Feb 20, 2011

ජීවිත පාඩම..


ඔන්න සිතුවිල්ලෙන් පොඩි පාඩමක් කරන්නයි යන්නෙ. කෝ ළමයි පොත් අරන් ලෑස්තිවෙන්න. ඔය ළමයි තවම කවුරු හරි සෙට් කරගෙන නෑ නේද.  අද අපේ පාඩම සහකරු තේරීම. කෝ ඉතින් මේ රත්ගම ළමයො පාඩම අහගන්නෙ නැද්ද? මොකද අපායෙ ගිය ළමයත් එක්ක අපායෙ ගිහින් කරන වැඩ ප්ලෑන් කරනවද? ආ හරි. දැන් පටන් ගනිමු. මම මේක කරුණු වශයෙන් කථා කරමු.



මුල්ම එක තමයි සහකරු කර ගන්න ඕනෙ විරුද්ධ ලිංගික එක්කෙනෙක්, ළමයිට තේරුණේ නෑ වගේ. ඒ කියන්නෙ පිරිමි අයට  විරුද්ධ ලිංගික වෙන්නෙ ගෑණු අය, ගෑණු අයට  විරුද්ධ ලිංගික වෙන්නෙ පිරිමි අය. දැන් තේරෙනව නේ. එහෙම නැතුව තෝර ගන්න ඕනෙ නම් ඉතින් ඉස්සෙල්ලම මනෝ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.


දෙවෙනි කාරණේ තමයි මේ ලෝකෙ කෙනෙක් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ ජීවත්වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ. නැත්තම් ඉතින් කවදවත් බඳින්න නම් වෙන්නෙ නෑ.

තුන්වෙනි එක තමයි ගෙවල් දෙකම කැමති කර ගන්න පුළුවන් වෙයිද කියන එක. නැත්තං ඉතින් කොහෙන් කෙළවර වෙයිද කියන්න බෑ. මේක ගෑණු ළමයිට නම් විශේෂයෙන්ම නැන්දම්මා ශේප් කරගන්න පුළුවන් වෙන්න ඕනෙ. පිරිමි ළමයිට නම් අම්ම තාත්ත දෙන්නවත් කැමති වීම අවම සුදුසුකම වෙනව. මාමා කෙසේ වෙතත් නැන්දම්මා නම් විවාහයෙන් ටික කලකට පස්සෙ අතින් එකක් හා බඩෙන් එකක් අරන් බැහැදැකීමෙන් ශේප් වන බව ඉරූගේ සඳු මෙන් නියතය. ඒ නිසා මාමා පිළබඳ සැලකිලිමත් වීම වටිනව.

හතරවෙනි එක තමයි බාහිර රූපය. පිරිමි ළමයි කැමති ඉතින් බෝනික්කො වගේ ලස්සන කෙනෙක් හොයා ගන්න නම්, ඒ අදහස එච්චරම හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද කෙල්ල පරිස්සම් කර ගන්න වෙන නිසා. මේක ගොඩක්ම බලන්න ඕනෙ ගෑණුළමයි. මොකද ඔයාලට තමයි කොල්ලව පරිස්සම් කර ගන්න අමාරුම. ඒක නිසා හොඳම වැඩේ තමයි සාමාන්‍ය තරමෙ කෙනෙක් තෝර ගන්න එක.

පස්වෙනි එක තමයි දිගටම නන්ස්ටොප් කරන් යන්න පුළුවන්ද  කියන එක. නැත්නම් ඉතින් සිතුවිලි ටීචර්ට වෙච්චි වැඩේ තමයි වෙන්නෙ.

ඔය ඔක්කොම හරියනව නම් තමන්ගෙ කැමැත්තත් එක්ක ගලපල බලන්න. හරියනව නම් වැඩේට බහින්න.

ඔන්න ළමයිනේ සිතුවිලි පාඩම ඉවරයි....
ප.ලි.: මම මේ කොහොම කිවුවත් ආදරේ කියනදේ ඉස්සෙල්ල ඇතිවෙලා අපි හැමෝම මේ දේවල් හරිද බලන්නෙ අන්තිමටම.

ඇමුණුම 1:
පැනල යනවානම් රැගෙන යා යුතු අත්‍යාවශ්‍ය දේ (සිතුවිල්ල විසින් සොයා දැන ගත් දේ වේ)..
1. හැදුනුම් පත: විවාහයේදී අනන්‍යතාව තහවුරු කිරීමට
2. උප්පැන්න සහතිකය: වයස 18ට වැඩි බව තහවුරු කිරීමට
3. කැමැත්තෙන් පැනයන බවට ලිපියක පිටපතක්: අදාල ලිපියේ මුල් පිටපත නිවසේ තබා පැන යා යුතු අතර එමගින් නිවැසියන් අතුරුදහන් වී ඇති බවට කරන පැමිණිලි වලදී නීතිමය වශයෙන් දෙදෙනා නිර්දෝශී වේ. එහි දෙදෙනාගේ සම්පූර්ණ නම් පැහැදිලිව සඳහන් විය යුතු අතර පැන යන අය සිය කැමැත්තෙන්ම යන බව සටහන් වී තිබිය යුතුය.
4. බැංකු පාස්පොත: පැන ගිය පසු කිනම් තත්වයක් ඇතිවේදැයි නිශ්චිතව කිව නොහැකි බැවින් මුදල් අත්‍යවශ්‍ය විය හැක.
5. දත්බුරුසුවේ සිට සියළුම තමන්ගේ ගෙනයා හැකි ද්‍රව්‍ය සියල්ල..

6 comments:

  1. බොහොම වටිනා කියන පාඩමක්

    ReplyDelete
  2. සෑර්...මා තාම ලාබලයි නේ..මට මෙව්ව කියල දීලා බාල අපරාධ එකෙන් ඇවිල්ලා අල්ලන් යාවි...ඉකේයියා....
    කොහොම උනත ලව් කොරන උන්ට සෑර් ගේ පාඩම හෙන වටී...
    ලව් කොරන්න පෙර කියවා බලනු කියලා ටොපික් එක දැම්ම නම් එල....

    ReplyDelete
  3. @Observer සහ @සිරකරුවා ඔබේ සිතුවිලි වලට ස්තුතියි
    @රත්ගමයා රත්ගම ළමය එච්චරටම පොඩිද? එහෙනම් ඉතින් ඔය කෙලි පොඩ්ඩවල් වලට කරන වැඩ වලට වහාම රත්ගමයා පරිවාස භාරයට පත් කරන්න ඕනෙ කියල සිතුවිල්ල නිර්දේශ කරනව....

    ReplyDelete
  4. ඇයි හඳපානේ පැනලා යනවා නම් ටෝච් එකක්. නැතිනම් වැරදි කෙල්ලව රැගෙන යාමට ඉඩ ඇත.

    ReplyDelete
  5. @පිණිබිඳු... සිතුවිල්ල එය අනුමත කරමි.

    අමාවක දිනෙක හඳ පානේ පැන යනවා නම් ටෝච් එකක් අත්‍යාවශ්‍යය.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න