Jan 1, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා.....

මේ සැරේ අළුත් අවුරුද්ද ලබන්නේ සීතල කාලගුණේක වුනත් උණුසුම් දේශගුණයක් එක්ක. සිතුවිල්ලට නම් ටිකක් සීතලයි වගේ.උණද මන්ද. නෑ නෑ වෙන්න බෑ.කමක් නෑ. මෙන්න සිතුවිල්ලගෙ විශේෂ අළුත් අවුරුදු සුභ පැතුම් මෙවුව එක. (වචනෙ මතක නෑ බොල)

"සියලු ලෝක වාසී ලෝක නොවන වාසී (නැත්නම් ලෝකයන්ට විතරක් වෙනවනෙ) අහසේ පොලවේ මුහුදේ සහ අනෙකුත් හැම තැනකම වසන්නා වූ සෑම කෙනෙක් හටම අදින් උදා වූ (අනේ මෙහෙමත් වුන්. උදා කිවුවෙ උදාහරනෙට නෙමෙයි. මගේ මෙවුව එක කියන්න දෙන්නෙත් නෑනොවැ) දෙදහස් පහලොව නව වසර කිරියෙන් හා පැණියෙන් උතුරන අළුත්ම අදහස් මල් පල ගැන්වෙන, සතුට පිරුණු සුභම සුභ නව වසරක් වේවා!"


තවත් මෙවුව එකක් තියෙනව. ඒ අපේ රුක්ෂිට. එහෙමත් නැත්නම් අපේ කතාවෙ අදහසේ අයිතිකාරියගෙ උපන් දිනය යෙදෙන්නෙත් අදටයි. ඔබ තුමියට සිතුවිල්ල මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්නම්.

" අද දිනට විසි (හා හා වයස නොකිය ඉන්නම්) වැනි වියට පා තැබූ මා මිතුරු (ජොබ් එ‍ක‍ේ තනතුර උදා ඉංජිනේරු) රුක්ෂි හට සුභම සුභ උපන් දිනයක් වගේම එනසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වී දුකක් හිත් රිදවීමක් නොවී සතුට සපිරුණු ජීවයෙන් පිරුණු සුභ අනාගතයක් වේවා! ඒ වගේම මේ පුංචි තෑග්ග ඔයාටයි. (මොකෝ එබෙන්නේ?, ඒක එයාට විතරයි)"

මේ සුභ පැතුම් ඔබ වෙත ගෙනාවේ සිතුවිල්ල විසින් ගිය සතියෙ ණයට ගත් මුදල දුන් (නමක්)ගේ සාදර අනුග්‍රහයෙනි.

2 comments:

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න