හැමෝගෙම පාසල් කාලය කියන්නෙ බොහොම රසවත්, ඒ වගේම අමතක නොවෙන කාලයක්. අන්න ඒ වගේ කථාවක් තමයි අද කියන්න කියල හදන්නෙ. මේ සිද්ධිය වෙන කාලෙ වෙනකොට අපි Aලෙවෙල් කරන්න ගොඩක්ම කිට්ටු දවස්. අන්තිම දවස් වලට ඉතින් කට්ටිය ගොඩක් ඉස්කෝලෙ එනවනෙ. (පන්තියකට පහක් හයක් විතර) හැබැයි මමයි තව සෙට් එකක් හිටිය අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලෙ ආව.
සමහරුන්ට නම් මොකද කියල මතක් වෙන්න ඇති. දන්නෙ නැත්තං හේතුව මෙන්න.
ඒත් ඉතින් අන්තිම කාලෙනෙ ඒක නිසා සර්ල මිස්ලගෙන් ඕනෙ එකක් කරාට අවුලක් නෑ. දවසක් අපි කට්ටිය ලැබ් එකේ පොඩි ප්‍රැක්ටිකල් එකක් කරනව. කෙමිස්ට්‍රි කරපු මිසුත් එහා පැත්තට වෙලා ප්‍රශ්ණපත්තර වගයක් බලනව. අපි සා.H2SO4 යි සා.H2O2 යි නම් ගත්ත කියල මතකයි. තව එක එක ජාති ගත්තට දැන් මතක නෑනෙ. (කාටද ඕව මතක තියෙන්නෙ.) දෙයියො බුදුන් සිහි කරල ඔන්න ප්‍රැක්ටිකල් එක පටන් ගත්ත.

“මිස් මේකෙ කිසි වෙනසක් නෑනෙ, මාර වැඩේනෙ තව පුරවන්න ඉඩත් නෑ.“
“කෝ බලන්න“
කියල මිස් ආව ඇවිත් පරීක්ෂණ නල දෙක අරන්,
“මේ කෙමිකල් එක කොන්ක් එක කිවුවට ඩිල්ද දන්නෑ, බලමු අනිත් පැත්තට කරල“

කියල එකින් එක අරන් දෙකම ලොකු නලේකට දැම්ම. කිසි වෙනසක් නෑ. නලෙන් පොඩි සද්දයක් එනව වගේ ඇහුන සූ ගාල තප්පරයක් ගියේ නෑ. මුලු ලැබ් එකම දුම් වලින් පිරිල යන ගමන් සද්දයක් ඇහුන. මිස්ගෙ අතේ නලේ අල්ලන් හිටපු අඬුව විතරයි ඉතුරු උනේ. කට්ටියටම ටිකක් වෙලා යනකම් කහින්න නම් උනා මොකද උගුර පොඩ්ඩක් කසන ගතියක් ආපු නිසා.
මෙහෙම ප්‍රතික්‍රියාවක් මේ දෙක අතරෙ උනා දැක්කමයි කියල මිස් කිවුවත් මිස්ටත් මොකක්ද වුනේ කියල කියල දෙන්න නම් මීටර් නෑ....
0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:
ඔබේ අදහසත් එකතු කරලම යන්න..
ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...