Feb 18, 2011

අම්මේ....



ලෝකයේ සියළුදෙන මට එරෙහිව ආවත් කිසිදාක මා අත්හැර නොයන්නා වූ දයාබර මෑණියනි. ඔබ මා ගැන පැතූ  පැතුම් එලෙසම ඉටු කර ඔබ සනසන්නට මට වරම් නොලදත්, මම අද සිටිනා තැනට පැමිණියේ ඔබේ ආශිර්වාදය සහ ඔබේ ආදරය නිසාය. ලොවක් මවිත කළ ඒ අරුම පුදුම ආදරය, කරුණාව, දයාව මම හඳුනා ගත්තේ ඔබේන්මය. අද අම්මේ කියා දුවවිත් ඔබේ උකුලේ හිඳනොගත්තද මම තවමත් ඔබේ සුවඳ පහස වෙත ආදරය කරමි.

මට මහමෙරක් වූ ඔබ අද ජීවන ගමනේ තවත් එක් පරිච්ඡේදයක අවසන නව පරිච්ඡේදයක් ඇරඹන විට ඔබ සොයා ආවේ....

මගේ ආදරණීය අම්මේ, ඔබට සුභම සුභ උපන්දිනක් පතන්නටමය.

අම්මේ, ඔබට සුභම සුභ උපන්දිනක් වේවා!


මතු භවයෙත් ඔබ මගේම අම්මා වේවා.......

4 comments:

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න