Mar 29, 2013

IET එක අනතුරේ

 
අද නම් සිතුවිල්ල කියන්න යන්නෙ වෙනද වගේ සාමාන්‍ය දෙයක් නම් නෙමෙයි. අපි ඉගෙන ගන්න අපේ තැනට පොඩි ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ. ඒකට හේතු වුනු ගොඩක් දේවල් තියෙනව. ඒව මොනවද ඇයි එහෙම දේවල් මේ වෙන්නෙ කියල අපි තාම හොයනව. මේ පෝස්ට් එක අපේ ආයතනයෙ වෙන්න යන දේ වලක්ව ගන්න ඔයාලගෙ සහයෝගයත් උපරිමයෙන් බලාපොරොත්තු වෙනව. 

ඉංජිනේරු තාක්ෂණ ආයතනය 1985 අවුරුද්දෙදි ආරම්භ වෙන්නෙ ශ්‍රී ලංකා රජය සහ ලෝක කම්කරු සංවිධානය - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සම්බන්ධ ව්‍යාපෘතිය යටතේ තාක්ෂණඥයින් පුහුණුකිරීමේ ආයතනය (TTI) විදියටයි.පසුව 2006 වසරේදී ඉංජිනේරු තාක්ෂණ ආයතනය (IET) ලෙස වෙනස් වෙනව. අද වන තුරුත් බොහෝ දෙනා මෙම ආයතනය දන්නේ TTI ලෙස මිස IET එක ලෙස නොවේ. එසේ තිබියදී තවත් වරක් ආයතනයෙ නම වෙනස් කරනව කියන්නෙ පුංචි හරි ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තු IET කියන නමටත් පයින් ගහල යුනිවසිටියක් නොහොත් උපාදියක් ලැබෙනව කියන හීනෙ පොඩි අයට පෙන්නල මේක University College of Gampaha කියල වෙනස් කරල අපි අතරමං කරල දාන්න. ඉස්සර අපිට සමාන්තර අය හිටියෙ 3ගොල්ලයි.ඒත් මේ දේ වුනොත් අපි තවත් අළුත ඉපදුනු 25කින් එකෙක් වෙනව.
තාක්ෂණ විද්‍යාල එකහෙලා එපා කියපු දේ අපේ ආයතනයෙන් එපා නොකියන්නෙ ඇයිද කියල මට නම් තේරුම් ගන්න බෑ. කවුරු හරි තේරෙන කෙනෙක් ඉන්නව නම් අනේ මටත් කියල දෙන්න. අපේ ආයතනයෙ ගොඩක් ප්‍රශ්ණ මතු උනා. උගන්නන්න කට්ටිය ආයතනය දාල යන්නෙ, සමහර අය මේකෙන් එලව ගන්න සමහරු ගොඩක් ට්‍රයි කරනව කියලත් අපිට නිකමට වගේ හිතෙනව. මෙහෙම ගියොත් අපේ ආයතනය වැහිල ගියෙ නැතත් මොන වගේ දෙයක් වෙයිද කියල කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි.
අපි මොනදේ කරත් ගමේ අය කියන්නෙ අහවලාගෙ පුතා නැත්තම් දූ තමයි මේක කරේ කියල. ඒත් එහෙම අය නැතුව මේ ලෝකෙට ඇවිත් ජීවත් වෙන අය හිටියත් එයා හඳුන්වන නම හැමෝම දන්නව ඇතිනෙ. ඒ‍ කියන්නෙ අපේ ආයතනයෙන් පිටවෙන අයට අපි ආවෙ මෙතනින් කියල කියන්න තැනක් නැත්නම් අපිත් ඉස්සෙල්ල කියපු අය වගේ නේද? අපිවත් අපේ සින්නන්වත් ජුන්නන්වත් කැමති වෙයි කියල කවදාවත්ම හිතන්න බෑ.
මේක කවුරු හරි අපේ සින්නෙක් කියවනව නම් අපිට එකතු වෙන්න. අපි හැමෝම අපේ ආයතනය ඉදිරි පරපුරටත් රැකගන්න එකතු වෙමු. මේ අපිට නැගිටින්න කාලය ඇවිත් කියල මගේ හිත තදින්ම කියනව. ඒත් අපි මේක උද්ගෝෂණ කරල දිනා ගන්න තීරණයක් නෑ. අපි ඔය හැමෝගෙම උදවු බලාපොරොත්තු වෙනව. 

5 comments:

  1. හුම්...වැදගත් දෙයක්...

    ReplyDelete
  2. හැමදේම හැමදාම වෙනස් වෙනවා. මේ වෙනස් වීම හොදවිදිහට වෙනවද කියල හොයල බලන්න වෙනවා. ඒක කරන්න සමහර විට අපි හැමෝටම එකතුවෙන්න වෙනවා නම් පරක්කු වෙන්න හොද නැහැ. යුද්ධ කරන්න නෙවෙයි අපේ දේ රැකගන්න. සමහරු TTI ගියා කියල කියන්නවත් කැමති නැහැ. අපේ කම දන්නා හැමෝම එකතු වෙන්න.

    ReplyDelete
  3. පැහැදිලි මදි. නව නමකින් පටන් ගන්න හේතුව මොකක්ද?

    ReplyDelete
  4. නව නමකින් පටන් ගන්න හේතුව මොකක්ද?

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න