Dec 24, 2014

ප්‍රේමණීය පුණර්භවය දෙවන කොටස - ප්‍රේම ගන්ධබ්බය....




සිතුවිල්ල ඔන්න ආපහු දෙවෙනි කොටසත් අරන් ආව. හැම කෙනෙක්ම හොඳින් ඇති කියල හිතනව. වැඩි කථා ඕනෙ නෑ. කථාව පටන් ගනිමුකො.
පුතා කියන කථාව අහන් හිටපු මම ඉබේටම අතීතෙට ගියා. ඒ මීට අවුරුදු 8කට කලින් තමන්ගෙ අතීතෙට මාව ඇදන් ගියා. මේ කියන්නෙ මගේ කථාවම නේද කියල මට හිතුන. කාලෙකට කලින් මට සමන්ත මුණ ගැහුණු හැටි මට ආපහු මතක් වුනා.

පළමු කොටස කියවන්න.

එදා සමන්ත එක්ක කථා කරල ගියපු වෙලාවෙ ඉඳලම මට යාළුවො එක එක පද කියන්න පටන් ගත්ත. මටත් එයා ගොඩක් හොඳ කෙනෙක් කියල හිතුන. මගේ ඒ කාලෙ හොඳම යාළුව වුනේ සඳමාලි.
“මොකෝ බන් මේ කල්පනාව, අද උදේ අපි බලන් කෙල්ලගෙ මුකුළුව. කවුද බන් ඒ කොල්ල?”
“එදා මාව බස් එකෙන් බහිද්දි වැටෙද්දි අල්ල ගත්තෙ එයා.”
“ඌ නම් හොඳ කොල්ලෙක් හැබැයි.”
“එහෙම එකක් නෑ සඳා”
“නැත්තෙ මොකද හිත වෙන කොහේවත්ද අද දාල ආවෙ?”
“පිස්සුද බන්. මගේ හිත කොහේ දාල එන්නද බන්?”
මේ අතරෙ පන්තියෙ කටකාරම කෙල්ල සරලත් මෙතනට ආවෙ මාගේ නරකම වෙලාවටද කියල හිතුන.
“මේ අද උදේ එහා ඉස්කෝලෙ සමන්ත අපේ ඉස්කෝලෙ දර්ශි කියල කෙල්ලෙක් එක්ක පහල ‍අක්කගෙ කඩේ ඉස්සරහට වෙලා කථා කර කර හිටියලු නේද බන්?”
“උඔ කොල්ලගෙ නම දන්නව කෙල්ල දන්නෙ නෑ නේද?”
“නෑ බන් ඉතින් මේ ළමය මේ ලෝකෙ නෙමෙයිනෙ දැන් ඉන්නෙ. දැන් දරුවො කීයද බන්? 6ක්? නැත්නම් පුංචි පවුල රත්තරන්ද?”
“අනේ පලයන් සරා.”
“ඒ කියන්නෙ කෙල්ලගෙ හිතේ මොකක්වත් නෑ කිවුවට මොනව හරි තියෙනව වගේ නේද සරා?”
යාළුවොන්ගෙ කථාත් එක්ක මගේ හිතත් ටික ටික සමන්ත ගැන හිතන්න පටන් ගත්ත. ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක් කියල හිතුන. අනිත් කොල්ලො වගේ නෑ තැම්පත් කොල්ලෙක්. හැමදාම බස් එකේ ගියත් කවදාවත් මම කථා කරලවත් නෑ. එදායින් පස්සෙ දවස් තුනක් යනකම් සමන්තව දැක්කෙ නෑ. හතරවෙනි දවසෙ හවස සඳමාලි මට එයා බස් එකෙදි පෙන්නුව ටිකක් ඉස්සරහ ඉන්නව. සඳමාලි
“ස්ස්.... ස්ස්.... සමන්ත.”
කිවුව. සමන්ත හැරිල බැලුව. ඔළුවෙන් ඇයි කියල ඇහුව.
“අපේ දර්ශිට පොඩ්ඩක් කථා කරන්න ඕනෙලු”
