Oct 15, 2011

පුංචි ආයාචනයක්

මම මේ පෝස්ට් එක දාන්නෙ පුංචිම පුංචි උදවුවක් ඔයාලගෙන් ඉල්ලන්න.

මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල දවසක ඒ කියන්නෙ 2010 සැප්තැම්බර් මාසෙ 9 වෙනිද මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දවසක්. අද වනවිට මගේ අතට ආපු මුදල් වලින් 75%කටත් වඩා ලැබුනෙ ඒ දෙයින් තමා. ඒ ජාවා පන්තියකට මම මුලින්ම සම්බන්ධ වෙච්ච දවස. අපේ කණ්ඩායමේ මුලින්ම 5ක් හිටිය. සති තුනකට පස්සෙ අපේ කණ්ඩායමට අළුතින් එක්කෙනෙක් එකතු වුනා. මෙයා මුල් දවසටම කථා කරේ වචන 5යි.


"Excuse me, ඉස්සෙල්ල මොනවද කරේ?“

ඒත් පහු වෙනකොට වැඩිපුරම කථා කරන කෙනා වුනේ මෙයා තමයි. දවස් සති වුනා, සති මාස වුනා, කාලෙ ගෙවිල ගියෙ අපිටත් නොදැනීම. අන්තිම දවසෙ වෙන් වී ගියත් අපි අතර තිබුනු මිතුරු දම් තවත් වැඩි වුණා මිස කවරදාකවත් අඩු වුනේ නම් නෑ.

මීට සතියකට විතර ඉස්සෙල්ල මම අර අපිට පස්සෙ එකතු වෙච්ච යාළුවෙක් ගැන කිවුවෙ, එයාට කෝල් එකක් ගත්ත. ඒ වෙලාවෙ මට බොහෝම දුක පිරුණු ආරංචියක් ලැබුණ.

“..... අපේ අම්මට කැන්සර් එකක් ඇවිත්.
බෙල්ලෙ තියෙන්නෙ. තයිරොයිඩ් එකේ.
අම්ම කැමති නෑ ඔපරේශන් කරන්න.
දැන් බෙහෙත් බොනව....“

මම ඔයාලගෙන් ඉල්ලන්නෙ මගේ මේ හිතවතාගෙ අම්මා වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනාවක් කරන්න කියල.
ඔයාලට බොහොම ස්තුතියි....

5 comments:

  1. ඇය සුව වේවා!!

    ReplyDelete
  2. ඉක්මන් සුවය ලැබෙවා!

    ReplyDelete
  3. .... prarthana walata wada vishvasa shakthimath kiyala man vishvasa karanawa,,1 nisa aya ikmaninma suwa wei kiyala man godakk wishvasa karanawa....

    ReplyDelete
  4. හැමෝටම බොහොම ස්තුතියි....

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න