Feb 14, 2011

ඉස්කෝලෙ සිද්ධි 4 - අහිමිවූ ප්‍රථම පෙම

ආ ළමයිනේ කොහොමද?

කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා. කට්ටියට මාව අමතක වෙලා ගියාද දන්නෙත් නෑ. මම මේ දවස් වල ඉන්නෙ සයිබර් ජංජාලෙට එන්න ටිකක් අමාරු පැත්තක නිසා තමයි මේ ඔක්කොම අවුල.

මේක කියනවද කියල මම ගොඩක් කල්පනා කරා. ඔන්න මම මේක කියන්නයි හදන්නෙ. ඒ කාලෙ මම හිටියෙ 12 වසරෙ. මේක කියවල ඒ නංගිට බනින්න නම් එපා හොඳේ. මුල් කථා කියෙවුව අය දන්නව ඇතිනෙ අපේ ඉස්කෝලෙ සුවිසේස පිහිටීම ගැන. මම ඉස්කෝලෙට එන්ටර් වෙන්නෙ සහ පිට වෙන්නෙ අර අනිත් ඉස්කෝලෙ ළඟින්. එදා මම‍ මගේ තරු පන්ති දවස (ඉස්කෝලෙ තරු සංගමේ පොඩි අයට ඉස්කෝලෙ තියෙන පන්තියක්). එදත් පන්තිය ඉවර වෙනකොට 4 විතර වුණා. පොඩි අය යනකං ගේට්ටුව ගාවට වෙලා ඉඳල මම ගෙදර එන්න ආපහු හැරුණ. ආපහු ගෙදර යන්න හැරුණ. කවදාවත් නැතුව එදා මම යනකොට මෙන්න උඩ ඉස්කෝලෙ ළමයියෙක් ඉන්නව පාර අයිනෙ බැම්ම උඩ වාඩිවෙලා තව දෙන්නෙක් එතනට වෙලා අර ළමයට පවන් ගගහ හේත්තු කරන් ඉන්නව.


මම ටිකක් අඳුරන මගේ වහසෙ එක්කෙනෙකුත් ඔතන හිටිය. මම ඉතින් හිතහොඳ මනුස්සය නිසා මොකද අවුල කියල ඇහුව.(දන්න කෙනෙක් හිටපු හන්ද) අනේ ඉතින් අර වාඩිවෙලා හිටපු නංගිය තාම උදේට කාලවත් නැතිලු. මගේ හිතත් ටිකක් උණු වුනා. මම ඉතින් කස්ටියට පොඩ්ඩක් ඉන්න කියල පහල කඩෙන් කිරි පැකැට් එකක් අරන් ඇවිත් අර නංගියට දුන්න. ටිකකින් එයාට ටිකක් හරි ගියපු නිසා මම ආව. ඔන්න ඔහොම තමයි අපේ මුල්ම හමුවීම සිද්ධ වුනේ.

