Jan 5, 2015

ප්‍රේමණීය පුණර්භවය සිවුවන කොටස - ප්‍රමාදය



දෙන්නෙක් එයාලගෙ සිතුවිලි ලියල තිබුන. සිතුවිල්ල ආසයි අනිත් අයගෙත් සිතුවිලි දැනගන්න. අපේ කතාවෙ මුල්ම අදහස හිතේ පහල වුනු කෙනා එහෙමත් නැත්නම් සිතුවිල්ලගෙ මිතුරු රුක්ෂිගෙ උපන්දිනය ජනවාරි 1වෙනිද තිබුන. එයාට ආයෙමත් සුභම සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනව. දන්නෙ නැති කෙනෙක් හිටිය නම් ඔන්න දැන් දන්නව. වැඩි කතා ඕනි නෑ. අපි මේ අවුරුද්දෙ හා හා පුරා කියල ලියන පළවෙනි කොටසට යමු.


අපි ඉක්මන් කරල යමු පන්තිය අරින වෙලාව ළඟයි දැන්. සුදු කොක්කු රෑනක් වගේ ගෑණු ළමයි මුලින්ම එලියට එනව. අතරින් පතරෙ ගෙදරට ගොඩවූ ළමයි අතරින් පතර යනව පේනව. ඒත් අපි බලන් ඉන්න තුන්දෙනා තවම නෑනෙ. තව ටිකක් ඉවසමු. ඉවසන දනා මොකක්ද එකක‍ට කොඩියක් දානවලුනෙ. ටිකක් බලන් ඉඳිමු. මේ එන්නෙ අපි යමු ටිකක් ළඟට මොනවද පන්තියෙදි වුනේ අහගන්න. ගෑණු ළමයි තුන්දෙනා ටිකක් හෙමීට ලතාවටයි යන්නෙ.
“ඇත්තටම දර්ශියො, උඹ කොහොම කිවුවත් මම නම් පිලිගන් නෑ ඒක.”
අපිට ටිකක් මඟඇරිල වගේ. ඉතිරි ටිකවත් අහගනිමු. එන්න අපිත් මේ ළමයි එක්ක පියමනිමු.
“ඇත්තමයි ස‍‍‍ඳෝ. මට එහෙම මොකක්වත් හිතිලවත් නෑ.”
“ඒ වුනාට අද පන්තියෙදි අපි නම් දැක්කෙ සමන්ත දිහා බලන් ඉන්නව වගේනෙ මුලු දවසම.”
“පලයන් සරා නිකන් පද හදන්නෙ නැතිව.”
“ඉක්මනට යමන් අන්න බස් එකක් එනව”
ගෑණු ළමයි දුවල යනව අපිත් ඉක්මනට යමුද නැත්නම් සමන්ත ගැන ටිකක් බලමුද? මොකද කියන්නෙ. අපි යමු සමන්ත හොයාගෙන. ඔවු සමන්ත වැඩි ඈතක නැත. මේ එන්නේ සමන්තය. ඒත් තව දෙන්නෙක් ළඟින් කතා කර කර එයි. අපි නොදන්න දෙන්නෙකි. අපි බලමු. සමන්තගේ මේ යාළුවො තවුද කියල බලමු.
“ඒ කෙල්ල නිකන් කථා කරා විතරයි බන්.”
“අනේ පලයන් යන්න. අපි දැක්කනෙ බස් එකේදි”
“දිලුමෝ උඔ කියපන් මූ ගියේ කොහොමද කියල”
හරි එක්කෙනෙක් දිලම්. ටිකක් මිටි ඒ කියන්නෙ 5’ 2’’ක් විතර උස කෙනෙක්. කොණ්ඩෙ කොටට කපල. ඉත්තකූරු කොණ්ඩයක් කියන්නෙ, ඒ ජාතියෙ එකක්. පාට කිවුවොත් කළු තලෙලු අතරෙ පාටක්. අනිත් යාළුව නම් සමන්ත තරම් නැති වුනත් ටිකක් උසයි. අඩි 6ක් විතර උස කෙනෙක්. පැහැපත් පෙනුමක් තියෙනව.
“සිරාවට හරියට නිකන් කාන්දමට ඇල්පෙනෙත්තක් ඇල්ලුව වගේනෙ සමන්තයෝ උඔ ගියේ. සිරාවටම බන්”
