Jan 30, 2011

කැලැන්ඩරේ කථාව...

අද මට ලැබිච්ච දිනදර්ශනේක (ඒ කියන්නෙ සිංහලෙන් කැලැන්ඩරේ කියන එක) තිබ්බ රූප ටික මගේ ඔළුවට දාපු විකාර අදහස් ටික මට හිතුන මගෙ බ්ලොගියෙ දාන්න ඕනෙ කියල. ඉතින් ඔන්න මම දැම්ම. බලන්න පින්තූර සකස් කළ ශිල්පිය කොච්චර දේවල් ගැන හිතලද මේ පින්තූර සකස් කරල තියෙන්නෙ කියල. මට පිස්සු කියල හිතෙයිද දන්නෑ...


 
මට මේක ගැන හිතුන හැටි.
  • මේකෙ හිස් අහස පසුබිම කරගන්න හේතුව  මේ කෝල් එක හිස් වචන වලින් සෑදී ඇති නිසා
  • දකුණු අත සහ කොණ්ඩය සලකන විට මැයට සුළඟ කරන නොහොඹිනා ක්‍රියාව සිතා ගන්න(සුළඟ ඇත්තේ ඉහලටය)
  • ඇඳුම සහ කරාබු සඳහා රතු පැහැය මූලිකව යොදා ගැනීමට හේතුව ජංගම දුරකථන භාවිතය අවදානම් බව හැඟවීමටය.

මට මේක ගැන හිතුන හැටි.
  • මෙම තනැත්තා අත තබාගෙන සිටිනා වීදුරුවෙන් ලංකාවේ සාමාන්‍ය නිවසක් පරාවර්තනය වී පෙනෙන ලෙස සකසා ඇත්තේ දුරකථනයට දෙදෙනා සිටින තැන් සම්බන්ධ වීමට බලනොපාන බව පෙන්වීමටය.
  • එම වීදුරුවෙන් දවල් කාලයද පසුතලයේ රාත්‍රී කාලයද දක්වන්නේ ඇමතුම් වලට රැයක් දවාලක් නැති බවය.
  • දුරකථනය ඇඟිලි 3කින් අල්ලාගෙන සිනාසෙමින් සිටීමට හේතුව දුර කථනය භාවිතා කිරීම් 5කින් 2ක්ම අනවශ්‍ය ඇමතුම් බව හා එම 2 අත්හැරි විට සතුටින් සිටිය හැකි බව.

මට මේක ගැන හිතුන හැටි.
  • දුරකථන ඇමතුම් ලබා ගැනීමට වයස් බේධයක් නොමැති බව.
  • අපැහැදිලි බොඳවූ පසුතලයක් යොදා ඇත්තේ දුරකථන ඇමතුමකදී වටපිටාව අමතක වී යන බව පෙන්වීමටය.
  • මැය සිතන්නේ “ඒ කාලෙත් මේව තිබුන නං අපිටත් ජොලියෙ මල් කඩන්න තිබුණනෙ.“ කියා විය හැක.

මට මේක ගැන හිතුන හැටි.
  • වමත් කරුවන් බුද්ධිමත් යන කියමන තහවුරු කරන්නක් විය හැක.
  • කුඩා දරුවන්ට තනිව පරිගණකය භාවිතයට ඉඩදීම අනතුරු දායකය.
  • දෙදෙනා නිල් සහ කොළ පැහැ ඇඳුම් ඇඳ සිටීමට හේතුව පරිගණකයට පක්ෂ සහ පාට භේධයක් නොමැති බවයි.

මට මේක ගැන හිතුන හැටි.
  • තාක්ෂණය දියුණුවත් සමඟ දුරකථනය ඇමතුම් ලබා ගැනීම අමතර පහසුකමක් විය හැකිය.
  • කුඩා ළමුන් පවා කාන්තා “ගැට“ සහ “මායම්“  වලට හසුවීමට හැකි බව.
  • මෙය මෙම ළැදරියගේ (කරාබු දමා ඇත.) මානව හිමිකම් පොළඹවා ගැනීම මගින් කඩ කිරීමකි.
 මට මේක ගැන හිතුන හැටි.
  • අධික සතුට විනශකාරී බව (ඉදිරියෙන් ඇති මේසයේ ඇති භාජනය පෙරලෙන මොහොතේ ඡායාරූපය ගෙන ඇත.)
  • මෙලෙස පුදුමයෙන් බැලීමට හා සතුටට හේතුව මොවුන් මීට පෙර කැමරාවක් ඉදිරියට ගොස් නැති වීම විය යුතුය.
  • මෙහි ඇති රතු පසුබිම අනතුරු අඟවීමක් වන අතර මෙය පොඩිහිටියන්ද කියවන බැවින් පල කළ නොහැකිය.
ඉතිරි කොටස මීළඟ ලිපියෙන්.......

 ඡායාරූප පෙල ලබා දීම වෙනුවෙන් විශේෂ ස්තුතිය : අචිනි ජයසිංහ

    3 comments:

    ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
    ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
    (හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
    Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

    comments

    යොමු

    සින්ඩි ලංකා
    සිංහල බ්ලොග් කියවනය
    සින්ඩිය
    සින්ඩිය

    ^ උඩටම යන්න