Apr 16, 2013

පිළිතුරක්............


IET එක ගැන ලියපු දේට ඇනෝ කෙනෙක් ඇවිත් කොමෙන්ටුවක් විදියට අහපු ප්‍රශ්ණයක් තිබුණ බලපු අය දකින්න ඇති. නම වෙනස් කරන්න හේතුව මොකක්ද කියල. ඒකට උත්තර දෙන්නත් මේ අවුල ගැන තවත් විස්තර කරන්නත් එක්ක මේ පෝස්ට් එක දාන්න හිතුන.

TTI කියන නම IET වුනු හැටි ගැන මම ඉස්සෙල්ල ලිවුව. ඒත් දැන් IET කියන එක UNIVERSITY COLLEGE OF GAMPAHA කියල වෙනස් කරන්න හදනව කියල කියල ඔයාල දන්නව ඇති. ඒකට ප්‍රධානම හේතුව තමයි අද වෙනකොට UNIVOTEC කියන උපාධි දෙන්න ඇති කරපු ආයතනය සඳහා අවශ්‍ය කරන ශිෂ්‍යයන් සැපයීමට ක්‍රමයක් නැති වීම. ඒ වගේම දේශකයන් පිළිබඳ ගැටළු සහ විෂය මාලාවේ ගැටළු මත විෂ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අනුමැතිය නොලද තත්වයක් මත UNIVOTEC උපාදිය කිසිදු ආයතනයක් පිළිනොගන්නා තත්වයක පවතී.
මේ ගැටළුව මත එහි මේ වන විට උපාදි සිහිනය සැබෑ කර ගැනීමට UNIVOTEC හි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ NDES, HNDE, NDT ඩිප්ලෝමා ධාරී පිරිස් පවා එම පාඨමාලාවන් අත්හැර යන තත්වයක් ඇති වී තිබේ. ඒ සඳහා ලංකාවේ දිස්ත්‍රික්කයකට එක බැගින් UNIVERSITY COLLEGE කියන තවත් UNIVOTEC හි පාඨමාලා සඳහා අවශ්‍ය පිරිසක් නිපදවීම ඉලක්ක කර ගත් ආයතන සමූහයක් ආරම්භ කිරීමේ ව්‍යාපෟතියක් ආරම්භ කර UNIVOTEC නැවත පුරවාලීමේ මේ වැඩසටහනට අප කිසිදු විරෝධතාවක් නැත. අපි ඉල්ලන්නෙ මේ වසර 30කට ආසන්න කාලයක් තුල NDES අවසන් කළ කිසිදු අයෙකුට රැකියා අර්බුදයක් ඇති නොවූ අතර UNIVOTEC වෙත ඔවුන් බොහෝ දෙනා යොමු නොවීමට හේතුව එයයි. අපිට මේ වෙනකොට NVQ Level එකක් එක්ක සහතිකයක් දෙන්නේ නෑ. ඒත් කාට හරි අපේ NVQ LEVEL එක ඕනි නම් NVQ මට්ටමකට සමගාමී කරල තියෙනව NVQ 6+ කියල. ඒක අපිට මේ වෙනකම් රස්සාවල් ලැබුනෙ මේ NVQ මට්ටමක් නිසා නෙමෙයි. අපේ සීනියර් අය NDES අයට තියෙන හැකියාවන් ලෝකෙට පෙන්නල අපිට අරන් දුන්නු තැන නිසයි.
නමුත් මෙම නව UNIVERSITY COLLEGE ක්‍රමය තුලින් UNIVOTEC වෙත යොමු වන පිරිස වැඩි වනවා නම් ඇත්තටම එහි අරුත පොඩ්ඩක් හිතල බලන්න. ඒ ආයතනයට NDES ඩිප්ලෝමාධාරියෙකුගේ හැකියාවන් හෝ සුදුසුකම් ඇති අයෙකු බිහි කරන්න හැකි වෙයිද කියල. ඇත්තටම ඒක විය නොහැක්කක් නේද?
එසේ නම් අපි හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ අපේ පුංචි ආයතනය නැති කරන්නේ නැතිව වෙන කොතනක හරි තැනක යුනිවර්සිටි කොලේජ් ගම්පහ ශාඛාව නොහොත් UNIVERSITY COLLEGE OF GAMPAHA අරබන්න. ඒකට ඕනි නම් අපිත් උදවු කරන්නම්. මේ අඩුපාඩු තිබුණත් කොහොම හරි ලස්සනට දුවන අපේ ආයතනයත් අපේ NDES ඩිප්ලෝමාවත් ඉදිරි පරපුරටත් ඉතිරි කරන්න.

