ගියත් ඔබ වෙන් වී අපගේ පෙනෙනා ලොවෙන්...
සදා අපේ හදවත් තුල ඔබ ජීවත් වේ
සොඳුරු ඉලංදාරියාණනි
ඔබට නිවන් සුව පතන්නෙමු.....
සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
May 21, 2011
සබඳ ඔබ සදහටම අප සමඟයි.....
Mar 27, 2011
අළුත් ජීවිතය....
සිතේ දහසක් පැතුම් පොදි බැඳන් මම මීට මාසෙකට විතර කලින් ඔයාලගෙන් සමුගත්තනෙ. අද පුංචි නිවාඩුවක් ලැබුණ. ඒක නිසා මම මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙන් පුංචි පෝස්ට් එකක් දාන්න ආවෙ.
මුලින්ම මාව අමතක කරන්නෙ නැතුව මතකයෙ තියන් හිටියට බොහොම ස්තුතියි. මම දැන් ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයේ, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව හදාරනව. මේ මාසය මගේ ජීවිතයේ වැදගත්ම මාසයක්. මට අළුත්ම මිතුරන් පිරිසක් හමු වුනා. සුන්දර අත්දැකීම් ගොන්නක්ම මගේ ජීවිතයට එකතු වුණා. ඇත්තටම අපි අතරෙ සහෝදරත්වයේ බැම්මක් බැඳුන. අනාගතය ගැන සුබ සිහින දකිමින් හැම කෙනෙක්ම එකතු වෙලා ගොඩක් දේවල් කරා. ඒ අතර බොහොම දුක හිතෙන සිද්ධියක් වුණා. ඒ අපේම කෙනෙක්ගෙ තාත්ත අන්තරා වුණා. ඒක වුනේ දෙවෙනි සතියෙදි.
තව විස්තර කියන්න නම් තියෙනව. වෙලාව හරස් වුනා. ජය වේවා.......
Feb 25, 2011
මේ අවසානයද?
කොහොමද ළමයිනේ...
අද සර්ගෙ අන්තිම පාඩම කරන දවස වෙන්න පුළුවන්.
අද සර්ගෙ අන්තිම පාඩම කරන දවස වෙන්න පුළුවන්.
කවදාවත් මම නොසිතූ පරිදි මගේ බ්ලොග් එකට මා විසින්ම නැවතීමේ තිත හෝ කොමාවක් දාමීමට සිදුවී ඇත. අද මේ පෝස්ට් එක සම් පූර්ණ නොවී පබ්ලිෂ් වෙන්න පුළුවන් එහෙම වුනොත් බොහොම කණගාටුයි. අද හවස 3.00ට මම මෙච්චර දවසක් හිටපු ගෙදර අතහැර වෙනත් පැත්තකට යනව. සති අන්තයකදීවත් නිවාඩුවක් ලැබෙයිද කියල සුවර් කරල කියන්න අමාරුයි. ඒත් මගේ අනාගතේ කියන එක වෙනුවෙන් මේක කරන්නම වෙනව. මෙච්චර කාලයක් මගේ ලිපි කියවපු, මගේ වැරදි අඩුපාඩු කියල දුන්න, කොමෙන්ට් දාපු, මට බැනපු හැමෝටම බොහොම ස්තුතියි. මේ මාස 3ක විතර බ්ලොග් ජීවිතෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ මහා නපුරුයි කියා සිතා සිටි සමාජය තුල සොඳුරු සිතැත්තන්, කලණ මිතුරන් සිටින බව දැන ගත්ත. අළුත් මිතුදම් හැදුන. මම හිතනව ඔයාල මාව අමතක කරන එකක් නෑ කියල. මමත් ඒ සුන්දර මතක එක්ක ජීවිතය ගෙනියන්නම්. මේකට දාන කොමෙන්ට් වලට මට රිප්ලයි කොමෙන්ටු දාන්න වෙන එකක් නෑ. ඒක නිසා මම මේ වෙලාවෙම කියවන, කොමෙන්ට් කරන හැමෝටම ස්තුතියි. දිළුම් අයියෙ අයිය වෙනුවෙන් සුබ පතනව ඉක්මනටම සනීපවෙන්න කියල. මම මට පුළුවන් හැමදේම කරනව.....
Feb 23, 2011
ලවු එක ගොඩ යයිද?
ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?
අද පෝස්ට් එක බොහොම පොඩියි.
කෝ කවුද ලවු කරන්න කැමති අය ඉන්නෙ..
ඔයාගෙ විස්තර හරියටම දුන්නොත් හරිම ප්‍රතිඵලේ එවේලේම දැනගන්න පුළුවන් විදියක් තමයි අද ගෙනාවෙ. ආ මොනවද දැන ගන්න පුළුවන් මොකක්ද කිවුවෙ නෑ නේද? වෙන මොකක්වත් නෙවෙයි, ඔයාගේ හිතේ තියෙන ආදරේ සාර්ථක වෙනවද කියල... ට්‍රයි කරල බලල ප්‍රතිඵල ගැන එහෙමත් කොමෙන්ටු දාන්න...
මේ සබැඳියේ තියෙන XL ෆයිල් එකෙන් ඔයාගෙ ආදරය සාර්ථක වෙයිද කියල හොයා ගන්න.

Feb 22, 2011
තරුවකට දුර මනිමුද?
ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?
අද නම් ඉතින් සිතුවිලි සර් ඇත්තටම පාඩමක් කරන්නයි යන්නෙ. මේක අයිති වෙන්නෙ තාරකා විද්‍යාවට. මම කලින් ලියපු ලිපි ගොඩකම කියල තියෙනවනෙ සිතුවිලි සර් තරු වලට ගොඩක් ආස සිතුවිල්ලක් කියල. ඉතින් මම කියල දෙන්න හදන්නෙ අසම්පාත ක්‍රමයෙන් තරුවකට දුර මනින විදිය. මේ ක්‍රමය තමයි තියෙන පහසුම ක්‍රමය. ත්‍රිකෝණමිතියෙ පොඩි වැඩක් තියෙන්නෙ.
ලේබල්
ඉගෙනීම්,
තරු විද්‍යාව,
විද්‍යා,
සිතන්න
Subscribe to:
Posts (Atom)





