Dec 29, 2014

ප්‍රේමණීය පුණර්භවය තෙවන කොටස - ආදරයේ පණිවිඩය




සිතුවිල්ල මේ කතාවෙ ඊළඟ කොටසත් අරන් ආව ඔන්න. ඒත් කවුරුත් කතාව කියවල යනව කිසි අදහසක් කියන්නෙ නෑ. කතාව අවුල්ද මන්ද කියල සිතුවිල්ලට වෙලාවකට හිතෙනව. අවුල් නම් කියන්න. සිතුවිල්ල තාම ප්‍රවීණ නව කතා රචකයෙක් නෙමෙයිනෙ. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒව හදා ගන්න ඔයාලගෙ අදහස් සිතුවිල්ල බලාපොරොත්තු වෙනව ගොඩක්ම. අපි කතාවට යමු. ඇත්තටම තනි වුන දෙන්න මොනව කතා කරයිද? සමන්ත ආදරෙයි කියයිද? දර්ශි කැමති වෙයිද? ප්‍රශ්ණ ගොඩක් ඔයාලටත් ඇති නේද? ඒත් තවත් මේක ‍සමහර හිස් තැන් තියන්නෙ ඇයි? දෙන්නගෙ කතා දෙකම අපි එකතු කරමු. හැමදේම හැම කෙනෙක්ම දැන ගනිමු. මම දර්ශිගෙත් පුතාගෙත් මතක එක තැනක ජීවමාන කරමු. අපි ගිහින් වෙන්නෙ මොනවද බලමු. එන්න යමු. ඒත් පරිස්සමින් සද්ද නොකර. අපි එයාලගෙ ලෝකෙටයි යන්නෙ, අපිට ඒකෙ තැන් නෑ.
සමන්ත කතාව පටන් ගන්න තැනක් හොයනව වගේ. මේ අතරෙ දර්ශි බත් පාර්සලයක් ගත්ත. මේ තියෙන්නෙ සමන්තට පාරක්.
“ඔයා හැමදාම කෑම අරන් එනවද?”
සමන්ත දිහා නොබලම දර්ශි ඔවු කියල කිවුව. සමන්තටත් පේන විදියට කතා කරන්න ඕනෙ වගේ. ඒත් පුරුද්දක් නැති නිසා ආරම්භෙ නම් වැරදුනා. සමන්තත් අතඅරින පාටක් නෑ.



“මොකද මම බත් එක කයි කියල බය වෙලාද? අපෝ මට මේ බත් එක ඇති හොඳටම.”


මේ පාර නම් සමන්තගෙ උත්සාහෙ හරි වගේ. දර්ශි මොකක් හරි කියන්නයි යන්නෙ.



“ඒකට නම් බයක් නෑ”



“ඒ කියන්නෙ බයේ ඉන්නෙ”



“බය නැද්ද, සරල මොනව කියයිද හෙට?”



“ඇයි සරල මොනව කියන්නද? එයාලනෙ පොඩ්ඩක් ඉන්න කියල ගියේ.”



“ඔයා සරලගෙ කට ගැන දන්නෙ කොහොමද. එයාට අපි කියන්නෙ ඡන්දෙ ඉල්ලන්න කියල. කටේ බ්රේක් නෑනෙ”



“ඒකත් එහෙමද?”


මේ අතරෙ සුදු ගවුමෙන් සැරසුනු දෙන්නෙක් මුවා වෙවී එනව දර්ශිලගෙ පැත්තට. කවුද මේ එන්නෙ. ඉස්සර නම් දර්ශි හැම කෙනාම අඳුරන නිසා අවුලක් නෑ. දැන් අපිම බලන්න ආවට කෝ අපි සමහරු අඳුරන්නෙ නෑනෙ. දර්ශිලගෙ කතාවත් ඉවරයි වගේ. තව ටිකකින් අපි නොදන්න හැන්ගිමුත්තම් කරන දෙන්න මෙතනට එයි. ඉතින් අපි දර්ශි දිහා ටිකක් හොඳට බලමු. දර්ශි ගොඩක්ම නැතත් ලස්සන කෙනෙක්. අඩි 5යි6ක් විතර උස ටිකක් විතර කෙට්ටු කෙනෙක්. ටිකක් පැහැපත් හමක් තිබුන. මූණ ටිකක් දිගටියි. කොන්‍ඩෙ මැදින් බෙදල කරල් දෙකට ගොතල. ඉඟටියට තරම් දිග කොන්ඩෙ ලස්සනට තියෙනව. කර කපපු සුදු ගවුමට අමුතු ලස්සන පෙනුමක් තියෙනව. සමන්ත නම් ටිකක් උස කෙනෙක් පේන විදියට නම් 6යි 1ක් විතර උසයි. ටිකක් මහත නිසා උස වැඩිය පේන්නෙ නෑ. තලෙලුයි. ආ අර ළමයි දෙන්න මෙතනටම ඇවිත්.


