. අද තිබුන් එක නම් ෆුල් සැටිස්. අපේ අයට මේ විභාගෙ ටිකක් විසේසයි. කවදාවත් වුනු නැති දේවල් මේ පාර උනානෙ. විභාගෙ පටන් ගත්තු දවසෙ උදේ හවස සබ්ජෙක්ට් 2ක් තිබුණ. ඒ දෙකෙන් එකක් හැමෝම තමන්ගෙ ෆීල්ඩ් එක අනුව තෝර ගන්න ඕනි. ඒක ඇර අනිත් එක කරන එක කොච්චර තමන්ට චර්ම රෝග තියද කියන එකේ නිදර්ශකයක් වගේ. ටික දෙනෙක් කරා. අපිට මේ තියෙන ටික කර ගන්න බැරුව දඟලනව. ඒකට තව එකක් ඉල්ලං කරන්න අපිට නම් ඕනෙ නෑ. ඔහොම කරපු මුල්ම අවුරුද්ද මේක. ඉතින් අවුල් වියවුල් ගොඩයි. කට්ටියක් කියනව ළමයි වැරදිලු තව කට්ටියක් කියනව උගන්නපු සර් වැරදිලු. මේව පුදුම කථා. අන්තිමට මේකෙන් තැලුනෙ අර චර්ම රෝගීන් ටිකදෙනා තමයි. පැය භාගයක් පරක්කු වෙලා විභාගෙ ලියන්න කට්ටියට අවසරේ ලැබුණ.

Apr 16, 2013

පිළිතුරක්............


IET එක ගැන ලියපු දේට ඇනෝ කෙනෙක් ඇවිත් කොමෙන්ටුවක් විදියට අහපු ප්‍රශ්ණයක් තිබුණ බලපු අය දකින්න ඇති. නම වෙනස් කරන්න හේතුව මොකක්ද කියල. ඒකට උත්තර දෙන්නත් මේ අවුල ගැන තවත් විස්තර කරන්නත් එක්ක මේ පෝස්ට් එක දාන්න හිතුන.

Apr 15, 2013

පින් මද වුණිද මන්දා...

සිතුවිල්ලට පොඩි කථාවක් ලියන්න හිතුන. පොඩි ආදර කථාවක්. කියවල ඉවර වෙලා පොඩ්ඩක් හිතල බලන්න. මේක කථාවක් කිවුවට ඇත්තටම ලියුමක්. සොඳුරු ප්‍රේම කථාවක අවසානයේ ප්‍රේමවන්තය තමන් හැර ගිය ප්‍රේමවන්තියට ලියන ලියුමක්. සිතුවිල්ල හිතට ආපු බනී කියන නම ප්‍රේම වන්තියට දැම්මට කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනව.

Apr 11, 2013

අළුත් අවුරුද්ද....


මේ දවස් වල සිතුවිල්ල බෝම සතුටින් තමා ඉන්නෙ. මොකද සිතුවිල්ලට ගොඩක් පරණ යාළුවෙක් ආපහු ලැබුණනෙ. දුකෙන් හිටපු සිතුවිල්ල දැන් ආයිත් හිනා වෙලා සන්තෝසෙන් ඉන්නව කියල යාළුවො පවා කියනව. ඇත්තටම හොඳ යාළුවෙක්ට හිතේ තියෙන දුක් නැති කරන්න පුළුවන් කියල මම විස්වාස කරේ නෑ. ඒත් මම හිතන් හිටපු දේ වැරදි කියල එයා ඔප්පු කරල පෙන්නුව. එහෙම යාළුවෙක් ළඟ ඉන්න කොට ජීවිතේ කොච්චර සුන්දරද කියල හිතෙනව. ඒත විභාගෙ දැන් ළඟ එනව. 19 වෙනිද! අවුරුදු කන්න තිබුනු ආසාව නම් සිතුවිල්ල අමතක කරල දාල ඉවරයි. එහෙම් කියල කරන පාඩමකුත් නෑ. දැන් සිතුවිල්ලේ විශේෂ අවුරුදු සුභ පැතුම.

Mar 29, 2013

IET එක අනතුරේ

 
අද නම් සිතුවිල්ල කියන්න යන්නෙ වෙනද වගේ සාමාන්‍ය දෙයක් නම් නෙමෙයි. අපි ඉගෙන ගන්න අපේ තැනට පොඩි ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ. ඒකට හේතු වුනු ගොඩක් දේවල් තියෙනව. ඒව මොනවද ඇයි එහෙම දේවල් මේ වෙන්නෙ කියල අපි තාම හොයනව. මේ පෝස්ට් එක අපේ ආයතනයෙ වෙන්න යන දේ වලක්ව ගන්න ඔයාලගෙ සහයෝගයත් උපරිමයෙන් බලාපොරොත්තු වෙනව. 

