Nov 22, 2020

රෙදිගොඩ පාමුල කුමරිය (සුරංගනා කථාව)

 කොහොමද යාළුවනේ කාලෙකින් අළුත් කතාවක් අරන් ආව. මේ කතාව රෙදිගොඩ කන්ද පාමුල ජීවත් වුන මල්සරී කියන ගෑල් ළමය ගැන.

1699 නිදහස් දිනේට ඉස්සෙල්ල දවසෙන් තමා අපේ කතාව පටන් ගන්නෙ. එක පාරටම මුළු බස්නාහිර අහසම කළු වුනා. හුළං තද වුණා, මේ වියසන අස්සෙ රෙදිගොඩ කන්ද පාමුල ගෑණු ළමයෙක් ඉපදුනා. එයා ඉපදුන වෙලාවෙ ඉඳන් කනව වැඩි නිසා ළඟපාත ඔක්කොම කපල් ඉක්මනට බැන්ද. ඒ නිසා ගමටම මගුල් ගෙනාපු මේ කෙල්ල මල්සරී කියල නම් තිවුව.

කාලය ගතවෙලා දැන් මල්සරී ගොඩක් ලස්සන ගෑණු ළමයෙක් වගේම ගොඩක් බුද්ධිමත් ළමයෙක් විදියට තමයි මුළු රෙදිගොඩ කන්දෙම මිනිස්සු හිතන් හිටියෙ. මොකද මල්සරී හිටියෙ එක්ටැම්ගේ.

එක්ටැම්ගේ කිවුවට ඒ කිව්වට ඒකත් සාමාන්‍ය ගෙයක්ම තමා. හැබැයි ගමේ කෑම බේර ගන්න බැරි නිසා මල්සරීව ඒ ගෙදරින් එලියට එන්න බැරි වෙන්න තමයි තියන් හිටියෙ.

මේ අතරෙ කහට කියල ප්‍රියසම්භාෂණ වලට ගියාම විතරක් චූට්ටක් රහමෙර බොන මදු මී මැස්ස වගේ කොල්ලෙක් යාළුවෙක්ගෙ එක්ක රා කලයක් හොරා බොනව රෙදිගොඩ කන්ද ළග තැනක. කහට පොඩ්ඩක් සිහිය නෑ නිසා හෙමින් හෙමින් ගෙදර පැත්තට යනකොට මෙන්න ගෑණු කෙනෙක් බඩගින්නෙ අඬනව ඇහෙනව. කහටයත් හෙමින් හෙමින් ඒ පැත්තට යනකොට නංගි කෙනෙක් බිම වැටිච්ච කේක් කුඩු අහුල අහුල කනව. ඒක දැකපු කහට දුක හිතිල ළඟට ගියාමයි දැක්කෙ මූණ. ඒ තරම් බය හිතෙන මූණක් කහට කලින් දැකල නෑ. දුවන්න හැදුවත් කහටට බේරෙන්න බැරි වුණා. ඒ තමයි මල්සරීගෙ මායාව. මල්සරී කහටගෙ ළඟ තිබිච්ච කොත්තුව කෑව.

කොත්තුව කනවත් එක්කම කළුවරේ තිබුණු ගෙදරම එලිය වුණා. මල්සරීගෙ බන්ධනේ ඉවර වුනා වගේ මල්සරී දොරින් එලියට පැන්න. මේ මුකුත් නොදන්න කහටය බඩගාගෙන ගෙදර ගියා.

කලකට පසු....

මල්සරීට රස්සාවක් ලැබිල දැන් පාරෙ යන මගී කරත්තෙන් රස්සාවට යනව. කරත්තෙ පිටිපස්සෙ මුල්ලෙ ආසනේ වාඩි වෙන මල්සරීට එදා පුදුම බඩගිනියි. වටපිට බැලුවත් කොහේවත් කෑම නෑ.

ටික වෙලාවකින් මල්සරී ළඟින් තරුණ කොල්ලෙක් කුකුල් මස් කෑල්ලක් කකා වාඩිවුණා. මේක දැකපු මල්සරීට උන් හිටි තැන් අමතක වෙලා අර කොල්ලගෙ කටේ තිබුණ මස් කෑල්ල කටින්ම උදුරල ගත්ත. මේ සිද්ධිය කරත්තෙ ඉස්සරහ ඉඳන් බලන් හිටිය චන්දරේ. චන්දරේ හිතුව මල්සරී කට කන යක්ෂණියක් කියල.

චන්දරේ ඒත වතපුස්තකේ දැම්ම මල්සරී කට කන යක්ෂණියක් කියල. කන්තෝරුවේ හැමෝම දැන් මල්සරීට බයයි, කට කාවි කියල.

අද කාලෙ වුණත් මේ වගේ අවාසනාවන්ත විදියට එක එක නම් පටබැඳුණු මුහුණින් ලස්සන නැති වුණත් හිත හොඳ මල්සරීල අපි අතරෙත් ඇති. ඒ අය ගැන අනුකම්පාවෙන් කරුණාවෙන් කටයුතු කරමු.

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න