Jan 17, 2011

ලංකාවෙ ක්‍රිකට්

ඉස්සෙල්ලම කියන්න ඕනෙ අද මට බොහොම සතුටු දවසක්. බ්ලොග් එක බලපු ගාණ අද දවසෙදි දෙගුණයක් වෙලා තිබුණ.(57 -> 120ක් වෙලා) ෆලෝ කරන ගානත් 4 ඉඳන් 7 වෙලා තිබුණ. එහෙම දකිද්දි අද තව පෝස්ට් එකක් දාන්නම ඕනෙ කියල හිතුන. ඒක දැක්කම හිතිච්ච සතුට විස්තර කරන්න ඇත්තටම මට වචන නෑ. සිරාවටම නැත්නම් මම  අද දවසට පෝස්ට් 3ක්ම දාන්නෙ නෑ. තව ඉතින් Comment ටිකකුත් වැටුන නම් මාට මොනව වෙයිද දන්නෙ නෑ. කොහොම වුනත් මාරම හැපී.





මට මේක ලියන්න වස්තු බීජය ලැබිච්ච තැනින් අපි අද පටන් ගනිමු. මේක මම දැක්කෙ අපේ යාළුවෙකුගෙ මැසිමක. (හැබැයි ඒක පල කරන්න නම් විදියක් නෑ.) මොකද ඒ පින්තූරයෙ ඉන්නෙ බ්ලොග් කරැවන් අතර බොහොම ප්‍රසිද්ධ චරිතයක්. (අ--- මල්-- වගේ නමක් - ලකුනකට අකුර ගානෙ එන්න ඕනෙ) පින්තූරෙ ටයිටල් එක තිබුනෙ "My New LCD TV FOR 2011 WORLD CUP" වගේ එකක් හරියටම නම් මතක නෑ. (මට නිකමට හිතුනෙ පොරට අමල් කියල කාඩ් එකක් ගහන්න ඕනෙ.) මිනිහ අර ලෝක කුසලානෙ බලන්නම කියල හෙන ගානක් වියදම් කරල තඩි ටීවී එකක් අරන්. දැන් අපි අපේ කථාව පටන් ගනිමු.

 

මං හිතන  විදියට ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ ක්‍රිකට් ලෝලීන්ටත් එහා ගියපු කට්ටිය. හැබැයි මට නම් ක්‍රිකට් බලන්න මාර කම්මැලියි. ඉඳල හිටල බලන්න යනකොට දිවා ආහාරෙට හරි දවස ඉවර වෙලා හරි නවත්තන්න අර කයියක් යනවනම් නම් බලනව. මොකද ඊළඟට යන්නෙ සිංදුනෙ. ඇත්තටම කියනව නම් මම ක්‍රිකට් මැච් බලල තියෙන ගානට වඩා වොලිබෝල් සීරීස් ඒව බලල තියෙනව.(මගේ කරුමෙට මේ රටේ ටීවී චැනල් වල පෙන්නන්නෙ සීරීස් ඒව තුනයි. ඒ කියන්නෙ අවුරුද්දකට උපරිමේ 3යි.) මට තේරෙන්නෙ නැත්තෙ මේ සෙල්ලමට මිනිස්සු මේ තරම්ම ඇලිල ඉන්නෙ ඇයිද කියල.


මේ ක්‍රිකට් කියන්නෙ එංගලන්තෙ ඉන්න සුද්දො තමන්ගෙ කාලෙ කාදමන්න (ඒ අය අපේ වගේ රටවල් සූරගෙන කාල හොයා ගත්ත සල්ලි තියෙනවනෙ) හදල තමන්ගෙ යටතෙ තිබිච්ච රටවල් වලට බෝ කරපු එකක්. මේක අද කාලෙ වෙනකොට සූදුවක් වගේම මිනිස් ජාවාරමක් වෙලා. පහුගිය කාලෙ හැමෝම දකින්න ඇතිනෙ. දැක්කෙ නැත් නම් මෙන්න බලන්න. ඉන්දියාව මේ තිබිච්ච කාලකන්නි සෙල්ලම භාවිතාර්ථයෙන්ම (ඒ කියන්නෙ පාවිච්චි වෙන තේරුම) කාලකන්නි කරල දාල තියෙනව. තවත් දෙයක් තියෙනව ඉන්දියාව මේක කරන්නෙ ඉන්දියාවෙ දක්ෂයො හොයන්න වගේම අනිත් රටවල රහස් හොයන්න. අපේ රටේ අයත් ඉතින් තමන්වම විකුණන් කනව.


