Feb 25, 2011

මේ අවසානයද?

කොහොමද ළමයිනේ...
අද සර්ගෙ අන්තිම පාඩම කරන දවස වෙන්න පුළුවන්.
කවදාවත් මම නොසිතූ පරිදි මගේ බ්ලොග් එකට මා විසින්ම නැවතීමේ තිත හෝ කොමාවක් දාමීමට සිදුවී ඇත. අද මේ පෝස්ට් එක සම් පූර්ණ නොවී පබ්ලිෂ් වෙන්න පුළුවන් එහෙම වුනොත් බොහොම කණගාටුයි. අද හවස 3.00ට මම මෙච්චර දවසක් හිටපු ගෙදර අතහැර වෙනත් පැත්තකට යනව. සති අන්තයකදීවත් නිවාඩුවක් ලැබෙයිද කියල සුවර් කරල කියන්න අමාරුයි. ඒත් මගේ අනාගතේ කියන එක වෙනුවෙන් මේක කරන්නම වෙනව. මෙච්චර කාලයක් මගේ ලිපි කියවපු, මගේ වැරදි අඩුපාඩු කියල දුන්න, කොමෙන්ට් දාපු, මට බැනපු හැමෝටම බොහොම ස්තුතියි. මේ මාස 3ක විතර බ්ලොග් ජීවිතෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ මහා නපුරුයි කියා සිතා සිටි සමාජය තුල සොඳුරු සිතැත්තන්, කලණ මිතුරන් සිටින බව දැන ගත්ත. අළුත් මිතුදම් හැදුන. මම හිතනව ඔයාල මාව අමතක කරන එකක් නෑ කියල. මමත් ඒ සුන්දර මතක එක්ක ජීවිතය ගෙනියන්නම්. මේකට දාන කොමෙන්ට් වලට මට රිප්ලයි කොමෙන්ටු දාන්න වෙන එකක් නෑ. ඒක නිසා මම මේ වෙලාවෙම කියවන, කොමෙන්ට් කරන හැමෝටම ස්තුතියි. දිළුම් අයියෙ අයිය වෙනුවෙන් සුබ පතනව ඉක්මනටම සනීපවෙන්න කියල. මම මට පුළුවන් හැමදේම කරනව.....




මා ඉතින් යන්න යනවා

මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි...... 


ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි...... 


සඳ එලිය අයිති ලොවටයි

සඳ අයිති අහසටයි

උණු කඳුළු බින්දු පමණක්

මේ බිමට වැටෙනු ඇයි

මට උරුම එපමණයි......


යන්නට ඇතත් යන්න හිතක් නැත ඔබ දමා
හැකි සැම විටම එන්නෙමි ඔබ සොයා
බ්ලොග් අවකාශයේ මිතුරනි
සිතින් මා ඔබ ළඟමය
මේ දිවිය ඇති තුරා...

ඔබේ සිනා ළඟ  නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ  සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමි
ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝතලයේ....
ආයුබෝවන්
සුබ අනා නොගත් අනාගතයක්
මම යනවා...

7 comments:

  1. හප්පුච්චේ......කරන්න දෙයක් ඇත්තෙම නැද්ද,,,මෙහෙම කරන්න..බ්ලොග් එක ඩිලීට් කරන්න එපා..තියෙන්නේ අරින්න..පුලුවන් වෙලාවක ඇවිල්ලා එකක් ලියල යන්න..අපි එනවා බලන්න...

    ReplyDelete
  2. ඔව් මොනවා උනත් බ්ලොගේ මකන්න එපා

    ඉදල හිටලා හරි ලිපියක් දාන්න

    ReplyDelete
  3. යන්න වෙනවනම් කරන්න දෙයක් නෑ තමා ඒත් ඉඩ ඇති වෙලාවක ආපහු එන්න.

    ReplyDelete
  4. ලොල්ය.... අනේ සිරා මෙක මකන්න නම් එපා. මේ සයිබරය ඇතුලෙ මට හම්බ විච්ච හොද යාලුවෙක්. ඔයාට පුලුවන් වෙලාවක් ඇවිත් පොස්ට් 1ක් දාල යන්න. අපි ඒව බලනව. අනිව. තිත නම් තියන්න එපා.!!!

    ReplyDelete
  5. මොකද්ද කේස් එක පිටරට ජොබ් එකකටවත් යනවද? එහෙම වුනත් ඔය ලැපක් වගේ එකක් තියාගෙන වැඩේ ශේප් කරගන්න පුලුවන්නෙ.

    ReplyDelete
  6. බ්ලොග් එක මකන්න එපා..ඔයාට මතකෙටවත් තියා ගන්න... පුලුවන් හැමවෙලෙම ලිපියක් දාන්න... තමන්ගේම අනාගතය හන්දා හොදින් හැමදේම කරන්න.. අද දේ අදම කරන්න බ්ලොග් එක ඔයාට හෙටත් තියෙයි... ඔයාට සුබ අනාගතයක්..

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න