Mar 27, 2011

අළුත් ජීවිතය....

සිතේ දහසක් පැතුම් පොදි බැඳන් මම මීට මාසෙකට විතර කලින් ඔයාලගෙන් සමුගත්තනෙ. අද පුංචි නිවාඩුවක් ලැබුණ. ඒක නිසා මම මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙන් පුංචි පෝස්ට් එකක් දාන්න ආවෙ.

මුලින්ම මාව අමතක කරන්නෙ නැතුව මතකයෙ තියන් හිටියට බොහොම ස්තුතියි. මම දැන් ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයේ, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව හදාරනව. මේ මාසය මගේ ජීවිතයේ වැදගත්ම මාසයක්. මට අළුත්ම මිතුරන් පිරිසක් හමු වුනා. සුන්දර අත්දැකීම් ගොන්නක්ම මගේ ජීවිතයට එකතු වුණා. ඇත්තටම අපි අතරෙ සහෝදරත්වයේ බැම්මක් බැඳුන. අනාගතය ගැන සුබ සිහින දකිමින් හැම කෙනෙක්ම එකතු වෙලා ගොඩක් දේවල් කරා. ඒ අතර බොහොම දුක හිතෙන සිද්ධියක් වුණා. ඒ අපේම කෙනෙක්ගෙ තාත්ත අන්තරා වුණා. ඒක වුනේ දෙවෙනි සතියෙදි.

තව විස්තර කියන්න නම් තියෙනව. වෙලාව හරස් වුනා. ජය වේවා.......

2 comments:

  1. හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පතන්නම්..

    ReplyDelete
  2. එල එල...ජය වේවා!!!!

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න