Nov 12, 2011

මිතුරේ.....

හැම සිනාවක්ම මහා කඳුළු කන්දක් හංගගෙන ඉන්නව කියන දේ මට ඉස්සර තේරුනේ නැතත් මාතර කොළඔ අධිවේගී පාර දැක්කම මට ඒක තේරුනා. අද හැමෝම හිනා වෙවී කථා කරන දෙයක් උනත් ඒක අපි දහස් ගනනක් දෙනෙක්ගෙ කඳුළු ගංඟාවක් හංගගෙන කිසිම දෙයක් නොවුනු, නොදන්න විදිවට ඉන්නව. 2009 වෙසක් මාසෙ දවසක් අපිට උදා වෙන්නෙත් වෙනද වගේමයි. දෙවෙනි වර ඒ ලෙවෙල් එකට වැඩත් ගොඩයි. මුළු දවසම ගෙවුනෙ පොත් එක්ක.
ඒත් එදා උදේ දවස පටන් ගත්තු සතුට අපේ හිත් තුල තියාගන්න අපිට පුළුවන් වුනේ එදා රෑ වෙන තුරු විතරයි. අවාසනාවන්ත ආරංචියක් මගේ ෆෝන් එකට ලැබුනෙ මම හීනයකින් වත් හිතපු නැති වෙලාවක.
"aiiye, Vajjita podi karadarak ikmanata waren"
කියල ආපු පණිවිඩේට අපේ තරු සංගමේ අය ටික ඔක්කොම මහ රාත්තිරියෙ අපේ එකතු වෙන තැනට එකතු වුනේ වජ්ජි අපිව දාල ගිහින් ඇති කියල හීනෙකින්වත් හිතන් නැතුව උනත් මුට්ටි මල්ලි (කුරුල්ලා බ්ලොග් එක කරපු මල්ලි) ඇවිත් අපිට විස්තරේ කිවුවම අපිට මුට්ටිය කියනදේ ඊට හාත්පසින්ම වෙනස් වුනා.

එදා රෑ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හරහා තිබූ ආරුක්කු පාලමක් කඩන් වැටිල එතැනින් පන්ති ඉවර වෙලා ගියපු අපේ ආදරණීය වජිර සහෝදරය අපෙන් උදුර ගත්ත. වැරැද්ද කාගෙ උනත් ඒ වැරැද්ද කාටවත් වරදක් නොකර ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක් මේ ලෝකෙට අහිමි වුනු එක. අපිට හිටපු කල්‍යාණ මිත්‍රයෙක් නැතිවෙච්ච එක. රටට ජාතියට වැඩක් කරන්න හිටපු රටට ආදරය කරපු මනුස්සයෙක් නැති වෙච්ච එක.

මල ගෙදරට ගියත් මට ඔහු දිහා එක පාරකට වඩා බලන්න ශක්තියක් ඉතිරි වුනේ නෑ. එතන හිටපු දින දෙක පුරාවටම මට හිතට ආපු දේ මෙතැන කියන්නට මට අකුරු නෑ. ඒත් හැම වෙලාවකම මූනෙ හිනාවක් තියාගෙන මිතුරන් හිනස්සවපු වජිර අද අපි අතර නෑ. ඒත් ඔහු ගියේ තවත් ජීවිත රාශියක් මේ වගේ අනතුරු වලින් බේරල. (මේ අනතුරින් පස්සෙ පාලම් පරීක්ෂා කරල දුර්වලව තිබුනු පාලම් ගණනාවක් නැවත සෑදුව.) වජිරගෙ ෆේස් බුක් වෝල් එකේ අපේ මිතුරෙක් දාපු පෝස්ට් එකකින් මම මේ කථාව ඉවර කරන්නම්.

mita awrudu 2ta kalin ubath ekka libry eke ekata padam karala...dawal uba ekka ekata kama kala...hawasa clz gihin..bicycle eke eddi uba kiyapau katha mathak wenwa bn...uba eda dawal hariyata kapu nathi nisa mn raa kanna katha karapu welawe poddakata awith giya nam..................aththatama eda dawasa jeewithen amathaka karanna bari wewi...mehema hari duka qwe hithe thiyagena inna bari nisai macho....labana athmedi api atharema ipadenna kiyala prarthana karanawa...

වජ්ජිගෙ පින්තූරයක් දාන්න හැදුවට මගේ පරණ මතක ගොඩක් මගේ හිතට ඇවිත් මාව රිදවන්න ගත්ත. ඒක නිසා මම පින්තූරයක් දැම්මෙ නෑ. ඒකට සමාව ඉල්ලනව ඔයාල හැමෝගෙන්ම.

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න