Feb 22, 2011

තරුවකට දුර මනිමුද?

ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?
අද නම් ඉතින් සිතුවිලි සර් ඇත්තටම පාඩමක් කරන්නයි යන්නෙ. මේක අයිති වෙන්නෙ තාරකා විද්‍යාවට. මම කලින් ලියපු ලිපි ගොඩකම කියල තියෙනවනෙ සිතුවිලි සර් තරු වලට ගොඩක් ආස සිතුවිල්ලක් කියල. ඉතින් මම කියල දෙන්න හදන්නෙ අසම්පාත ක්‍රමයෙන් තරුවකට දුර මනින විදිය. මේ ක්‍රමය තමයි තියෙන පහසුම ක්‍රමය. ත්‍රිකෝණමිතියෙ පොඩි වැඩක් තියෙන්නෙ.

අසම්පාත සංසිද්ධිය


1 රූපය

මේ තියෙන්නෙ මම කියන්න යන තියරියෙ පොඩි සටහනක්. මේ ක්‍රමයෙන් දුර මනින්න අඩුම තරමින් මාස 6ක කාලයක් යනව කියල මුලින්ම කියන්න ඕනෙ නැත්නම් ඉතින් අර කඩුව ගිලින හැටි රේඩියෝ එකෙන් අහන් කරන්න ගිහින් වෙච්චදේ තමයි වෙන්නෙ.

2 රූපය
මුලින්ම තරුව තියෙන්නෙ අපේ කක්ශයට මොන කෝණයකින්ද කියල හොයාගන්න ඕනෙ. (2 රූපය ඉහල කොටස). මේක අනිවාර්යයෙන්ම කළ යුතු නැත. අර තවත් එක සම්ප්‍රදායක්. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තරුව තියෙන දිශාව සොයාගන්න එක(2 රූපය පහල කොටස) . (මේහිදි ප්‍රථිවියේ භූ දුරකයේ සිටින විට කෝණය සාමාන්‍යයෙන් මණිනු ලබයි.) 

3 රූපය
ඊට පස්සෙ තියෙන්නෙ අපිත් එක්කන් පොළව අර තරුව, ඉර සහ ප්‍රථිවිය සෘජුකෝණී ත්‍රිකෝණයක (මතක නැත්නම් 3 රූපය මගින් පෙන්නුම් කරන්නෙ  සෘජුකෝණී ත්‍රිකෝණයක්.) පිහිටුමකට එනකන් ඉඳල 1 රූපයේ තියෙන γ කෝණය මැණ ගන්න එක. දැන් කට්ටිය කල්පනා කරාවි මේක කොහොම මනින්නද කියල.
4 රූපය
 හරි ලේසියි. තරුව පෙනුන වෙලාව සහ තරුවේ නිවැරදි පිහිටීම සටහන් කර ගන්න. පිහිටීමෙන් ගණනයට ඕනෙ වෙන්නෙ තරුවේ උන්නතාංශය (4 රූපය) පමණක් වන අතර එය ඉතාම නිවැරදිව (උන්නතාංශය අංශකයකින් 3600න් පංගුවක වත් නිරවද්‍යතාවක් සහිත වීම අවශ්‍ය වේ.) මැන ගත යුතුය. මෙහිදී ප්‍රථිවිය පැයකට අංශක 15කින් හැරෙන බව මගින් මධ්‍යම රාත්‍රී 12ට උන්නතාංශය ගණනය කර ගන්න. ඔබට ලැබෙනුයේ -අගයකි. එය ප්‍රවේසම් සහගත තැනක ආරක්ෂා සහිතව තබන්න. තවත් මාස 6ක කාලයකින් නැවතතු ප්‍රථිවිය පෙර පිහිටීම වැනි පිහිටීමකට පැමිණේ. එවිට පෙර පරිදිම එම තරුවේ උන්නතාංශය මිනුම් කරගැනීමෙන්  β කෝණයද මැන ගන්න.

