Nov 26, 2011

කඳුලක මතකයක්


මට වෙලාවකට හිතෙනව මට කවදාවත් තව කෙල්ලෙක් ගැන හිතන්න පුළුවන් වෙයිද කියල. ඒත් මම පුළුවන් තරම් මගේ හිතේ වද දෙන මේ පරණ මතක අමතක කරන්න හැදුවත් තාමත් පොඩි පෙඩි දේවල් වලින් පරණ මතක මතක් වෙලා මගේ හිතේ ගින්දර තව තව අවුළුවනව. 

Nov 20, 2011

මාතර කොළඔ දුම්රිය මාර්ගය අළුත්ම...


මේ තියෙන්නෙ ගාල්ල අළුත්ගම කොටසේ අළුත්ම ඡායාරූප ටිකක්. මේ පොටෝ කෑලි ටික ගන්න උදවු කරපු අපේ 05 බැච් එකේ වොචා අයියට බොහොම ස්තුතියි. මේ ටිකේ මමත් ඇති.... (දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් යටතේ ඡායාරූප ලබා ගන්නා ලදී.)

කොල්ලන් ගැන කරුණු 50ක්


මේක මම බුකියෙ දැක්ක විශේෂ එකක්. ඒක නිසා දාන්නෙ. අයිතිය කජුවත්ත එක්සත් Cricket සමාජය සතුය. මට හිතෙන විදියට මේ දේවල් 100% ක්ම ඇත්ත.

 1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත

 2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.

 3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.

 4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.

 5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.

Nov 12, 2011

මිතුරේ.....

හැම සිනාවක්ම මහා කඳුළු කන්දක් හංගගෙන ඉන්නව කියන දේ මට ඉස්සර තේරුනේ නැතත් මාතර කොළඔ අධිවේගී පාර දැක්කම මට ඒක තේරුනා. අද හැමෝම හිනා වෙවී කථා කරන දෙයක් උනත් ඒක අපි දහස් ගනනක් දෙනෙක්ගෙ කඳුළු ගංඟාවක් හංගගෙන කිසිම දෙයක් නොවුනු, නොදන්න විදිවට ඉන්නව. 2009 වෙසක් මාසෙ දවසක් අපිට උදා වෙන්නෙත් වෙනද වගේමයි. දෙවෙනි වර ඒ ලෙවෙල් එකට වැඩත් ගොඩයි. මුළු දවසම ගෙවුනෙ පොත් එක්ක.

Nov 5, 2011

සරල පරීක්ෂණයක් - ඉස්කෝලෙ සිද්ධි 5

කොහොමද කට්ටියටම... මට පහුගිය දවස් ටිකක් වැඩ වැඩිපුර තිබුන. ඒක නිසා පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් ලැබුනෙ නෑ. මගේ යාළුවගෙ අම්මගේ රෝග ලක්ෂණ දැන් නම් ටිකක් අඩු වෙලා. ඔයාලගෙ හැම ප්‍රාර්ථනාවකම බොහොම ස්තුතියි.

හැමෝගෙම පාසල් කාලය කියන්නෙ බොහොම රසවත්, ඒ වගේම අමතක නොවෙන කාලයක්. අන්න ඒ වගේ කථාවක් තමයි අද කියන්න කියල හදන්නෙ. මේ සිද්ධිය වෙන කාලෙ වෙනකොට අපි Aලෙවෙල් කරන්න ගොඩක්ම කිට්ටු දවස්. අන්තිම දවස් වලට ඉතින් කට්ටිය ගොඩක් ඉස්කෝලෙ එනවනෙ. (පන්තියකට පහක් හයක් විතර) හැබැයි මමයි තව සෙට් එකක් හිටිය අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලෙ ආව.
comments

අළුත්ම පෝස්ට් කියවන්න.

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය
^ උඩටම යන්න