Jan 17, 2015

ප්‍රේමණීය පුණර්භවය පස්වන කොටස - ප්‍රකාශයට පෙර


පළමුකොටස කියවන්න මෙතන කොටන්න
ඔන්න රටේ අළුත් යුගයක් පටන් ගත්ත. සිතුවිලි කියවන්න එකතු වෙලා ඉන්න යාළුවො මේ යුගේදිවත් කතාව ගැන ඔයාලට හිතෙන දේ පොඩ්ඩක් කොටල යන්න කියල සිතුවිල්ල ඉල්ලනව මුලින්ම. සිතුවිල්ල ඡන්දෙ ගැන නම් කතා කරන්න මඩට බහින්න නම් කැමති නෑ. ඒ නිසා අපි කතාවට යමු ඉක්මනටම.


දර්ශි බැස්ස. අපි මොකද කරන්නෙ යාළුවනේ? දර්ශි ගැන බලනවද නැත්නම් සමන්ත එක්ක බස් එකේ යමුද? සිතුවිල්ලට නම් හිතෙන්නේ දර්ශිගෙ ගැන බලන්න. යාළුවො මොකද කියන්නෙ? හරි අපි ඉක්මනටම බහැල දර්ශි ළඟට යමු. කළුවරත් වැටිල නිසා දර්ශි ඉක්මන් කරල යනව. පාරෙ අයිනෙ ලයිට් කණු පාරට එලියක් දුන්නත් ඒව අතරෙ පාරෙ ටිකක් අඳුරක් තිබුණ. පාර අයිනෙ පිරිමි කෙනෙක් දර්ශි දිහා බලන් ඉන්නව. දර්ශිට කරදරයන් වෙන්නවත්ද යන්නෙ. නෑ වෙන්න බෑ දර්ශි ඒ කෙනා ළඟට යනව. මේ අපි කවුරුත් හිතාගෙන හිටපු දේ නෙමෙයි. දර්ශි මේ වෙනකන් අපිට පේන්න හිටපු කෙනා නෙමෙයිද? අපි බලන් ඉඳිමු.
“අක්කෙ ඇයි අද පරක්කු. අම්ම බයවෙලා මට පාරට ඇවිත් ඉන්න කිවුව.”
“පරක්කුවක් නෑ මල්ලියෝ, මේ දවස් වල ඉක්මනට රෑ වෙනව.”
“අම්ම ඉතින් බය වෙනවනෙ”
“අපි ඉක්මනට යමු මල්ලි.”
“අක්කෙ ඊළඟ සතියෙ ටෝච් එකත් අරන් යන්න. මේ වෙලාවට සත්තු සර්පයො එලියට බහින වෙලාව.”
“පණ්ඩිතය.”
“මම නම් එන්නෙ නෑ තවත් පාරට. එන එකයි ඇත්තෙ තනියම.”
“අක්ක හොරු අරන් ගියොත් එතකොට”
“හොරු අරන් ගියොත් හොරු ටික දවසක් යන්නත් කලින් ආපහු ගෙදරට දාල අපිටත් කීය කීය හරි දීල යාවි.”
හරි අපේ බලාපොරොත්තුව තවදුරට තියා ගන්න පුළුවන් වගේ. ඒ ඉඳල තියෙන්නෙ දර්ශිගෙ මල්ලි. ගෙදරට ගියාම අපි බලමු ගෙදර තව ඉන්නෙ කවුද කියල. මල්ලිගෙ නම් ටිකක් විතර කට වැඩි වගේ. ඒක ගෑණු ලමයින්ගෙ මල්ලිලාගේ හැටි බව සිතුවිල්ලගේ අදහසයි. ඒකට ගොඩක් අය එකඟ වෙයි. අක්කයි මල්ලියි ගෙදරට ගියා. අපිත් යමු ඇතුලට. අම්ම දොර ළඟ ඉඳන් දර්ශි එනකන් බලන් ඉඳල දර්ශිත් එක්කම විස්තර කතා කර කර ඇතුලට ගියා.
“හරිම මහන්සියි අම්මෙ. කන්න මොනවද හැදුවෙ අද?”
“තාම උයනව දුවේ.”