දැන් ඔබට සරල ජ්‍යාමිතික මූලධර්ම මගින් P කෝණය ගණනය කරගත හැකිය. මෙතනින් පස්සෙ තියෙන්නෙ පුංචි සුළු කිරීමක්.(ගණනක් හදන්න) මම අන්තිම ප්‍රතිඵලේට කෙලින්ම යනව.

P α 1/d
මේ තියෙන්නෙ සමානුපාතයක්. ඒ කියන්නෙ P යම් ප්‍රමාණයකින් වෙනස් වුනොත් P සහ d අතර අනුපාතය වෙනස් නොවෙන ආකාරයට d හි අගයත් වෙනස් වෙනව. ඒ නිසා අපේ රත්ත ළමය වගේ මනුස්සයෙක් කරේ පාසෙක්( parsec - සංකේතය > pc) කියල. දැන් d පාසෙක් වලින් සහ P විකලා(අංශක 1/ 3600  = විකලා 1) වලින් ආදේශ කරන විට

P = 1/d
d = 1/P" pc

දැන් පාසෙක් කියන්නෙ මොකක්ද කියල ළමයි කල්පනා කරනව ඇති.

පාසෙක් 1 = ආලෝක වර්ෂ 3.26 = තාරකාවිද්‍යා ඒකක 206,265

සූර්යයා හැර  ළඟින්ම තියෙන තරුවට දුර පාසෙක් 1.3ක් විතර වෙනව. සමහර ළමයින්ට පොඩි ප්‍රශ්ණයක් ඇති මොකක්ද මේ තාරකාවිද්‍යා ඒකක කියන්නෙ කියල. තාරකාවිද්‍යා ඒකකයක් කියන්නෙ අපේ සූර්යයාගෙ ඉඳන් ප්‍රථිවියට තියෙන දුරට සමාන දුරකට.

හිපාකස් චන්ද්‍රිකාව
මේ ක්‍රමයෙන් දුර මනින්න පුළුවන් ආලෝක වර්ශ 100ක් විතර වෙනකන් විතරයි. මොකද අසම්පාත කෝණය ඉතාම කුඩා වන විට නිරවද්‍යතාව අඩු වන නිසා. හිපාකස් මෙහෙයුම මගින් අභවකාශයට යැවුණු හිපාකස් චන්ද්‍රිකාව  ආසන්න තාරකා දහස් ගණනක අසම්පාත කෝණ ඉතාම නිවැරදිව ගණනය කර ඇත. මෙමගින් ලබාගත් දත්ත වඩා නිවැරදි වෙන්න හේතුව තමයි මේක වායුගෝලයෙන් පිටත සිට නිරීක්ෂණ ලබාගත් නිසා වායුගෝලයෙන් සිදුවන වර්තන වැනි සංසිද්ධි මගින් නිරීක්ෂණ ප්‍රථිඵල දෝෂ සහගත වීම වැලකීමයි.

ඔන්න ළමයිනේ සිතුවිලි සර්ගෙ තරු පාඩම අදට ඉවරයි....
ආයුබෝවන්.

3 comments:

  1. අප්පුච්චේ...ඒකත් එහෙමද...අර තාරකා විද්‍යා දින වලට ගියාට අපි මෙව්ව දැනගෙන ඉදියේ නෑ නේ....හික්

    ReplyDelete
  2. හොඳ ලිපියක්...මම කියන්නේ පොඩ්ඩක් මේ ඇනිමේෂන් අඩු කලා නම් හොඳයි වගේ.....ඇස් දෙකට අමාරුයි....ලස්සන බ්ලොග් එක නැත්තම්....

    ReplyDelete
  3. @රත්ගමයා මගේ පන්ති ආවනම් ඔක්කොම දන්නවනෙ :P
    @නීනු නෙරංජි ඔන්න සිතුවිල්ලට කියපුදේ කරා... දැන් කොහොමද?

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න