May 18, 2013

ආදරයක කඳුලු බිංදු....

මේ දවස් වල හරියට වැඩ. පොඩි විවේකයක් ලැබුණ. ඒකෙන් ඔන්න සිතුවිල්ල ඔයාල බලල යන්න ආව. මේ පහුගිය දවස් ටිකට අළුත් අය ගොඩක් අළුතින් අඳුන ගත්ත. දැන් නම් හිනාවෙන් ජීවත් වෙනව. අද කියන්න හැදුවෙ තවත් ආදර කථාවක්ම තමා. මේකත් කියවල ඔයාලගෙ අදහසුත් කියන්න අමතක කරන්න එපා.

******

මීට අවුරුදු 3කට ඉස්සර දවසක මම මගේ කළුඳුල් ආදරේ මං ගයාට දුන්නෙ. එයාට මම ආදරේට ගයා කිවුවත් එයාගෙ ඇත්ත නම ගයානි. මම මගේ පණටත් වඩා එයාට ආදරේ කරා.ඒකට කිසිම බාධකයක් දා ගත්තෙ නෑ. ඒ මම එයාට ඒ තරමටම ආදරය කරපු නිසා.


මම ගයාව මුලින්ම දැක්කෙ එක හැන්දෑ වරුවක. හවස පහට විතර ඇති ඒ වෙලාවෙ. පුංචි ලස්සන සුරංගනාවියක් වගේ ගෑණු ළමයෙක් මගේ ඉස්සරහින් යනව දැක්ක. එයා එදා ඇඳන් හිටපු සුදු පාට දිග ස්කර්ට් එකයි ලා නිල් පාට ලස්සන බ්ලවුස් එකටයි, එයාගෙ මූණට රන් පාට ඉරේ රැස් වැදිල හරිම ලස්සනයි. මං එයාව දැකපු වෙලාවෙ මට හිතුනෙ එයා ඇත්තටම සුරංගනාවියක් කියල. පස්සෙ දවසෙ මම උදෙන්ම පන්ති යනකොට පන්තියෙ හිටපු ගෑණු ළමයි 3ට තවත් කෙනෙක් එකතු වෙලා. ඒ එකතු වෙලා තිබුනෙ අර ඊයෙ දැකපු පුංචි සුරංගනාවිය කියල මම දැක්කෙ පන්තියෙ වාඩි උනාටත් පස්සෙ. ඒක ICT පන්තියක්. පන්තියෙ හිටියෙ ගෑණු ළමයි 4යි පිරිමි අය 2යි. පන්තිය දවල් 2 ඉඳන් 5වෙනකන් තියෙනව. මැද පොඩි ඉන්ටවල් එකකුත් ලැබෙනව. ඒ වෙලාවට සමහර දවස් වලට සමහරු කෑම ජාති හදන් ඇවිත් තිබුනොත් හයදෙනා බෙදාගෙන කනව. එදා අළුත් කෙනාගෙ විස්තර කථා කරන්න තමා ඉන්ටවල් එක එදා වෙන් වුනේ. අළුත් නගරෙකට ආපු එයා, මගේ ළඟම යාළුවෙක් වුනා. ඒ යාළුනමත් එක්කම ටික කලකින් අපි දෙන්න හොඳම යාළුවො දෙන්නෙක් වුනා.

ඊට මාස දෙකකට පස්සෙ එක සෙනසුරාද දවසකදි හවස බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ අයිස් ක්‍රීම් කඩේදි මං එයාට මගේ ආදරේ කිවුව. ඊට දවස් දෙකකට පස්සෙ සඳුද උදේ 7.22ට එයා මට කැමතියි කියල මැසේජ් එකක් එවුව. ඒ වෙලාවෙ මගේ හිතට ආපු හැඟීම විස්තර කරන්න වචන මගේ ළඟ නෑ. ඒ වෙලාව වෙනකම් මං හිටියෙ ඇත්තටම බයෙන්. එදායින් පස්සෙ අපි දෙන්න ජීවත් වුනේ වෙනමම ලෝකෙක. අපි අපේ ජීවිතේ දෙන්නත් එක්ක බෙදාගත්ත. අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් විදියට හිතන්න පටන්ගත්ත. මම කැමතිදේට එයත් එයා කැමති දේට මමත් කැමති වෙන්න පුරුදු උනා. ඒ ලස්සන අතීතෙ හරිම මිහිරි අත්දැකීමක් වුනා.