දර්ශි කාමරේකට ගියා පේන විදියට දර්ශිගෙ කාමරේ ඒක. දර්ශිගෙ ගෙදර ටිකක් ලොකු ගෙයක් අපි මොකද කරන්නෙ කාමරේට යනවද එලියෙන් ඉන්නවද? අපි යමු. හා හා කාමරේට නෙමෙයි ගෙයි සාලෙට. සාලෙන් අපිට හොයා ගන්න පුළුවන් ගොඩක් විස්තර ඕනෙම පවුලක මොකද සාලෙ පවුලෙ පින්තූර නැති ගෙයක් හොයා ගන්න එක අමාරුයි. ඔවු මේ ගෙදරත් අනිත් ගොඩක් ගෙවල් වගේම තමා පින්තූර රාක්කයක් තියෙන්නෙ මේ. පවුලම ඉන්න පින්තූරයක් දෙවෙනි තට්ටුවෙ තියෙනව. දර්ශිට පේන විදියට අක්කල දෙන්නෙක් අයිය කෙනෙකුත් අපි දැක්ක මල්ලිත් තමා පවුලෙ සහෝදර සමාගම. අක්කගෙ වෙඩින් ෆොටෝ එක බිම රාක්කෙට වමෙනුත් දකුණෙන් අයියගෙ වෙඩින් ෆොටෝ එකත් තියෙනව. පේන විදියට අයිය තමා පවුලෙ වැඩිමලා. එහෙම නම් ඊ ළඟට අක්කල දෙන්නත්, ඊට පස්සෙ දර්ශිත් බඩපිස්ස මල්ලිත් වෙන්න ඕනෙ.
“අම්මේ....”
දර්ශිගෙ කටහඬ.
“ඇයි චූටි”
“නංගි ආවද?”
“ඔවු අන්න ඇඟ සෝදන් එන්න ගියා.”
“සරල නංගිට කෝල් එකක් දෙන්න කියන්න සෝදන් ඇවිත්.”
අපිට වැරදුනා නෙ. දර්ශිගෙ අක්ක ඇවිත් තියෙන්නෙ. අපි පොඩ්ඩක් ගිහින් බලමු. දර්ශිගෙ කාමරේට. අපිට වැරදුනාවත්ද, දර්ශි කලින් ගියේ මේ කාමරේටනෙ ආපු ගමන්. මේක ගෑණු ළමයෙක්ගෙ කාමරයක් නම් නෙමෙයි වගේ. මේසෙ පුරාම පොත් විසිරිලා. ඇඳ නම් ටිකක් පිළිවෙලට තියෙනව. සුදු ගවුමක් ඇඳ උඩ තියෙනව. අපි‍ට වැරදිලා නෑ. මේ තියෙන්නෙ දර්ශිගෙ පන්තියෙ තියන් හිටපු පර්ස් එක. අඩි සද්දයක් ඇහෙනව. මේ පැත්තටයි එන්නෙ. දර්ශි ක්‍රීම් පාට රෑ ගවුමක් ඇඳගෙන කාමරේට ආව. මේසෙ පැත්තක තිබුණු බෑග් එක ගත්ත දර්ශි ඒකෙන් පොතක් ගත්ත.
“දර්ශී....”
“ඇයි අම්මේ...”
දර්ශි කාමරේ ඉඳන්ම කෑ ගැහුව.
“අක්ක කිවුව සරලට කෝල් එකක් දෙන්න කියල.”
“හා අම්මේ”
දර්ශි මේසෙ ලාච්චුව ඇරල ෆෝන් එකක් ගත්ත. Nokia 1100 ෆෝන් එකක්. දර්ශි බොත්තම් වගයක් ඔබල කෝල් එකක් ගත්ත.
“ඇයි බන් කථා කරේ?”
අපිට අනිත් පැත්තෙන් කියන දේ ඇහෙන්නෙත් නෑනෙ.
“පලයන් යන්න. එහෙම එකක් වුනේ නෑ.”
“ඉතින් මට කියන්නෙ ඔයා සෙට් කර ගන්නකො.”
“හරි හරි හෙට මුණ ගැහෙමුකෝ, බායි.”
කෝල් එක කට් කරපු දර්ශි බෑග් එකෙන් පොතක් එලියට ගත්ත. පොතේ අග පිටුව පෙරලව. මොනවද තියෙන්නෙ කියල බලමු අපි. හරි නම්බර් එකක්. සමන්තගෙ. ඒ කියන්නෙ අපිට මග ඇරුනු වෙලාවක සමන්ත දර්ශිට ෆෝන් නම්බර් එක දීල, නැත්නම් ඉල්ලගෙන. දර්ශි නම්බර් එක සේව් කර ගෙන මැසේජ් එකක් යැවනව. අපි බලමුද මොනවද ලියන්නෙ කියල.
Sorry mata mage number eka mathaka thibune ne. Me mage number eka.Mama gedarata awa. Oya gedara giyada?
සමන්ත ගැන ඇත්තටම දර්ශිගෙ හිතේ කැමැත්තක් ඇති වෙලාද. දැන් නම් නෑ කියන්න අමාරුයි ඒකට. ඒත් සමන්ත ගැන නම් කියන්න තාම බෑ. ටික වෙලාවකින් මැසේජ් එකක් එනව. ඔවු අපි හිතුව වගේම සමන්තගෙන්.