ඊට පස්සෙ දවසෙ උදේ එනකොට මම අර නංගිය යනව. එයා ඉතින් පුංචි ලස්සන හිනාවක් දාල ගියා. මමත් පොඩි හිනාවක් දැම්ම. ඊළඟ දවස් පහේම උදේට අර හිනා මාරුව උනා. (මම බදාදට ඇර අනිත් දවස් වලට පොඩ්ඩක් කලින් යන නිසා උදේට විතරයි මේ මාරුව උනේ). ඔන්න ආයෙමත් බදාදාවක් ආව. එදා මම පෙඩි අයව එක්කන් යනකන් ඉන්නකොට මෙන්න අර  නංගිය එනව... මමත් හිනාවක් දාල හිටියට මෙන්න තුන්දෙනාම ඇවිත් තැන්කූ කියල නොසෑහෙන්න බටර් ගාල ගියා. ඔය විදියට සති 3ක් ගියා. 4වෙනි සතියෙ නංගිය විතරක් මාත් එක්ක තියල අනිත් දෙන්න ගියා. මම එදා නංගියත් එක්ක කථා කරේ මොනවද කියල නම් කියන්න දැන් මතක නෑ.(ඒ තනි කරල ගියපු එක මට මෙච්චර මතක හිටින්න හේතුව නම් මම දන්නෙ නැහැ. ඒත් ඒකෙ මොකක් හරි විශේෂ දෙයක් තිබුණ) ඔහොම කාලෙ ගෙවිල ගිහින් අපි හතරදෙනා හොඳ යාවවො වුනා. ඒත් නංගියි මායි අතරෙ තිබ්බ යාළුකම වැඩිවෙලා 2007 මාර්තු මාසෙ 16 වෙනි බදාද හවස 4යි 15ට විතර (මුලාස්‍රය : 2007 දිනපොත) මම මගේ ජීවිතේ මුල්ම වතාවට කෙල්ලෙක්ගෙන් ආදරේ ඉල්ලුව. ඒත් ඒක හිතපු තරං ලේසි වුනේ නම් නෑ. විනාඩි 15ක් විතරම වටේ කැරකිල කැරකිල තමයි කියා ගත්තෙ. ඒත් ලැබුනෙ නෑ.. සතියකට පස්සෙ තමයි මට සුභ ආරංචිය ලැබුනෙ. ඒ 2007 මාර්තු 23වෙනිද (මුලාස්‍රය : 2007 දිනපොත) . එදා තමයි මට තේරුනේ ගෑණු ළමයිගෙ බෑ කියන වචනෙට තව තේරුම් තියෙනව කියල. එදා මම ගෙදර ගිහින් මගේ දිනපොතේ ඒක ලිවුවෙ
 “මගේ අඳුරු දිවියට පාර පෙන්නන්නට සොඳුරු පහන මා සතුවිය.“
 කියල. ඇත්තටම මට ඒ ලියපු එක වැරදියි කියල දැන්නම් හිතෙනව. ඒත් එතනින් පස්සෙ මට බොහොම සතුටුදායක කලක් තිබ්බ.


අර ඉස්සෙල්ල පොස්ට් එකකදි මට ස්පීඩ් කියල කාඩ් එකක් වැදුන කිවුව මතක ඇතිනේ...අන්න ඒක වැදෙන්නෙත් මේ නංගිය නිසා. මම අර උපකාරක පන්ති වලට ගිහින් ඉරිදට & සඳුදට මගේ නංගිය බලන්න යනව. මට ඉතින් තියෙන ආසාවට බයිසිකලේ යන්නෙ උඩින් වගේ. ඔන්න ඕක නිසා තමයි මට අර කාඩ් එක වැදුනෙ(සිදත් අයියේ ඔන්න ඉල්ලීම ඉටුකරා) . අපි කරපු කියපු දේවලි මතක් වෙනකොට හිතට දුකක් එනව ඒත් දැන් ඒක මට හුරු වෙලාද මන්ද. අපි වැඩිපුර මුණගැහුනෙ නැති වුනාට අපිට දකින්නෙ නැතුව ඉන්න බැරි වුනා. දැන් මට පුංචිම පුංචි උදවුවක් ආපු දුර කියල හිතෙනව.