2 comments:

  1. සහෝ ඔබ කියන ආකාරයේ දෙයක්නම් මම මෙතෙක් දැක්කේ නෑ මොකද මමත් වෘත්තීය තාක්ශණ විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න කෙකෙක්. NDES, HNDE, NDT කරපු හුගාක් දෙනෙක් මෙතන ඉගෙනගන්නවා, මම මගේ diploma එකෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට වගේම උපාධියක් ලබාගැනීමටයි මේ Univotec එකට ඇතුල් උනේ. මම වගේම මෙතන ඉන්න අය විවිධ තාක්ෂණ ක්ෂේත්‍රයනගේ රැකියා කරන ඒ වගේම සමහරු රැකියාවලින් ඉවත්වෙලා ආව අය ඒ අතර රැකියා ස්ථානයෙන් වියදම් දරමින් සමහරුන්ව රැකියාවෙන් වැටුප්ද සහිතව නිදහස් කල අයත් ඉන්නවා. ඒ හැමෝම දැනුමත් එක්ක තමන් ගත්ත ඩිප්ලොමාවට වඩා වැඩි සුදුසු කමක් ලබාගන්නයි මෙතනට ඇවිත් තියෙන්නේ. මෙතනින් දෙන්නේ ලෝකෙම පිලිගත්ත B.Tech කියන උපාධිය. ඒත් එක්කම කියන්න ඕන NDT කල පලියට ඒ කෙනා ඉංජිනේරුවෙක් නොවන බවත් දැනට UNIVOTEC එකේ B.Tech එක IESL හි Accredited නොවන නිසා එයත් ඉංජිනේරු උපාධියක් නොව Engineering Technologist (ඉංජිනේරු තාක්ෂණ ශිල්පී) වන බවත්. මොකද NDES, HNDE, NDT කල බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ ඒ අය ඉංජිනේරුවන් වන බව (ඒකනේ මොරටුව NDT ශිෂ්‍යයයොයි මොරටුව කැම්පස්එකේ ඉංජිනේරු ශිෂ්‍යයයොයි එක්ක හැමදාම වලි :D )
    තව දෙයක් "අපිට මේ වෙනකොට NVQ Level එකක් එක්ක සහතිකයක් දෙන්නේ නෑ" කියලා තියන එක නම් අනුමත කරන්නෑ මොකද ඒක ඔබතුමා ඔය මහත්සේ අගයකල ආයතනයේ වැරැද්දක්. ඇයි මම එහෙම කියන්නේ ඔබ හැදෑරූ පාඨමාලාව ඔබ ආයතනය විසින් TVEC හි ප්‍රථීතනය නොකල නිසයි NVQ සහතිකය ඔබට නොලැබුනේ. අනෙක් බොහෝ ආයතන තම ශිෂ්‍යයන්ගේ යහපත වෙනුවෙන් (පාඨමාලාවට අදාල සහතිකය සමග NVQ සහතිකය ලබාදීමට) තම පාඨමාලා "තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC)" හි ලියාපදිංචි කර තිබෙනවා. මට නම් ආයතනයේ නම වෙනස් වීම ගැන ගැටලුවකට වඩා මෙතන පේන්නේ IET එක UNIVERSITY COLLEGE ලෙස වෙනස් කර ඉන් පසුව පාඨමාලා හදාරන සිසුන්ට National Diploma in Engineering Sciences certificate සමග NVQ 5 or 6 ලබාදීම පිලිබඳ පුංචි ඊරිසියාවක් ඇති බව.

    ReplyDelete
  2. Sahan mn oyath ekka ekagai.. mamath Univotec eke Student kenek.. mee kiyana kisima deyak mamanm tama univotec eke dekke nee..

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න