Jan 25, 2011

ඉස්කෝලෙ සිද්ධි 3 - තාරකාගෙ කථාව


මම ඉස්කෝලෙ සිද්ධි ලියන එක ටිකක් නැවැත්තුවෙ නැත්නම් ඉතින් ඔයාලට මේ කථා සෙට් එක එපා වෙයිද දන්නෑනෙ.. ඒකයි. ඔන්න මම අද ආයිමත් තව සිද්ධියක් ගැන කියන්න තමා මේ පටන් ගන්නෙ...

මේ කථාව මම 12 වසරෙ ඉන්න කාලෙ වෙච්ච සිද්ධියක්. මට ඒ දවස්වල පුදුමාකාර තරු පිස්සුවක් තිබුනෙ.(තාමත් ඉතින් වෙනසක් නෑ). මට ඔය පිස්සුව හැදුනෙ නම් මම 6 වසරෙ ඉද්දි කියල මතකයි. ඒත් ඒ ඇයි කියල නම් මතක නෑ. සමහර දවස් වලට හීනෙනුත් පෙනුනෙ එක එක තරු සිද්ධි.



අපේ පන්ති බාර මිසුත් දන්නව මම තරු පිසුසෙක් කියල.(මොකද මම නිතරම තරු සංගමේ වැඩ වලට යනවනේ.. :) ) මිස් නිතරම මට පන්තියෙදි තරුත් එක්ක සෙට් කරල පොඩි පොඩි විහිලු කරනව. ඔන්න ඔහොම විහිළුවක් කරන්න ගිහින් තමා මිස් මට මේ බාල්දිය පෙරළුවෙ.

දවසක් මම මිස් එනකොට පන්තියෙ හිටියෙ නෑ මම lab එකේ හිටියෙ. ඉතින් මම පන්තියට ආවෙ ටිකක් පරක්කු වෙලා. ආවම මිස් අහපි මගෙන්,
“තාරකා බලන්න ගියාද?“
මම කිවුව,
“නෑ මිස් අද ගියේ වෙන වැඩකට.“

මිස් එක්ක කථාව එතනින් ඉවර උනාට පන්තියෙ උන්ගෙ සද්දෙට තමා මට මීටර් වුනේ වෙච්ච වැඩේ. තාරකා කියල කෙල්ලෙකුත් හිටියනෙ අපේ වයසෙ.(ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්) මිස්ගෙ වැඩෙන් උනේ අර කෙල්ලගෙ නම මගේ කාඩ් එක වෙච්ච එක. ඕක නිසා කොහොම හරි ඒ දවස් වල මට ටියුෂන් පන්තිවලදි මට ඔය නම කියල අපේ පන්තියෙ උන් කථා කරනකොට සමහරු හිතුවෙ මම ඒකිට ලව් කියල.(උන් සිද්ධිය දන්නෙනෑනෙ!). සති දෙකක් විතරම මම තාරකා පරිප්පුව කෑව. වෙලාවට ඒක නැගල ගියේ නෑ. පරණ පිණකටද කොහෙද මට ටික දවසකින් ස්පීඩ් (SPEED) කියල කාඩ් එකක් වැදුන. නැත්තං කොහෙන් කෙලවර වෙයිද දන්නෑ...

ඔන්න ඔහොමයි ඒක ඉවර උනේ.....

4 comments:

  1. මේ කතාව මටත් මතකයි බන්.....සිරා සිද්ධිය.... _Champika Madhurabhashin

    ReplyDelete
  2. @Anonymous අමතක වෙන්න බෑනෙ...
    ස්තුතියි මචෝ..

    ReplyDelete
  3. ඔය කිව්වට ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නෑ නෙ :P

    "Speed" කාඩ් එක වැදුන හැටිත් දාමු :)

    ReplyDelete
  4. @තර්ඩ් මෑන් (SIDATH) :) ඒ කාඩ් එකේ කියන්න තරම් කථාවක් නෑ. ඒත් ඉල්ලපු නිසා පෝස්ට් 1ක් දාන්නම්.
    බොහොම ස්තුතියි මිත්‍රයා..

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න