දැන් ඉතින් ලෝක කුසලානෙත් ළඟයිනෙ අර බහුතරේ කට්ටිය නම් ඉතින් මැච් එක බලන්න විතරයි තව තියෙන්නෙ. හැබැයි අනිත් වැඩ ඔක්කොම අතෑරල. මේ සැරෙ ඒ ලෙවෙල් කරන අය තමා ලොකුම දුක විඳින්නෙ. මොකද පාඩම් අතෑරල මැච් බලන්නත් බෑ. නොබල ඉන්නත් බෑ. ඒ වගේම උන් දැන් ඉඳන්ම කල්පනා කරන්නෙ මැච් එක බලන්නෙ කොහොමද කියල මිස පාස් වෙන්නෙ කොහොමද කියල.


 මේ සැරේ සනත් ජයසූරිය සහ චමින්ද වාස් ලෝක කුසලාන සංචිතයතේ ඉඳීවි කියල බොහෝ දෙනෙක් ලොකු විශ්වාසයක් තිබුන. ඒක බොහොම අවාසනාවන්ත ලෙස බහුතරයට නැතිවෙලා ගියා.(මම නම් හිතන්නෙ සමහරවිට ඒක අපිට වාසනාව ගෙනේවි කියල.) මේ දවස් වල බහුතරය කථා කරන්නෙම ඔය දේ තමයි. තව මාතෘකාවක් තියෙනව ඒ තමා සිංහාවලෝකනය. (සින්දුව, කෙටි හැඳින්වීම) ඒකෙදි නම් බහුතරය දෙකඩ වෙලා කියල මට හිතෙනව. මොකද එක කොටසක් පළු යන්න බණිනව. තව කට්ටියක් ගුණ වර්ණනා කරනව. මගේ අදහස නම් කියන්න වෙන්නෙ බැලුවට පස්සෙ තමයි.(99%ක්ම තියෙන්නෙ බලන එකක් නෑ කියල තමයි.)


 මොනදේ කොහොම වුනත් මමත් ආසයි මේ ගෑණු ළමය (වැරදුනා මෙයාට ළමයෙක් කියන්න අමාරුයි නෙ?) අල්ලන් ඉන්න කුසලානෙ අපේ රටට ලැබෙනව නම්. මොකද මමත් ශ්‍රී ලාංකිකයෙක් නිසා.
අපේ රටට ජයම වේවා....

4 comments:

  1. අඩෝ ක්‍රිකට් වලට කාලකන්නි කියපු උඹව මං ඉතුරු කරන්නෙ නෑ...!!

    ක්‍රිකට් කියන්නෙ කලාවක් ඒක ඉගෙන ගන්න ඕන රසවිඳින්න...!!

    ReplyDelete
  2. @ DK : හැමදාම සුළුතරයට බහුතරයෙන් ලැබෙන්නෙ ඔය වගේ ප්‍රතිචාර තමයි. ඒත් ඒ හැම එකටම ආසයි. මොකද ඒව මට බොහොම වැදගත්. ස්තුතියි.

    ReplyDelete
  3. ක්‍රිකට් කාලකන්නි වීමටත් වොලිබෝල් කාලකන්නි නොවීමටත් සධාරණ හේතු 5ක් ඔබට ඉදිරිපත් කළ හැකිද?

    ReplyDelete
  4. වොලිබෝල් මේකට අදාල නම් නොවේ.

    ක්‍රිකට් යනු එංගලන්ත වාසීන් විසින් තමන්ගේ කාලය ගෙවා ගැනීමට නොහැකිව සිටින විට එය ගෙවාදැමීමට එනම් කාලය කා දැමීම සඳහා නිර්මාණය කරගත්තකි. එම නිසා එය කාලකන්නි ලෙස හැඳින්වීමි. නමුත් IPL තරඟ මාලාව සහ ක්‍රීඩකයින් විකිනීම, වෙන්දේසි වීම හා විවිධ ක්‍රීඩාවකට නොගැලපෙන කටයුතු වලට සම්බන්ධ වීම කාලකන්නි ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ නම් එය ගැන සමාජයේ ඕනෑම (මෝඩයෙකු නොවන) කෙනෙකුගෙන් අසා දැනගත හැකිය.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න