“ආ අපි බලන් හිටියෙ දෙන්නගෙ මුකුලුව. අපි ඉන්නකන් වචනයක් කතා කරේ නෑ.”



දර්ශි උස එක්කෙනාගෙන් ඇහුව. “මොනවද ගෙනාවෙ සරා”


හරි ඒ කියන්නෙ සරා කියන්නෙ උස කෙනා. ටිකක් වාරියපොල අක්ක වගේ පෙනුමක්. කොටට තිබුණු කොණ්ඩෙ ළඟදි ඉඳන් වවන්න පටන්ගෙන වගේ. උස අඩි 6ට නූලක් දෙකක් විතර අඩු ඇති. දන්නෙ නැති ළමයි අහගන්න නූල කියන්නෙ අඟලට වඩා පුංචි ඒකකයක්. ටිකක් කෝටු බබෙක් වගේ. සඳා නම් හැඩයි. 5යි 4ක් විතර උසයි. තොල්වල රෝස පාටට හුරු පාටක ලිප්ස්ටික් එකක් ගාල. අපිට සරාගෙ උත්තරේ අහගන්න බැරිත් වුනානෙ. මේසෙ උඩ තුන්දෙනාම දර්ශිගෙ බත්එක කනව. සඳා නම් ටිකක් අමාරුවෙන් වගේ ඉන්නෙ. බලමු.



හරි බංකුව මිටියි. සඳා උසයි. ඈතඉන්න අයට පේන දේවල් වහ ගන්න ලොකු මහන්සියක් සඳාට ගන්න වෙලා. ඔය වගේ හේතු නිසා තමයි සිතුවිල්ලත් ‍ගෑණු ළමයි වැඩියම උස වෙන්න හොඳ නෑ කියල කියන්නෙ. තව තියෙනව ඒව පස්සට.
කාල ඉවර වුනු සමන්ත නැගිටල කොලේ ඇකිලුව.


“මේ මේකෙන් ටිකක් කමුද?” කටකාර සරාගෙන් පොඩි ඇරයුමක්.


“අනේ ඇති. මට දැන් ඇති. නැත්නම් පන්තියෙ නින්ද යාවි. මම යන්නම් එහෙනම්.”


“හරි හරි.”


සමන්ත නැගිටල දර්ශි ගෑවෙන නොගෑවෙන ගානින් ළඟ ටැප් එකෙන් අත සෝදන්න ගියා. අත සෝදගත්ත සමන්ත ආපහු පන්තිය පැත්තට යනව. ඇත්තටම සමන්තට යාළුවො නැද්ද. ඒක නම් වෙන්න අමාරුයි. අපි සමන්ත එක්ක යමු. සමන්ත පන්තියෙ මැද්දට වෙන්න හිස් බංකුවක මැද කෙලවරේ වාඩි වුනා. ඇත්තටම සමන්තට යාළුවො නැද්ද? අපි ගෑණු ළමයි ළඟට ඉක්මනට යමු. එතන රසවත් ඇති. අපි නැති අතරෙ කතාව ටිකක් ගිහින්.


“ඇත්තට. වෙන මොකක්වත් ඇහුනෙ නැතුව ඇති.”


“මොකද කියන්නෙ”


“අනේ බන් මේ විභාග අස්සෙ විකාර කියවන් එපා බන්. මට ඕවට වෙලාවක් නෑ බන්”


“සිරාවටමද?”


“මෙයා අපිට කම්මැලියි, ඇ‍ඳේ ඉන්නෙ කිය කිය පාඩම් කරනවද කොහෙද බන්”


“බලමුකො බලමුකො මොකද ඉස්සරහට වෙන්නෙ කියල.”

