
මගේ නංගිය මට ළංවිය නොහැකිතරම් දුර ගොස් නැවතුනු බව මට සිතන්නට තවමත් නොහැකිය. ඔබ මට බොඳවී ගිය සුන්දර සිහිනයක් ලෙස අමතක කරමි. මේ ඔබට පිදෙන අවසන් ලිපිය වනු ඇත. ඒ සුන්දර අතීතය නපුරු අවසනක් තිබුණද ලස්සන, සුන්දර සිහිනයක් පමණි. මට ඔබ තවත් හිමි නැත. ඔබ සිටිනා තැනට සිරිකත පැමිනේවා...
හමා ගිය මඳ පවන
ගෙනා සුවඳ මම
හොඳින් හඳුනන ඒ
ඔබේ සුවඳමය
එහෙත්,
ඔබ මා හැර ගිය
ඒ දින වීද සිහිනයක්
නැත
මෙයයි සිහිනය
එයයි සත්‍ය
හැරුණු දෙනෙතින්
දුටුව ලොව තුල
නොවේ ඔබ මා ළඟ
දැනුණි මට සිහිනෙන්
තවත් මට නොදැනෙනා
ඔබෙ සුවඳ...........
ලස්සනයි.. නමුත් නංගි ගේ සුවද අහිමි වුනේ ඇයිද කියන්න පැහැදිලි නම් මදි... මම ටිකක් ටියුබ් ලයිට් හන්දාද මන්දා...
ReplyDelete@නිම්ශා නෑ ඉස්සෙල්ල සිතුවිල්ල කියවපු නැති නිසා...
ReplyDelete