
එදා පාඩම් කරන ගමන් කරපු විහිලුව අපේ ආදරේට දාපු කොමාව මුළු ජීවිත කාලෙටම වේවි කියල හිතන්න පුළුවන් ද? ඒත් දැන් ඒක ඇත්තක් වෙලා. එයා දැන් මට අයිති නැහැ. වෙන කෙනෙක්ගෙ උනුහුම සොයාගෙන යන්න එයාට සිද්ධ උනෙත් මගේම වැරුද්දෙන්. කෙල්ලට විහිලුවටවත් එයාගෙ ආදරේ කියන්න බාධාවක් නරන්න එපා ඒක එයා වටහ ගන්න විදිය අපි කවදාවත් හිතන විදියෙ එකක් නොවෙන්න පුළුවන්.
ප.ලි. :-
ඉස්සෙල්ල දවසක් සිදත් අයිය කිවුව ඇත්ත කවද හරි හමු වේවි කියල. ඔවු අයියෙ මට එයා හමු වුනා.
රත්ගමය මල්ලි කිවුව හමු වෙච්ච දවසට පෝස්ට් එකක් දාන්න කියල. ඒ පෝස්ට් එක අද මම දැම්ම.
ඒත් ඒ පෝස්ට් එක හිනා වෙන්න පුළුවන් විදියෙ එකක් නොවේවි කියල හිතන් හිටියත් ඒ මගේ ලෝකෙ හිටපු ලස්සන සුරංගනාවිය මට ආයිත් හමු වුනේ පරණ කෙනාම නම් නෙවෙයි. දැන් එයා වෙන කෙනෙක්ගෙ වෙලා...
පවිත්‍ර මල්ලි. උඔ කිවුව හරි වගේ ඇනොත් එයාම තමා. කියල තිබිච්ච දේවල් නම් ඇත්ත.....
ඔයාට සුභ පතනව........
හිතේ දුක ටිකක් නිවා ගන්න කියල ලිවුවෙ...
ඔක්කොම කථාව කියෙව්වා ඉස්සර ඉඳන්ම,. අනේ මන්දා,. ඇත්තටම නංගියට ඒ මැසේජ් එක දැක්කම දුක හිතෙන්න ඇති ගොඩාක්ම. ඒත් ඒ හේතුව නිසා ඒ ආදරේ නතර වුනා කියලා හිතුනම දුක හිතෙනවා,.. අනේ මන්දා.. ජීවිතේ හරි පුදුමයි,.
ReplyDelete