“ඉස්සරහටත් මෙහෙම්ම තමා.”

“පන්තියට යමු නැත්තම් පරක්කු වෙයි.”


තුන්දෙනාම අත්සොදන් පන්තියට ඇතුල් වුනා. දර්ශි ඉස්සරහින් සඳා දර්ශිගෙ අත අල්ලගෙන ඒ ළඟින්මත් සඳා පිටිපස්සෙනුත් ආව. දර්ශි මැද්දට වෙන්න ඉතිරි වෙලා තිබුනු පේලියකට ගියා.  තුන්දෙනාම පේලියෙ කොනෙන්ම වාඩි වුනා. ඒත් තව දෙයක් තිබුන. දර්ශි තෝරගෙන තිබුනෙ සමන්ත හිටපු ‍පේලිය‍ට පස්සෙන් පේලිය. තාම කවුරුත් දැක්කෙ නෑ වගේ. අපිත් මේ ළඟින්ම වාඩි වෙමු. අදාල පැත්තෙන් වාඩි වෙන්න.  පිරිමි ළමයින්ට එහෙම ගෑණු ළමයි ළඟ වාඩි වෙන්න මෙතන අවසර නැත. මේ උසස් පෙලනෙ. මේක අහම්බයක් වෙන්න ඇතිද? නැත්නම් දර්ශි සමන්ත පේන තැනක වුවමනාවෙන්ම වාඩි වුනාද? නැත්නම් ඒකට අපිට දෛවය කියමුද? එය ඔබට බාරයි. මේ අතරෙ පන්තියත් පටන් ගත්ත. සමන්ත ළඟ තවත් පිරිමි ළමයි දෙන්නෙක් හිටියත් කතා කරන පාටක් පේන්න නම් නෑ. ටිකක් අමුතු ළමයෙක්. සමන්ත දැක්කෙ නැතත් සමන්ත දිහා හොරෙන් හොරෙන් ඉඳහිට දෑසක් යනව. වෙන කවුරුවත්ගෙ නෙමෙයි අපේ කතා නායිකාව දර්ශිගෙම තමා. ළමයි පාඩම් වෙලාවෙ නම් කතා කරනව. ඒත් දුර වැඩියි. මෙතනින් අපි පිට වෙමු. පන්ති ඇරෙනකන් අපි පොඩි විවේකයක් ගනිමු. ඉතින් අපි හොරෙන්ම  පන්තියෙන් පිට වෙමු.


ඇතුලෙ වුනු දේවල් අපි ගෑණු ළමයින්ගෙන් පස්සෙ අහගනිමු. පන්තිය ඇරෙන්න තව ගොඩක් වෙලා තියෙනව. ඒ නිසා සිතුවිල්ල අදට මෙතනින් නවතින්නම්. ආපහු අළුත් කොටසකින් හමු වෙමු......


ප.ලි.1 : මෙහි සිටින දර්ශි සිතුවිල්ලගේ මිතුරු දර්ශී නොවේය. ඇයට කිසිදු සමාන කමක්ද නැත. ඒ වාගේම මේ ලියන්නේ සිතුවිල්ලගේ හෝ මේ කතාවේ මවුතුමිය වන රුක්ශිගේ කතාවද නොවේය. මෙය හුදෙක් කතාවක් පමණි. එහෙත් අත්දැකීම් කතාව තුල නැත කියා සිතුවිල්ල පවසන්නේ නැත. එසේ අත්දැකීම් සිතුවිල්ල ගොඩක් පාවිච්චි කරනව හැම දේකදිම වගේ මේ කතාවෙදිත්.

ප.ලි.2 : ප.ලි. යනු පලිගැනීම වැනි වචනයක කෙටි යෙදුමක් නොවේය. එය පසු ලිවීම යන්න කෙටි කර දැක්වීමකි.

4 comments:

  1. කතාවෙ අන්තිමට මොනව වෙවිද කියල බලන් ඉන්නෙ......මෙ සෙරේ වෙලාවට කුතුහලය අඩු විදියට ඉවර කරලා..... කමෙන්ට් නොකරට පාඨකයෝ හෙමෝම කථාව ආසවෙන් කියවනවා...

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉවසන්න. තාම කතාව පටන් ගත්ත විතරයි.....

      Delete
  2. ඇත්තටම ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට බොහොස ස්තූතියි.....

      Delete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න