Mar 7, 2013

නමක් නැති කථාවක්?

අයිත් සිතුවිල්ලේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටි මාගේ සහෘද ප්‍රේක්ෂක ජනතාවනි. පටන් ගත්ත ගමන් කෙලිය තාප්පෙටනෙ. පාඨක කියන එකට ගැහුවෙ ප්‍රේක්ෂක කියලනෙ. මොකක් හරි කමක් නෑ ජනතාවනි, අද මාගේ මේ ව්‍යායාමය හුදෙක් සම්ප්‍රප්පලාපයක් හෝ මෙව්වා එකක් කියලා නොසිතුව. ආශ්චර්ය වෙනුවෙන් මහරජතුමාගේ මෙහෙවරට එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමෙ හුදෙක් පරමාර්ථයෙන් අපගේ සමාජයේ ඇති අඩුලුහුඩු කම් මකා ලීමටත්, සාක්ශරතාව ඉහල දැමීමේ පිවිතුරු චේතනාවෙන් කරන මාගේ මේ ප්‍රයත්නයට ඔබ සැමගේ උපකාරය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි...... මේ හොඳට හිටපු සිතුවිල්ලට මක්ක වෙලාද? මම මොනවද මේ කියවන්නෙ? අනේ මන්ද පහුගිය දොහේ ජංජාලෙං වයිරස් එකක්වත් වැදුනවත්ද මන්ද. කමක් නෑ ආයිත් රී ස්ටාර්ට් කරල ගනිමු බලන්න.


ටී.....ක්.

වැඩේ හරි වගේ දැන් ආයිත් බලමු ට්‍රයි කොරල.

මට මගේ පරණ යාළුවෙක් කථාවක් ලියන්න කියල පොඩි ආරාධනාවක් කරා. අයිඩියා එකකුත් දුන්න. ඒත් කෝ ඒත් ඒකට නමක් දාන්න එපැයි. මල කෙලිය කියන්නෙ මේකට නමක් කොච්චර කල්පනා කරත් හිතට එන්නෙ නැති එකනෙ.මාර පුරස්ණයක් නොවැ මේක කන්න ගියත් මොලේ වැඩ කරන්නෙ මේක හරියකට කන්නවත් නෑ. බැච් එකේ කෙල්ලෙකුත් කිවුව මම ඇදිල ගිහින් කියල. උන් හිතන් ඉන්නෙ මට බූට් පාරක්වත් වැදිලද කියල. බූට් වදින් පවු අසරණ සිතුවිල්ල. මේක අලි පොබ්බම් එකක්ය.. තාම නමක් නෑනෙ. දැන් වෙන්නෙ “නමක් නෑ“ කියල නම දාන්න තමා.......

2 comments:

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න