Ane ekata kamak ne darshi. mama gedara awe dan tikakata kalin.
අපි කතාවෙ බලාපොරොත්තු වුනා වගේම දර්ශි සමන්ත පෙම්වතුන් වෙන ලකුණු පේනව දැන්. සමන්ත ඉක්මනටම දර්ශිගෙන් ඇහුවොතින් දර්ශි අකමැති වෙන එකක් නෑ සිතුවිල්ලට හිතෙන විදියට නම්. දර්ශි ආයෙමත් මොනව හරි යවන්නයි හදන්නෙ.
Hari ehenam heta munagahemuko. Api yanne 7.00ta ehen pitath wena bus eke. Mama dan kaala nida gannawa. Budu saranai. Good night. Bye.
පේන විදියට දර්ශි මැසේජ් යවල වැඩි පුරුද්දක් තියෙන කෙනෙක් නෙමෙයි. දර්ශි ඒ වගේම සමන්ත ගැන ආදරයක් මේ පොඩි කාලෙ ඇතුලතදිම ඇති කරගෙන වගේ. සමන්ත ගැන නම් තාම අපි දන්නෙ නෑ. දර්ශිගෙ ෆෝන් එක ආයෙමත් දෙදරුව. ඔවු සමන්තගෙන්.
Ok. mamath dan wash ekak dagena kaala tikak nidimatha wenakam tikak padam karala nidagannawa. heta munagahemu ehenam. budu saranai. good night. bye.
සමන්තත් වැඩියම මැසේජ් යවල පුරුදු කාරයෙක් නෙමෙයි වගේ. සමන්ත දර්ශි දෙන්නම මැසේජ් වල මුළු වචනෙම යවල තියෙනව. එකක්වත් අකුරු වෙනස් විදියට පාවිච්චි කරල නෑ. ෆෝන් එක දිහා ටිකක් වෙලා බලන් හිටපු දර්ශි ෆෝන් එකත් එක්ක හිනා වෙලා කුස්සිය පැත්තට ගියා. එයා කෑම කාල දැන් නිදා ගනීවි. සමන්තගෙ ගෙදර දන්නෙත් නෑනෙ අපි තවම. නැත්නම් එහේ ගිහින් සමන්ත මොකද කරන්නෙ බලන්න තිබුණ. තියෙන මොනව හරි දෙයක් කාල අපිත් කොහේ කොහේ හරි වැටිල නිදා ගනිමු. හෙට දවස ගොඩක් දේවල් වෙන්න තියෙන දවසක් වෙයි වගේ. රෑට කාමර වලට කවුරුත් රිංගනව එහෙම නෙමෙයි. ඔන්න ඒ වගේ වැඩ කරල වෙන දේවල් වලට සිතුවිල්ල වග කියන්නෙ නෑ.
එහෙනම් සිතුවිල්ල අදට ගිහින් එන්නම්. ආයිත් ඉක්මනටම මුණගැහෙමු (මේ පාර වගේ ඊළඟ එක නම් පරක්කු කරන්නෙ නැතිව දාන්නම්). FB කොමෙන්ට් සිස්ටම් එක ඇඩ් කරා. කැමති අයට ඒකෙන් අදහස් පල කරන්නත් පුළුවන් ඔන්න දැන්. හැම කෙනෙක්ටම සුභ දවසක් වේවා.....

4 comments:

  1. අපි අදයි මේ පැත්තට අාවේ... බ්ලොගය නම් ඉතා අගෙයි......... දිගට ම ලියන්න........... කතා ලිවීමේ ඔබේ හැකියාව නම් ඉතා ඉහළයි............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ සිතුවිල්ලට....

      Delete
  2. කතාව නියමයි........ ඒත් අද කතාව පොඩියිනේ

    ReplyDelete
  3. තියෙන දේ තමා සිතුවිල්ල දෙන්නෙ. හොඳ තැනකින් ඊළඟ කොටස පටන් ගන්නෙ. :) කොමෙන්ටුවට ස්තූතියි...

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න