උදා වුනු අළුත් අවුරුද්ද සෑම සියළු දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ උදා වූ අවුරුද්දෙදී හැම කෙනෙක්ටම සතුට උතුරන නිරෝගී සුභ සිතුවිලි වලින් සිත පිරුණ ජය පිට ජය ලැබෙන ජීවිතය මල් යහනක් වෙන්න කියල සිතුවිල්ල හදවත පතුලෙන්ම ප්‍රාර්තනා කරනව.
ඉස්සෙල්ලම පහු ගිය දවස්
ටිකේම කිසිම පෝස්ට් එකක් දාන්න බැරි වුනු එකට සිතුවිල්ල සමාව ඉල්ලනව. සිතුවිල්ලට
ටිකක් වැඩ වැඩි වුනා. සිතුවිල්ලගෙ හොඳම යාළුවට ටිකක් අසනීප වුනා. ඉතින් සිතුවිල්ලට
යාළුවට උදවුවට යන්න වුනා. ටිකක් විතර වියදම්ත් වැඩි වුනා. ඉතින් මගේ මේ යාළුව
වෙනුවෙනුයි අද මේ පෝස්ට් එක දාන්නෙ.
මේ ලෝකෙ යාළුවො වර්ග
දෙකක් ඉන්නව කියල පොත්වල තියෙනව සිතුවිල්ල කියවල තියෙනව. ඒත් සිතුවිල්ලට ඒක ගැන ප්‍රශ්ණයක්
ඉස්සර තිබුණ. මොකද සිතුවිල්ල දැකල තිබුනෙ මේ දෙකෙන් එක වර්ගෙක යාළුවො විතරයිනෙ.
සිතුවිල්ලට ඒ දෙවෙනි වර්ගෙ යාළුවෙක් මුලින්ම මුණ ගැහුනෙ AL දෙවෙනි පාර කරල කොම්පුටර්
උගන්නන ක්ලාස් එකකට ගිහින්. එතනදි එහෙම දෙන්නෙක්ම සිතුවිල්ලට මුණ ගැහුණ. රුක්ෂි
කියන්නෙ ඒ දෙන්නගෙන් කෙනෙක්. අනිත් කෙනා තමා චතූ. සමහර අයට මතක ඇති සිතුවිල්ල චතූ
ගැන එක පෝස්ට් එකක පොඩි විස්තරයක් කීව. අර මුලින්ම සද්ද නැතිවම හිටපු කෙනෙක් ගැන
කීවෙ. දැන් ඒ යාළුකමට අවුරුදු 5කටත් වැඩියි. එතනින් පස්සෙ අවුරුද්දකින් සිතුවිල්ල IET එකට ආව. එතනදි යාළුවො
විදියට මූණට පෙන්නපු හැම කෙනෙක්ම වගේ අයිති වුනේ සිතුවිල්ල මුලින් දැනගෙන හිටපු
ගොඩට. අවුරුද්දක් විතරම සිතුවිල්ල යාළුවො නැතිව ජීවත් වුනත් සිතුවිල්ලට තුන්වෙනි
නියම යාළුව මුණ ගැහුනෙ IET එකේ අවුරුද්දක් විතර
ගියාට පස්සෙ. එය ටිකක් බය කෙනෙක්. අනිත් අයට ගොඩක් බයෙන් ජීවත් වුනත් මම දන්න
වැඩිම ආත්ම ශක්තියක් තියෙන කෙනා. හැම වැඩක්ම ලස්සනට පිලිවෙලට කරන්න එයා කැමතියි.
සිතුවිල්ලටත් ටිකක් හරි පිලිවෙලක් ඇතිව වැඩක් කරන්න පුරුදු කරේ සිතුවිල්ලගෙ මේ
යාළුව තමා. සිතුවිල්ලට තවත් 4වැනි ඒ වගේ යාළුවෙකුත් මුණ ගැහුණ. ඒත් ඒ යාළුව නම්
විචල්‍ය ලක්ෂණ පෙන්නන යාළුවෙක්. වෙලාවකට ගොඩක්ම හොඳ වුනත් සමහර වෙලාවට සිතුවිල්ලට
ඇස් තෙත් කරන තරමෙ වැඩත් කරනව. ඒ වෙලාවට තවත් නම් කතා කරන්වත් නෑ කියල හිතා ගත්තත්
ආපහු යාළු වෙන්න මේ යාළුවට විශේෂ හැකියාවක් තියෙනව. මේ යාළුවට නම් සිතුවිල්ලගෙ නරක
කාලයකදි සිතුවිල්ල ළඟ ඉන්න විදියෙ කෙනෙක්ද කියල සිතුවිල්ලට පොඩි ප්‍රශ්ණයක්
තියෙනව. ඉතින් සිතුවිල්ල එයාට සිතුවිල්ලගෙ යාළුවන් අතරෙ එයාට හොඳින්ම ගැලපෙන විශේෂ
තැනක් දීල තියෙනව.
අළුත් අවුරුද්දෙ ටිකක් පරක්කු වුනත් ඔන්න සිතුවිල්ල කොහොම හරි වෙලාවක් හොයාගෙන පෝස්ට් එකක් දැම්ම. පරක්කු වුන එකට නම් සමාවෙන්න.....
ෂැහ් ලස්සන රූපයක්............ මරු
ReplyDeleteසිතුවිල්ලට ස්තූතියි ගොඩක්ම.
Delete