අද සර්ගෙ අන්තිම පාඩම කරන දවස වෙන්න පුළුවන්.
කවදාවත් මම නොසිතූ පරිදි මගේ බ්ලොග් එකට මා විසින්ම නැවතීමේ තිත හෝ කොමාවක් දාමීමට සිදුවී ඇත. අද මේ පෝස්ට් එක සම් පූර්ණ නොවී පබ්ලිෂ් වෙන්න පුළුවන් එහෙම වුනොත් බොහොම කණගාටුයි. අද හවස 3.00ට මම මෙච්චර දවසක් හිටපු ගෙදර අතහැර වෙනත් පැත්තකට යනව. සති අන්තයකදීවත් නිවාඩුවක් ලැබෙයිද කියල සුවර් කරල කියන්න අමාරුයි. ඒත් මගේ අනාගතේ කියන එක වෙනුවෙන් මේක කරන්නම වෙනව. මෙච්චර කාලයක් මගේ ලිපි කියවපු, මගේ වැරදි අඩුපාඩු කියල දුන්න, කොමෙන්ට් දාපු, මට බැනපු හැමෝටම බොහොම ස්තුතියි. මේ මාස 3ක විතර බ්ලොග් ජීවිතෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ මහා නපුරුයි කියා සිතා සිටි සමාජය තුල සොඳුරු සිතැත්තන්, කලණ මිතුරන් සිටින බව දැන ගත්ත. අළුත් මිතුදම් හැදුන. මම හිතනව ඔයාල මාව අමතක කරන එකක් නෑ කියල. මමත් ඒ සුන්දර මතක එක්ක ජීවිතය ගෙනියන්නම්. මේකට දාන කොමෙන්ට් වලට මට රිප්ලයි කොමෙන්ටු දාන්න වෙන එකක් නෑ. ඒක නිසා මම මේ වෙලාවෙම කියවන, කොමෙන්ට් කරන හැමෝටම ස්තුතියි. දිළුම් අයියෙ අයිය වෙනුවෙන් සුබ පතනව ඉක්මනටම සනීපවෙන්න කියල. මම මට පුළුවන් හැමදේම කරනව.....