“පිස්සුද බන්?”
“අපිට පිස්සු හැදිලද නැත්තම් කාටහරි කවුරුහරි ගැන පිස්සු හැදීගෙන එනවද කියල බලමුකො.”
“අන්න බන් බස් එක. දුවල ගිහින් එල්ලෙමු. දුවල යමල්ල.”
මේකට කියන්නෙ දෛවය කියලද කියල ඇත්තටම හිතා ගන්න බෑ. සමන්තලත් දුවල ගිහින් දර්ශි නැග්ග බස් එ‍කටම නැග්ග. ඇත්තටම සමන්ත දර්ශි අතරෙ ආදරයක් දළුලාගෙන එනවද? එහෙම නෑ කියන්න නම් ටිකක් අමාරුයි නේද.
“ඒයි කමලෝ, ආන් අර සමන්තයගෙ කතා කරා විතරයි ඉන්නව. මූ ඕක තමා මේකටම නැග ගත්තෙ.”
හරි අනිත් කෙනා කමල්.
“උඔල මොනවද මේ කුටු කුටු ගාන්නෙ?”
“නෑ බන් මේ බස් එකේ කතා කරන්න කෙනෙක් ඉඳල නැග්ග කියල අපි දැනන් හිටියෙ නෑනෙ.”
“කාටද?”
“අර සමන්ත කියල අපේ සෙට් එකේ බෝ පැලයක් හිටියෙ. අන්න ඌට.”
“මොකක්ද උඔ ඒපාර කියවන්නෙ දිලුමෝ”
දිලුම් මූනෙන් සරාව පෙන්නුව. ඒත් සමන්ත බැලුවත් සමන්තට පෙනුනෙ සෙනග විතරද නැත්නම් සමන්ත දර්ශිල ඉන්නව දැක්කත් නොදැක්ක විදියට හිටියද කියල අපිට තේරුම් ගන්න බැරිය. ඒත් සඳා නම් සමන්තව දැකල වගේ. දර්ශිට අතින් අනිනව. අපි එතනට යමුද? බස් එකේ සෙනග වැඩියි. අපි මෙතනම ඉඳිමු. සඳා මොනවදෝ කියනව. ඒත් අපිට ඇහෙන්නේ නෑනෙ. ටික දුරකින් සමන්තගෙ යාළුවො දෙන්න බැහැල ගියා. දැන් නම් බස් එකේ සෙනගත් අඩුයි. සමන්ත දර්ශි දිහා බලල පොඩි හිනාවක් දැම්ම. දර්ශිත් හිනා වෙලා බිම බලා ගත්ත. සමන්ත දර්ශිලට ටිකක් කිට්ටු කරා. සඳා දර්ශිව සමන්ත පැත්තට තල්ලු කරල සරා ළඟට ගියා. දැන් සමන්ත දර්ශි ළඟ.
“හොරා වගේ ළඟටම ආව නේද ආයෙමත්?”
“යාළුවො දෙන්නත් බැහැල ගියා. තව දුර යන්නත් තියෙන නිසා මෙහාට ආව.”
“නැත්නම් කතා නොකර ඉන්න බැරි නිසාද?” කටකාර සරා ඇහුව.
“හරි මම යන්නම් එහෙනම්.”
“ඇයි යන්නෙ? දර්ශි පාළුවෙන් හිටියෙ ඔයා නැතිව.”
“ඒ මෙ‍කද ඒ?”
“අපි දන්නෙ නෑ ඕව.” සඳා කිවුව.
“දර්ශි මොකක්ද ඒ කතාව?”
“මෙයාලගෙ විහිලු සමන්ත.”
“මෙයාල හිතන් ඉන්නෙ වෙන එකක් ඔයා ගැන.”
“හපෝයි එහෙම එකක් නෑ සරල.”
“අපි එහෙම හිතා ගන්නම්කො එහෙනම්.”
“මේ අපි බහිමු සරෝ. සමන්ත දර්ශි අපි බහිනව එහෙනම්”
“සුභ මංගලම් දර්ශියෝ අපි යනව එහෙනම්. අපි යනව දර්ශියෝ.”
දර්ශි මොකක් හරි කියන්න ගිහින් වචන ටික ගිල ගත්ත. සරලයි සඳමාලියි බස් එකෙන් බැස්ස. දර්ශි යාළුවො දෙන්න දිහා ටිකක් දුරට යනකම් බලන් හිටිය. සමන්ත දර්ශි ආයෙමත් වතාවක් තනි වුනා.
