විස්තර

ආයුබෝවන්.....

මම හිතුව මේ බ්ලොග් එක ගැන පොඩි විස්තරයක් දාන්න ඕනෙ කියල. මොකද බ්ලොග් එකකට එහෙම දේකුත් තියෙන්න ඕනෙ කියල මට හිතෙනව. නැත්නම් ඒක පොඩි අඩුවක් කියල හිතෙනව.

මේකෙන් මම වැඩියෙන්ම කරන්නෙ මට හිතෙන දේවල් ඔයගොල්ලන්ට කියන එක තමයි. හැබැයි එහෙම කියල හිතෙන හැමදේම නම් කියන්නෙ නෑ. (මොකද එහෙම කියන්න ගියොත් මට ගෙදර නෙවෙයි ඉන්න වෙන්නෙ මහගෙදර.) තව ඉතින් ඔය එක එක විහිළු කථා, මට වෙච්ච ඇබැද්දි එහෙමත් තියෙනව කියන්න.මාත් එක්කම ඉන්න එතකොට ඔයාලටත් පුළුවන් ඒව දැනගන්න.

මම ඉතින් මේ කලාවට අළුත්කෙනෙක්. පොඩි පොඩි වැරදි එහෙමත් ඇති. ඒක නිසා මට ඔයගොල්ලන්ගෙ කොමෙන්ට් එහෙම ගොඩාක් වටිනව. ඒක නිසා ආපු වෙලාවට කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

මේ බ්ලොග් එකට එන අයගෙන් මට පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි ආපහු යන්න ඉස්සෙල්ල මේ බ්ලොග් එක හොඳයි නම් මේකෙ ෆලෝවර් කෙනෙක් වෙන්න. ඒක ඇත්තටම මට ලොකු හයියක්.

මගේ ලිපියකින් ඔයාල කාගෙ හරි හිත් රිදවීමක් වුනා නම් මම අවංකවම කණගාටු වෙනව. ඒ වගේම මේ තියෙන ලිපි හැම එකක්වත් කවුරුවත් හෙලාදකින්න හරි කාටවත් මඩ ගහන්න කරපු දේවල් නෙවෙයි කියල මම වගකීමෙන් කියනව.

මට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව නම් මගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත ලැබෙන්න සලස්වන්න.
විද්‍යුත් තැපැල් ලිපිනය :


comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න