Mar 14, 2013

නොදුටු අරුතක්

අද ගෙදර ආව එන ගමන් අතරමඟදි දැකපු දෙයක් එක්කම ඇහුණු සින්දුවක් මට මේ පෝස්ට් එක දාන්න කියල මගේ හිතට කිවුව. අපි අතරෙම ජීවත් වෙන සල්ලි තියෙන ධන කුවේරයාගෙ ඉඳන් හැම කෙනෙක්ම තමන් ඉස්සරහ දණ ගස්සවන අයෝමය මිනිස්සු කොට්ඨාශයක් ගැන. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම බොහොම නරක රැකියාවක් කියන ගණිකාවන්. ගොඩක් දෙනෙක් මේ රස්සාවට තමන්ගෙ කැමැත්තෙන් එන්නෙ නෑ. මිනිස් සමාජෙ තියෙන දරුණුකම එයාල ඒ තත්වෙට පත් කරනව කියල කියන එක ගොඩක් අය නොදකින පැත්තක්. ඒත් මම අද කියන්න යන්නෙ එහෙම සමාජ ක්‍රමයෙ වැරදි හදන කථාවක් නම් නෙමෙයි.

Mar 7, 2013

නමක් නැති කථාවක්?

අයිත් සිතුවිල්ලේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටි මාගේ සහෘද ප්‍රේක්ෂක ජනතාවනි. පටන් ගත්ත ගමන් කෙලිය තාප්පෙටනෙ. පාඨක කියන එකට ගැහුවෙ ප්‍රේක්ෂක කියලනෙ. මොකක් හරි කමක් නෑ ජනතාවනි, අද මාගේ මේ ව්‍යායාමය හුදෙක් සම්ප්‍රප්පලාපයක් හෝ මෙව්වා එකක් කියලා නොසිතුව. ආශ්චර්ය වෙනුවෙන් මහරජතුමාගේ මෙහෙවරට එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමෙ හුදෙක් පරමාර්ථයෙන් අපගේ සමාජයේ ඇති අඩුලුහුඩු කම් මකා ලීමටත්, සාක්ශරතාව ඉහල දැමීමේ පිවිතුරු චේතනාවෙන් කරන මාගේ මේ ප්‍රයත්නයට ඔබ සැමගේ උපකාරය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි...... මේ හොඳට හිටපු සිතුවිල්ලට මක්ක වෙලාද? මම මොනවද මේ කියවන්නෙ? අනේ මන්ද පහුගිය දොහේ ජංජාලෙං වයිරස් එකක්වත් වැදුනවත්ද මන්ද. කමක් නෑ ආයිත් රී ස්ටාර්ට් කරල ගනිමු බලන්න.

Mar 1, 2013

කාලෙකට පස්සෙ....

කාලෙකට පස්සෙ පෙඩි නිවාඩුවක් ලැබුණ. තාමත් මගේ පරණ යාළුවොන්ට මාව මතක ඇති කියල හිතනව. ඒත් ඉතින් කාලය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ඒක අපි නොහිතන වෙලාවලදි අපිට දෙන්නෙ අපි හීනෙකින්වත් නොහිතන දේවල්. මම බලාපොරොත්තු වෙච්ච දේවල්, මවපු හීන මට කවදවත් ලැබෙයි කියල  මම හිතාගන්න වත් බැරි තරම් දුරකට මාව තල්ලු වෙලා යනව වගේ දැනුනත් දැන් දැන් කාලය කියන දේ මට වාසනාවත් ගේන්න පටන් අරන් කියලත් හිතෙනව. මේ නොදැක හිටපු කාලෙට මගේ සමහර යාළුවො මාව දාල ගියේ ආයිත් නොඑන්නමයි. ඒත් තව සමහරු ඇසින් හමු නොවුනත් හඩින් විතරක් හමුවෙනව. මගේ ජීවිතේ ළඟම යාළුවත් ඒ වගේම තමයි. සතියකට වත් සැරයක් අපි මුමුණ හිටියට අපි අන්තිම වතාවට මුණගැහිල දැන් අවුරුදු දෙකකටත් ළඟයි. තවත් සමහර යාළුවෙ හැමදාම හමුවෙනව, කථා බහ කරනව ඒත් හිතින් ගොඩාක් දුරින් ඉන්නෙ. මගේ අළුත් ජීවිතේ විස්තර කිය කියා හිටියෙ තාම මට ලියන්න දෙයක් ඔළුවට ආවෙ නැති නිසා. ෙමොනව කරන්නද දැන් ඉස්සර වගේ හිත නිදහස් නෑ. වැඩ ගොඩ ගැහිල. හිතේ බර වැඩි වෙලා කඩන් වැටෙයිද කියල බයත් හිතෙනව. එහෙම වෙන එකක් නෑ කියල මම හිතුවට කවුද දන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. ඉස්සරහට ආයිත් බ්ලොග් එකේ බැඳිච්ච මකුළුදැල් එහෙම කඩල ආයිත් වැඩ පටන් ගන්න ඕනෙ කියල හිතෙනව. මගේ සිතුවිල්ල.... ආයිත් ළඟදිම හමුවෙමු.
comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න