Apr 11, 2013

අළුත් අවුරුද්ද....


මේ දවස් වල සිතුවිල්ල බෝම සතුටින් තමා ඉන්නෙ. මොකද සිතුවිල්ලට ගොඩක් පරණ යාළුවෙක් ආපහු ලැබුණනෙ. දුකෙන් හිටපු සිතුවිල්ල දැන් ආයිත් හිනා වෙලා සන්තෝසෙන් ඉන්නව කියල යාළුවො පවා කියනව. ඇත්තටම හොඳ යාළුවෙක්ට හිතේ තියෙන දුක් නැති කරන්න පුළුවන් කියල මම විස්වාස කරේ නෑ. ඒත් මම හිතන් හිටපු දේ වැරදි කියල එයා ඔප්පු කරල පෙන්නුව. එහෙම යාළුවෙක් ළඟ ඉන්න කොට ජීවිතේ කොච්චර සුන්දරද කියල හිතෙනව. ඒත විභාගෙ දැන් ළඟ එනව. 19 වෙනිද! අවුරුදු කන්න තිබුනු ආසාව නම් සිතුවිල්ල අමතක කරල දාල ඉවරයි. එහෙම් කියල කරන පාඩමකුත් නෑ. දැන් සිතුවිල්ලේ විශේෂ අවුරුදු සුභ පැතුම.


“සකල ලෝකවාසී සහ සියලු පිට සක්වල වාසී, සියලු අපා දෙපා සිවුපා බහුපා සියළුම කියවිය හැකි හෝ මෙම පණිවිඩය තේරුම් ගත හැකි හෝ නොහැකි සියල්ලන් වෙත 2013ක් වූ බක් මස 14ක් වූ ඉරු දින ලබන සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සෞභාග්‍යමත් නව වසරක් වේවායි පැතන්නේ මගේ සිතුවිල්ල වෙබ් අවකාශයේ අධිපති සහ සේවක කැල.“