“මාත් ඒක්කද?”
“නෑ මාත් එක්ක”
“අනේ සඳා මොකක්ද මේ කරන්නෙ?” මම ඇහුව.
සමන්ත හෙමින් හෙමින් අපේ පැත්තට ආව.
“කවුද දැන් මේ දර්ශි කියන්නෙ?”
“දන්නෙම නෑ නේ? මේ ඉන්නෙ”
සමන්තගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සරා.
“දැන් මාත් එක්ක කථා කරන්න තියෙනව කිවුවෙ මොනවද?” සමන්ත ඇහුව.
සමන්ත කථා කරාම ම‍ට කථා කරන්න මොනවද කියල හිතා ගන්න බැරි වුනා. එයා මගේ මූණ දිහා බලාගෙන හිටිය දැක්ක. මම බිම බලන් හිටිය.
“මොකද බිම බලන්?”
“මේ මෙයාලගෙ විහිලු අනේ.”
“‍මොකටද යාළුවො විහිළු කරන්නෙ?”
“අනේ ඒකවත් දන්නෙ නැද්ද?” සරල පැනල ඇහුව.
“මොකක්ද?”
“මෙයා හැමතිස්සෙම කියවන්නෙ ඔයා හොඳ කොල්ලෙක්ලු. එයාට උදවු කරාලු.”
සරල කියවගෙන යනව. මෙහෙම ගියොත් මට ඉන්න නැති වෙනව.
“අනේ මෙයාලගෙ බොරු අනේ. ඔයා එදා මං එක්ක කථා කරනව දැකල මුන් මට පද හදනව.”
“ඒව ඇගේ වදිනව කියලද. ඔන්න ඕනි එකක් කියන්න අරින්න.”
“සමන්ත, ඔයා කොහෙන්ද බහින්නෙ?” සරා ඇහුව.
“මම පාලම ළඟ බහින්නෙ.”
“ෂා මරුනෙ.”
“අපිත් බහින්නෙ අද එතනනෙ. අපි අද කාන්ති මිස්ගෙ ක්ලාස් යනව.”
“කාන්ති මිස්ගෙ?”
“ඔවු, ඇයි?”
“මමත් යන්නෙ ඒකටමනෙ දැන්. මම ඔයාලව මීට කලින් ක්ලාස් එකේදි දැකල නෑනෙ.”
“අද බලන්නකො එතකොට පෙනේවි.”
“බලමුකො එහෙනම්.”
“පාලම ළඟටත් ආව. අපි බහිමු නේද?”
“මම යන්නද එහෙනම්?”
සමන්ත සරා එක්ක කතා කර කර ඉඳල බැහැල ගියා. අපි මොනව හරි කන්න හිතාගෙන ළඟ තියෙන කඩේට ගියාම එතන සමන්ත කෑම කනව. සරා මමයි සඳායි ඇදගෙන එතනට ගියා. සරා
“මම මොනව හරි කන්න අරන් එනකන් පොඩ්ඩක් ඔතන ඉන්න...”
කියල සඳාත් ඇදගෙන දුවල ගියා. මම සමන්ත ළඟ තනි වුනා.

සිතුවිල්ල අදට මෙතනින් නවතිනව. කතාව ගැන ඔයාලගෙ අදහස් වලට සිතුවිල්ල ගොඩක් කැමති. සිතුවිල්ල ලියන්නෙ ඔයාල වෙනුවෙන්මයි. ඉතින් ඔයාලගෙ අදහස් වලින් සිතුවිල්ල වෙනස් කරන්න පුළුවන්. තව හොඳ දෙයක් ඔයාල වෙනුවෙන් දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න සිතුවිල්ල ගියා. තව කොටසකින් ආපහු මුණගැහෙමු........

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න