“ආයෙමත් අද මුණගැහුණ නේද?”
“ඒක තමා.”
“ඇයි මාත් එක්ක කතා කරන්න බයද?”
“අනේ නෑ සමන්ත. මගේ හිත පොඩ්ඩක් අවුල් වෙලා මේ දවස් වල.”
“ඒකත් එහෙමද?”
“මොකද අවුල?”
“එහෙම එකක් නෙමෙයි සමන්ත. මේ යාළුවො විහිලු කරන ඒවට.”
“යාළුවො මොනවද කියන්නෙ.”
“ඔයයි මායි යාළු වෙලා කියල එක එක කතා කියනව. දැනුත් දැක්කනෙ සරා කියපු කතාව.”
“ඕව ගනන් ගන්න එපා ළමයො.”
සමන්ත කියපු එකට දර්ශි ගැස්සිලා ගියා. දර්ශිගෙ හිතේ ඇත්තටම ආදරයක් මෝදු වේගෙන ආවත් ඒක පිලිගන්න දර්ශි සූදානම් නෑ. ඒ වගේම සමන්තගෙ හිතෙත් දර්ශි ගැන යම් විශේෂයක් තියෙන බව සමන්තට තේරුම් ගිහින් තිබුන.
“ඇත්තටම ඔයාට කොල්ලෙක් ඉන්නවද?”
“තවම නම් නෑ.” දර්ශි බිම බලාගෙන උත්තර දුන්න.
“තවම නම් නෑ කියන්නෙ කවුරු හරි හිත හිත ඉන්නෙ.”
“නෑ සමන්ත. එහෙම කවුරුත් නෑ”
“අද පන්තියෙදි මම බලපු හැම වෙලාවෙම ඔයා කොල්ලෙක්ගෙ දිහානෙ බලන් හිටියෙ.”
ඒ කියන්නෙ සමන්ත දර්ශි දිහා ගොඩක් සැරයක් බලල තියෙනව. දර්ශි ඇත්තටම වෙන කෙනෙක් දිහා බලන් ඉන්න ඇතිද? ඇත්තටම වෙන්නට ඇත්තේ දර්ශි බලන් සිටියේ සමන්ත දිහා විය යුතුය. සමන්ත බලන විට වෙනත් පැත්තක් බලන්නට ඇතිය. මෙය සාමාන්‍ය ගෑණු ළමයින්ගේ ස්වභාවයමය. ඔවුන් කැමති අය දෙස බලා සිටියත් අය ඔවුන්ට අඟවන්නට අකමැතිය. දර්ශිගේ ගෙදරට ළං වෙලා වගෙයි. දර්ශි බහින්නට ලෑස්ති වෙයි.
“සමන්ත මමත් මෙතනින් බහිනව එහෙනම්. පරිස්සමින් යන්න.”
“හරි එහෙනම් පරිස්සමින් යන්න. බායි...”
“බායි.”
එහෙනම් කතාව අදට මෙතනින් නවත්තමු. එහෙනම් සිතුවිල්ල ගිහින් එන්නම් ඊලඟ කොටසත් අරන් ඉක්මනටම.

ප.ලි.: මෙය කතාවක් පමණි. මෙහි එන චරිත සැබෑ ලෝකයේ සැබෑවට පවතින චරිතයන් නොවන බව යලිත් සිහිපත් කරනව. සිදුවීම් හා සමහර හැසිරීම් වලට සිතුවිල්ලගේ පෞද්ගලික අත්දැකීම් හා යහළු යෙහෙලියන්ගේ අත්දැකීම් හා චරිත ලක්ෂණ යොදා ගත්තද 100%ක් කිසිවෙකු මෙහි යොදාගෙන නැත. නම් යෙදීමේදී සිහියට ආ නම් යොදා ඇත. කතාවේ අවසානය පිළිබඳව විමසීමෙන් වලකින්න. කතාවේ රසය හා කුතුහලයෙන් තොරව කතාව ඉදිරියට කියවීම දුෂ්කර විය හැක. ඉවසීමෙන් සැනසීම ලැබේ. :)

2 comments:

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

අළුත්ම පෝස්ට් කියවන්න.

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය
^ උඩටම යන්න