2008 අවුරුද්දෙ මැද හරියෙදි මට තරු පන්තිය වෙන කෙනෙකුට බාරදෙන්න සිද්ධ වුනා, එතන ඉඳන් අපි මුණගැහෙන්න තිබිච්ච හොඳම ක්‍රමේ නැති වුනා. අපි ටික ටික දුරස් වෙනව කියල අපිට දැනුනත් අපි අසරණ වෙලා හිටියෙ. ඔය කාලෙදි මට දවසක් නංගිය මඟහැරුණු ඇමතුමක් එවුව. මොන දේකටද මන්ද ඒ වෙලාවෙ  මම
Mona 1kata miss cal gahanawada?
 කියල කෙටි පණිවිඩයක් යැවුව. මේකෙ ප්‍රතිඵලේ වුනේ මට මගේ ආදරේට කොමාවක් වැටුනු එක.
Oyata dan thiyena pradanama wade thamai AL. Aiya eka koma hari godada ganna one. Api hamoma balan innawa aiya hodata pass wela kiyala results enakan. Ekata mama aiyata loku karadarak kiyala mata hithenawa. Aiye api meka tika kalakata nawaththamu. Mama me masa 3 parana mem.s ekka thaniyama innam. Oyage punchi nangigen wibage iwara wenakan thawath kisima badawak wenne naa. Aiyata Budusaranin, siyalu dewi pihiten wibage jaya ganna labewa. bs tc gdlck.(දිනය: 2008 ජුනි මස 7වන සෙනසුරාදා, වේලාව: ප.ව.8.40 පමණ , මුලාස්‍රය: 2008 දිනපොත)
මේක තමයි මට ලැබුනු අන්තිම කෙටි පණිවිඩේ. මම කොච්චර බැලුවත් එයා මට කිසිම පිළිතුරක් එවුවෙ නෑ. විභාගෙ ඉවර වෙච්ච දවසෙ මම මුලින්ම කෝල් එකක් දෙන්න බැලුවත් ඒ අංකෙ වැඩ කරේ නෑ. මම මේ ගැන දන්න යාළුවොන්ගෙනුත් ආරංචියක්වත් ලැබේවි කියල බැලුවත් මම පරාදයි. විභාගෙ ප්‍රතිඵලත් හොඳ වුනේ නෑ.

මේ මගේ කථාව. මේක මගේ යාළුවන්ගෙනුත් මේ ගැන දන්නෙ බොහොම ටික දෙනෙක් විතරයි. මම #ඩු#ම බස් එකක් දැක්කම මම තවමත් මගේ නංගිය ඒකෙ ඉන්නවද කියල බලනව. මම තවමත් ඔයාව හොයනව මගෙ නංගියෝ. මම ඔයාව අමතක කරන්නෙ නෑ. මේ කථාව අවසාන වෙලාද කියන්න නම් මම තාම දන්නෙ නෑ.

අද වැලන්ටයින් දවස, අද ඔයාල ආදරය කරනව නම් මෙන්න මේ දේ මතක තියාගන්න. ආදරයට තියන්න පුළුවන් වෙන්නෙ තිතක් විතරයි. කවමදාකවත් කොමාවක් තියන්න බැහැ. අද දවසෙ මල් මාරුවකට වඩා වටින දෙයක්  කරන්න උත්සහ කරන්න.

අනාගතය සුබයි.....

15 comments:

  1. අද තමය් මේ පැත්තේ පලවෙනි වතාවට ආවේ, පරණ කතා ටිකත් කියෝලම කමෙන්ට් එකක් දාන්නන්කො.

    ReplyDelete
  2. මේක හරි පුංචි රටක් යාළුවා. ඔයාට එයාව ඉක්මනින්ම ආපහු හම්බවෙනවා. ඒක සහතිකයි !

    කාඩ් එක වැදුන හැටි දැම්මට ස්තූතියි :D

    ReplyDelete
  3. ආදරේ කරානම් හම්බෙන්න ඕනා කොහේදි හරි...බලන් ඉමු..හම්බුනු දවසට ආයේ පෝස්ට් එකක් දාන ඕන හරිය

    ReplyDelete
  4. @තර්ඩ් මෑන් (SIDATH) ඔව් මමත් එහෙම හිතනව. ඒත් මම ලොකු බලාපොරොත්තු තියාගෙන නම් නැහැ.

    ReplyDelete
  5. @රත්ගමයා කෝ මලයෝ ඉකේයිය?
    හම්බ වුනොත් දාන එක දානවාමයි.

    ReplyDelete
  6. හීනයක් සේ ඉපදියන් නොසිතූ වෙලාවක. කොච්චර අමතක කරත් වෙලාවකට නොදන්න මිනිස්සුන්ට මේ එයා කියල රැවටෙනව නේද?

