Jan 23, 2015

ප්‍රේමණීය පුණර්භවය සයවන කොටස - අළුත් දවසක්



            හැම කෙනෙක්ම හොඳින් ඉන්නව ඇති කියල හිතනව. සිතුවිල්ල බොරු පොරොන්දු දෙන්නෙ නෑ. හැම පොරොන්දුවක්ම වගේ ඔන්න ඊළඟ කොටස අරන් ආව. පොරොන්දු ඉටු කරන්න ඉතින් පොඩි කට්ටක් කන්න නම් වෙනව. ඒත් අවුලක් නෑ. මේක සිතුවිලි කියවන්න එන හැම කෙනෙක් වෙනුවෙන්ම සිතුවිල්ල කරන ප්‍රජා සත්කාරයක් නොවැ. දැන් කට්ටිය කියන්න එපා සිතුවිල්ලත් ඡන්දෙ ඉල්ලන්න හදනව කියල. මොකද අපේ අය ඒ වගේ වැඩ වලට නම් අනිත් වැඩවලට නැතත් ගොඩක් දක්ෂයිනෙ. දැන් වෙලාව රෑ 11 :20යි. ඔන්න මේක ලියල තමා අද සිතුවිල්ල නිදාගන්න යන්නෙ. දර්ශි සමන්ත ගැන හිතෙන දේවල්. කතාවෙ මොකක් හරි වැරද්දක් එහෙමත් නැත්නම් වෙනසක් වෙන්න ඕනෙ තැනක් තියෙනව නම් කොමෙන්ට් එකක් දාන්න. බුකියෙනුත් දැන් යාළුවොන්ට කොමෙන්ට් දාන්න අවස්ථාවක් සිතුවිල්ල දීල තියෙනව. ලොග් වෙන්න කම්මැලි නම් google තෝරන්නෙ නැතිව Anonimus තෝරල කොමෙන්ට් එක දාන්න. අගට නම කොටන්න. එහෙම නැතිව කොමෙන්ට් කරා කියල සිතුවිල්ලගෙ කිසිම තරහක් නෑ. අපි කතාවට යමු දැන්.


Jan 17, 2015

ප්‍රේමණීය පුණර්භවය පස්වන කොටස - ප්‍රකාශයට පෙර


පළමුකොටස කියවන්න මෙතන කොටන්න
ඔන්න රටේ අළුත් යුගයක් පටන් ගත්ත. සිතුවිලි කියවන්න එකතු වෙලා ඉන්න යාළුවො මේ යුගේදිවත් කතාව ගැන ඔයාලට හිතෙන දේ පොඩ්ඩක් කොටල යන්න කියල සිතුවිල්ල ඉල්ලනව මුලින්ම. සිතුවිල්ල ඡන්දෙ ගැන නම් කතා කරන්න මඩට බහින්න නම් කැමති නෑ. ඒ නිසා අපි කතාවට යමු ඉක්මනටම.

Jan 5, 2015

ප්‍රේමණීය පුණර්භවය සිවුවන කොටස - ප්‍රමාදය



දෙන්නෙක් එයාලගෙ සිතුවිලි ලියල තිබුන. සිතුවිල්ල ආසයි අනිත් අයගෙත් සිතුවිලි දැනගන්න. අපේ කතාවෙ මුල්ම අදහස හිතේ පහල වුනු කෙනා එහෙමත් නැත්නම් සිතුවිල්ලගෙ මිතුරු රුක්ෂිගෙ උපන්දිනය ජනවාරි 1වෙනිද තිබුන. එයාට ආයෙමත් සුභම සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනව. දන්නෙ නැති කෙනෙක් හිටිය නම් ඔන්න දැන් දන්නව. වැඩි කතා ඕනි නෑ. අපි මේ අවුරුද්දෙ හා හා පුරා කියල ලියන පළවෙනි කොටසට යමු.

Jan 1, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා.....

මේ සැරේ අළුත් අවුරුද්ද ලබන්නේ සීතල කාලගුණේක වුනත් උණුසුම් දේශගුණයක් එක්ක. සිතුවිල්ලට නම් ටිකක් සීතලයි වගේ.උණද මන්ද. නෑ නෑ වෙන්න බෑ.කමක් නෑ. මෙන්න සිතුවිල්ලගෙ විශේෂ අළුත් අවුරුදු සුභ පැතුම් මෙවුව එක. (වචනෙ මතක නෑ බොල)

"සියලු ලෝක වාසී ලෝක නොවන වාසී (නැත්නම් ලෝකයන්ට විතරක් වෙනවනෙ) අහසේ පොලවේ මුහුදේ සහ අනෙකුත් හැම තැනකම වසන්නා වූ සෑම කෙනෙක් හටම අදින් උදා වූ (අනේ මෙහෙමත් වුන්. උදා කිවුවෙ උදාහරනෙට නෙමෙයි. මගේ මෙවුව එක කියන්න දෙන්නෙත් නෑනොවැ) දෙදහස් පහලොව නව වසර කිරියෙන් හා පැණියෙන් උතුරන අළුත්ම අදහස් මල් පල ගැන්වෙන, සතුට පිරුණු සුභම සුභ නව වසරක් වේවා!"
comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න