ඔන්න ඉතින් අපේ සිංහල සහ හින්දු අයට අළුත් අවුරුද්ද 14 උදා වෙනව. ජෝතිෂ්‍ය්‍යේ කියන විදියට නම් වෙන්නෙ සුර්යයා මීන රාශියේ ඉඳල මේෂ රාෂියට ගමන් කරනව. විද්‍යාවද නැත්නම් ජෝතිෂ්‍ය හරිද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ. මොකද කවුරුවත් ඉර ළඟට තියා වෙන ග්‍රහ ලෝකෙකටවත් නොගිහින් කරන මේ කතා විස්වාස කිරීම හෝ නොකිරීම ඔයාලට බාරයි. ඒත් අපිට පෙනෙන විෂ්වයේ මැද නම් අපි ඉන්න තැන කියල මම විස්වාස කරනව. ඒක ඔප්පු කරන්න නම් මේ වෙලාවෙ යන්නෙ නෑ. ඒකට ආලෝකයේ වේගෙන් එන පෝටෝන අපි වෙතට ඇවිත් අපිට පේන්න පුළුවන් උපරිම දුරක් තියෙනව කියල තේරුම් ගන්න පුළුවන් අයට මෙහෙම කියන්නම්. එහෙම නම් අපිට පේන්න පුළුවන් සීමාව හැම තිස්සෙම විශාල වෙනව. ඒ සීමාවෙ විෂ්වයේ ඇතිවීම සිදු වෙනව දකින්න දවසක තාක්ෂණය දිවුණු යුගයක පුළුවන් වෙයි. ඒ අපිව කේන්ද්‍ර කර ගත් ගෝලයක් විදියට. එහෙනම් අපිට පේන විෂ්වයේ කේන්ද්‍රය අපි නේද? ගණිතයට අපි නොදන්න ඕනෙම දෙයක් හරි හෝ වැරදි කියල ඔප්පු කරන්න හරි ලේසියි. ඒත් ඒ ඔප්පු වුනු දේ හරි දෙයක් වෙන්නෙ ඒකට ගන්න දත්ත, උපකල්පන හා අනිත් ඔක්කොම දේවල් 100%ක් හරි වුනොත් විතරයි. එයින් එකක් හරි වැරදි නම් ඔප්පු කරල තියෙන්නෙ බොරුවක්.
මේ දවස් වල ඉතින් තනිකඩ වීමේ වාසිය උපරිමෙන්ම සිතුවිල්ල විඳිනව. අතේ තියෙන සල්ලි, වෙලාව ඔක්කොම ඉතුරුයි. අපේ තනිකඩ නැති අය දැක්කම දුකත් හිතෙනව. රෙදි මළු උස්සන් රට වටේ තියෙන රෙදි කඩ ගානෙ ඇවිදින එකේ දුක සිතුවිල්ලටත් හොඳට මතකයි. දැන් තියෙන අළුත්ම වැඩේ තමා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන එක. ඒක දැන් රැල්ලක් වෙලා. ඒත් අහිංසක මුස්ලිම් මනුස්සයො එදා වේල හොයා ගන්න කරන පුංචි කඩ වලින් ඔය කියන රාජ්‍ය විරෝධී දේවල් වෙනවද කියල නම් සැකයක් තියෙනව. ඒත් ඉතින් දැන් ඇත්තටම අපේ අයගෙ ව්‍යාපාර වැටිල තියෙන්නෙ මොකද කියල හිතල බලන්න. සිංහල කඩේකින් කවදාවත් අපි බලාපොරොත්තු වෙන සේවාවක් ගන්න හෙන කට්ටක් කන්න ඕනෙ නේද? ඒත් මුස්ලිම් කඩේක එහෙමද? නෑ. අන්න එතනයි අපේ බිස්නස් වලට වැරදුනු තැන. ඒක හදාගන්න කම් මුස්ලිම් ව්‍යාපාර ලංකාවෙ රජ කරයි.
තව අපේ රටේ ඉතිහාසයක් තිබුණ. අපි ඒ ඉතිහාසෙ වර්ණනා කරනව මිසක් කවදාවත් අපි ඒක මතින් මේ පුංචි රට ලෝකෙන් උතුම් රට කරන්න පුළුවන් කියල හිතල කවුරුවත් වැඩ කරන්නෙ නෑ. රාවණ කථාව පවා මිත්‍යාවක් කිවුවත් ඒ කතාවෙත් යම්කිසි ගන්න පුවවන් දෙයක් තියෙනව. පෙරදිග අපරදිග කියන මේ දෙපැත්තෙම මේ වගේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන කථාවක් ඉබේම ඇති වෙයි කියල හිතන්න අමාරුයි නේද? ඒ කථාවෙ කියන බලවත් රජතුමා අපේ පුංචි රටේ රජතුමා කියල කියනකොට කොච්චර ආඩම්බරයක් අපිට ඇති වෙනවද? ඒත් ඒ රජතුමා අපේ දිහා දැක්කොත් කොච්චර දුක් වෙයිද? අපි මෙහෙම මෝඩ වැඩ කර කර පරණ දේවල් ගැන කිය කිය අළුත් දෙයක් නොකර හිටියොත් අපිට අනාගතයක් නැති වෙයි.
අපි රටක් විදියට එකතු වෙමු ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට කරමු. අයිත් මේ ලෝකෙට අපේ බලය පෙන්නමු. අපේ රටේ තවත් යුද්ධ අපිට ඔනෙ නෑ. දැන් අපේ රටේ ඉන්න පුළුවන් එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකික ජතිය. අපි හැමෝම එකතු වෙමු. උදා වෙන අළුත් අවුරුද්දෙදි පරණ තරහ මරහ අමතක කරල අළුත් විදියට හිතල හැමෝම දියුණු ජාතියක් වෙමු. අපි හැමෝම එක අම්ම කෙනෙක්ගෙ දූදරුවන් වගේ අපේ රට ගොඩනගන්න එකතු වෙමු.
හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!

3 comments:

  1. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. සුබ එකක් වේවා ඔබටත් අවුරුද්ද ලබන එක...

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න