ඒත් ඒක අතීතයම විතරක් වෙයි කියල මම කවදාවත්ම හිතුවෙ නෑ. ඒත් ඒක වුනේ එහෙම්ම තමයි. ඒක මගේ නොලැබීමද නැත්නම් ලැබීමද ද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් අද ෙවෙනකොට අපි දෙන්න ඉන්නෙ දෙපැත්තක. අද එයා මම පාරෙදි අනන්තවත් දැක්කත් එයා මාව නොදන්න විදියට යන එක මට හිතට උහුල ගන්න බැරි තරම් දුකක්. ඒ මම ගයාට මගේ මුලු ආත්මයම දීල තිබුණු නිසයි. මම හිතුවෙ ගයා මට ඇත්තටම ආදරය කරයි කියල. ඒ මම ජීවිතේට ගත්තු වැරදිම උපකල්පනයක් කියල තේරුනේ එදා මම ගයාගෙ ඇඟිල්ලට දමාපු මුද්ද ගලවල මගේ අතින් තියල
“මම යනව අපේ සම්බන්දෙ අද මෙතනින් නවත්තමු. අපි දෙන්න පොඩ්ඩක් වත් ගැලපෙන්නෙ නෑ.“ කියල ගයා ගියපු වෙලාවෙ. ඒත් ඊට දවස් දෙකකට පස්සෙ ගයා මගේම යාළුවෙක්ගෙ අතේ එල්ලිලා යනව දැක්ක වෙලාවෙ ගයා මට කිවුවෙ ඇත්තමද නැත්නම් හේතුවක් කියන්න ඕනෙ නිසා කියපු එකක්ද කියල හිතුන. ඒත් දැන් වෙන්න ඕනෙ ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ගයා ගියා. මම මේ ලෝකෙ තනි වුනා කියල හිතෙනව.

ඒත් ගයා මාව දාල ගියත් එයා සතුටින් ජීවත් වෙනව නම් මට ඒක හොඳටම ඇති. ඒත් ඒ පරණ මතක ආයිත් මගේ හිතට ඇවිත් මාව අඬවන එක නම් තව ගොඩක් කල් කරාවි. ඒත් ගයා මේ ලෝකෙ කොහේ හරි තැනක ලස්සනට ජීවත් වෙනව නම් මට ඒ ඇති. ගයා ඔයාට බුදු සරණයි.

***************

මෙය හුදෙක් කථාවක් පමණි. කාගේවත් සිත් රිදවීමට හෝ කාගේ හෝ පරණ දේවල් මතක් කිරීමක් නොවේ. කාගේ හෝ සිතට දුකක් ඇති වුනි නම් සමා වෙන්න.

8 comments:

  1. Hi i'm Harshana and my gf Chely , we met in 2009 and we loved until this year March , she left me in march and there was no reply from her , but i received a message from her before two weeks ago , then i talk with her but she never told nothing no reasons to left me alone just says she not deserve for me , but i cant forget her , i guess she has new bf , today i text her and wish her for new life
    but im still in pain much , anybody knows how to move on from this pain its make me eyes with tears at every times when i remind her i wanna back to normal but i don't know how , any advice ? thanks

    ReplyDelete
    Replies
    1. I don't know what to say friend. My experience is somewhat different. But I believe love is a gift from gods. But some girls don't know how to respect to the god. They leave us with tears. But please be kind enough to her. She will remember how much you loved her. But she will too late to come back. Forget her and try to rebuild you life. Good Luck dear friend.

      Delete
    2. Thanks friend i m back to my life

      Delete
  2. ආදරය කියල දෙයක් නෑ මලයා තියෙන්නේ ගනු දෙනු විතරයි. මේ කතාවත් එයට සාක්ෂියක්

    ReplyDelete
    Replies
    1. ඒක ගනු දෙනුවක් වගේ තමයි. කොල්ලට දෙනු & කෙල්ලට ගනු. ඒකයි ගොඩක් වෙලාවට වෙන්නෙ.

      Delete
  3. Hugak pirimi lamai aadaraya karanne,aadaraya illanne class eke inna lassanama,attractivema gahanu lamayagen..Ethakota eyata thora ganna godak aya innawa,..ekkenekta kamathi unath pahuwela ena kalin kenagen labena dewal walata wada dewal laba ganna puluwan kenekgen ena request ekata eyala kamathi wenawa...

    Anith eka samahara pirimi lamai gahanu lamainta hopes deela passe girl serious wenakota eka atha arinawa..

    Rupayata kamathi wela aadare illanne yanne nathuwa,Gathi guna gana tikak hoyala balala aadare illana eka thamai hoda..
    Mokada hugak gahanu lamai aadare kiyana eka balaporoththu wenne mudal thathwayath ekkama thamai.

    ReplyDelete
    Replies
    1. ඔවු කියන දෙයට 100%ක්ම නැති උනත් මම 80%ක් විතර මමත් එකඟයි. කොමෙන්ටුවට ස්තුතියි.

      Delete
  4. 100%ක් ගැලපෙන අයත් නෑ, 100%ක් නොගැලපෙන අයත් නෑ.. අඩුම තරමේ ගැලපෙන්නේ නැත්තේ ඇයි කියලා දන්නවා නම් පැවැත්මක් බලාපොරොත්තු වෙන්න බැරි නෑ.. ගැලපෙනවා කියන්නේ සමාන වීමමත් නෙවෙයිනෙ, උදාහරණයක් විදියට නිශ්ශබ්ද කෙනෙක්ට ඒ වගේම කෙනෙක් ගැලපෙන්නේ නැහැනේ.. :) හිතන විදියයි බලන කෝණයයි තමා මම දකින විදියට වඩා වැදගත්.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න