Jan 16, 2011

ජනෙල් දැමිල්ලට. පැය 6ත් ටිකක් වැඩියි!

අද තමා මට මැසිමකට ජනෙල් දාන්න වැඩිම වෙලාවක් ගියේ. පැය 6ත් ටිකක් වැඩියි! (හවස 5 විතර  ඉඳන් රෑ 11.30 වෙනකන්.) කොහොමද වැඩේ ආ...?

අද උදෙන්ම මට හිතුන මැසිම ෆෝමැට් කරන්න හිතුන. (මට සාමාන්‍යයෙන් මාසෙකටවත් සැරයක් එහෙම හිතෙනව.) උදේ වෙන වැඩ ගොඩක් තිබිච්ච නිසා කොහොම හරි වැඩේ හවස් වෙනකන් කල් ගියා. 5ට විතර වැඩේ පටන් ගත්ත. ඔන්න ජනෙල් තැටිය දාල බුට් කරල හයිය තැටිය ෆෝමැට් කරා. ඊට පස්සෙ තමා මට තරු පෙනුනෙ. මොකද මේකෙ ඊළඟ පියවරේ බාගෙට බාගයක්ම මට පන්න පන්න තමා යවන්න වුනේ. මැසිම ආපහු බූට් කරාම මෙන්න එනව නිල් තිරේ. තැටිය බාගෙට බාගයක්ම දියවෙලා. ඉතින් මොනව කරන්නද ගත්ත බයික් එකත් අරන් ගියා මට කෝකටත් තෛලෙගෙ (නම නොකිය ඉන්නම්) ගෙදර ගියා. ගිහින් ජනෙල් තැටියක් ඉල්ලන් ආව. ඇවිත් ඒක දාල ආතල් එනක් දැම්ම. කරුමෙ කියන්නෙ ඒ තැටියත් ඒ වගේම තමයි. වැඩේ හරිනෙ ඉතින් තව තැටි හොයන්න යන්නත් බෑ.

අන්තිමට තමයි මට පොඩ්ඩක් විතර මොලේ පහල වුනේ. එක තැටියක නැති ඒව අනිත් එකේ ඇතිනෙ. ඒ වැඩේ නම් පරණ පිණකටද කොහෙද හරිගියා. තැටි දෙක දෙපැත්තට මාරු කරකර ජනෙල් දාල ඉවර වෙන කොට කොහොමහරි රෑ එකොලහ හමාරයි.

තවත් නම් හතුරෙකුට වත් මෙහෙම කට්ටක් කන්න නම් වෙන්න එපා!

2 comments:

  1. හෆොයි....
    මේ මන් උඹට පොඩි ටිප්1ක් දෙන්නම් අයෙ ජනෙල් දානකොට අර විනාඩි 39 එද්දි Shift+F10 ඔබන්න ඊට පස්සෙ එන කොමන්ඩ් ප්‍රොම්ප්ට් එකේ tskmngr කියල දෙන්න තෙන් ඔයාට පුලුවන් ජනෙල් වැටීමට යන වෙලාව අඩුකරල ස්පීඩ් කරගන්න.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න