Jan 21, 2011

ඉස්කෝලෙ සිද්ධි 2 - සින්දු කීම

මම ඉස්සෙල් කිවුවෙ මම උසස් පෙල කරපු අවුරැද්දෙ වෙච්ච වැඩක්නෙ. මතක නැතනම් හරි කියෙවුවෙ නැත්තම් මෙතන කොටන්න. අද මම කියන්න යන්නෙ මම ඉස්කෝලෙ 10 වසරෙදි වෙච්ච සිද්දියක්. අපේ 10 පන්තිය තිබුනෙ අර ඉස්සෙල්ල කිවුව අනිත් ඉස්කෝලෙ පේන තැනකමයි. එහේට යන පාර අපේ පන්තිය වටෙන් තමා තිබුනෙ. හැබැයි මේ කථාවට ඒ ඉස්කෝලෙත් එක්ක කිසි සම්බන්ධයක් නෑ.


එදා අපේ ගණන් සර් ඇවිත් තිබුනෙ නෑ. ඉතින් අපි හිතන් හිටියෙ කවුරු හරි සහන සේවා කියල අයිස් ගහන්න ඒවි කියල. (අපේ ඉස්කෝලෙ සහන සේවා කියල එකක් තිබුන. මොන දේකට තියෙනවද කියල නම් දන්නෙ නෑ. සිංහලෙන් කිවුවෙ රිලීෆ් කියල. ඒකෙන් වෙන දෙයකුත් නෑ. කවුරු හරි ඇවිල්ල පුටුවෙ වාඩි වෙලා ඉඳල බෙල් එක ගැහුවම ආපහු ආයුබෝවන් කියල යනව.) එදා කොහොමහරි අපිට කවුරුවත් රිලීෆ් දාල තිබුනෙත් නැති නිසා අපිට ෆුල් ආතල්.

ඉස්සෙල්ලම අපේ පන්තියෙ හිටපු නිල නොලත් පන්ති නායක ඒ කියන්නෙ අපේ රංගනය නැගිටල
"Hey Boys අපි සින්දුවක් කියමුද???"
කියල ඇහුව(මිනිහ දන්න එකම ඉංග්‍රීසි වචන දෙක hey boys කියල තමයි දන්න හැමෝම කිවුවෙ). අහල ඉවරවෙනකොට කට්ටිය වැඩේට සෙට් වෙලත් ඉවරයි. දැන් ඉතින් කට්ටියම එක තාලෙට සින්දු කියනව.

සුදුපාට මීදුම් ගලාලා..............................................

ටකකින් අපේ ජෝති පටන් ගත්ත  
"බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවි මගෙ ගී යාවි...
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..."


ඔය සින්දුව ගොඩක්ම නැගල ගියා. මං හිතන්නෙ ගොඩක් දුරට ඇහෙන්න ඇති අපි සින්දු කියපු සද්දෙ. මේ සින්දුවෙ තියෙනවනෙ "එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී... "  කියල කෑල්ලක්. ඒ ටික කියල  ඉවරවෙනවත් එක්කම තමය එහා පන්තියක හිටපු මිස්කෙනෙක් දුවගෙන ආවෙ අපි නිස්සබ්ධ කරන්න. මිස්ගෙ නමෙත් තියෙනව කුමාරි කියල කොටසක්. අපි මිස්ව දැකපු ගමන් සින්දුව නැවැත්තුවට මිස්ට "එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී..." කෑල්ල ඇහිල ඉවරයි.

මේක අහපු මිස්ට ආපු වැඩෙත් මතක නෑ. හිනාව නවත්ත ගන්නත් බෑ. මිස් එලියට ගිහිල්ල ටික වෙලාවක් ඉඳල "ඔන්න කුමාරි ආව. දැන් සද්ද නැතුව කරන දෙයක් කර ගන්න" කියල ගියා. අපේ වෙලාවට තමයි මිස්ට තරහ නොගියෙ. තරහ ගියානම් ඊළඟ දවසෙ අපිට දෙමවුපිය රැස්වීමක් අනිවා.



මාර බේරිල්ලක් එදා නම් බේරුනේ.....

2 comments:

  1. එකනම් මරේ මරු....

    ReplyDelete
  2. @~:: My Cottage ::~ මිස් දැක්කම මටත් මරුව මතක් වුනා...
    මිත්‍රය බොහොම ස්තුතියි.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න