    ReplyDelete
  7. Mama 134 gedara ekkena.
    Mata bohoma dukai TB. Me post eka gana kiwwe Dinu. Oya eda karapu udawwa apita thama mathakai. 2008 api(Aug) wibage karana dawas wala thamai eyala gedara wikunala giye. Dan inne koheda kiyala nam hariyatama danne naa. Eyala giye nam Colabata eth dan eya contact karaganna kramayak nam mama danne naa & inna thanak thama hariyata danneth naa. Eyata anhima dawase call ekak ganna kiyala mama kiwwama oya wibage liyana athare owa kiyala bae kiyala giye.
    Oyata call karanna bari wenna aththe eya Phone eka nathi wechcha nisa. Eeta passe gaththa number eka nam mama meke thiyena EMail addr ekata mail karannada? Habai ekath lagakadi idala wada karanne naa. Yanna issella dawase oyage number ekak hamba unoth kiyanna kiyala, godak wela oya gana kiyala thamai giye eth apita oyath ekka contact thibbe nathi nisa karanna deyak thibunema naa. Giya awurudde hari eeta issela awurudde hari dawasak galle awith Kalegana gawa para balanna asai kiyala giya. Ethenta wela godak wela idala giya.
    Mama gona wage eyata oya amathaka karanna kiyala kiwwane, mama hithan hitiye oya dan oyage nangiyawa amathaka karala athi kiyalane. Oyala denna maha amuthuma joduwakne. Anith un mal denakota oya aran denne pothak hari oyawage monaharine. Ane manda api eedawas wala practice giyama nungita wihilu karanawa mata hodata mathakai "kollek hitiyata uuta adare karannawath therenne naa" kiyala. Oyala tika dawasakata nawaththuwe nathnam thamath oyala tharaha nowee innawa. Oyata hariyatama galapenne eyamai. mama kiyewwa wadie dan. Issara wagema mekath oyata dara ganna puluwan wevi. Oya nangiya gana dan hithanne nathuwa inna eka wadiya hodai kiyala mama hithanne.

    RABNE BANADHI JHODI... dan depaththaka, api thamath thaniyama...

    ReplyDelete
  8. @Anonymous ඔයාගේ කොමෙන්ටුවට බොහොම ස්තුතියි. ඊ ලිපිය මට ලැබුණා.....

    ReplyDelete
  9. උඹ තමයි මිනිහ..

    ReplyDelete
  10. @DK මම නම් මිනිහ තමා. උඔ දුෂ්ඨයද?

    ReplyDelete
  11. ලොල්ය.. ඕන් සීරුවෙන් කියෙව්ව. මචන්.. අර කෙල්ල අන්තිමට එවපු කෙටිපනිවුඩය!! ඒකනම් උබ බ්ලොගියට දාල තියෙන්නෙ නියම තාක්ශන්නනු කුලව. නියමයි. මගෙ උපකල් පනය ඒ මැසෙජ් එක ඇත්තට්ම ඒ විදියට ඔයාට ආපුඑකක්නම්,, එ කෙල්ලගෙ පොන් එක නිකිය 1ක්...!!! මම හරිද?

    ReplyDelete
  12. මමත් ආදරේ කරපු කෙනෙක්, මමත් ඔයා වගේම දුක් විදින කෙනෙක් ඒ වුනාට මගේ කතාව ඔයිට වඩා හාත් පසින් වෙනස්...මට කියන්න තියෙන්නේ ඔයාගේ ආදරේ ඇත්තක් නම් ඒක ලැබෙයි. විශ්වාස කරන්න. දෙයක් කියන්නං, එයාට කවදාවත් ව්‍යිර කරන්න එපා.ආදරයට තිත තියනවානං තිත තියන්න මැරුණාම...

    ReplyDelete
  13. hmmm... oyata eyawa hamube wei.. ikmanatama..

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න