Jan 24, 2011

එල්ලුම් ගසට

මේ කතාව ටිකක් වෙනස් විදියක කථාවක්. මේක ලංකාවෙ ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක් ඇසුරෙන් තමා ලියන්නෙ. මේකෙ කථා නායකය මිනීමරුවෙක් ඒ වගේම දරුණු අපරාධකාරයෙක්. (දැන් කට්ටිය මේක අපරාධයක් ගැන කියන්න හදනව කියල හිතනව ඇති නේ?)  අද කථාව පටන් ගන්නෙ මේ අපරාධකාරයට දඬුවම නියම කරපු දවසටත් පස්සෙ.

මේ කෙනා 1940-50 කාලෙදි ජීවත් වෙච්ච කෙනෙක්. මේ කෙනා බන්ධනාගාරයෙ නිලධාරියෙක් එක්ක කියපු කථාව තමයි මේ.
 “මම මේ හිර ගෙදරට ආපු දවස්වල මේ කූරු වලින් එලියෙ ඉන්න මිනිස්සුන්ට වෛර කරා. මම ගිය සතිය වෙනකම්ම කරේ අනිත් නිදහස් අයට හිතින් වෛර කරපු එක. ඒත් පහුගිය සතියෙ මට පහල බණ කියනව ඇහුණ. ඒ වෙනකන් මම බෞද්ධයෙක් වෙලත් හරියට බණක් අහල තිබ්බෙනෑ. ඒ බණ කියපු හාමුදුරුවො ඇත්තටම ඒව කිවුවෙ මටමද කියල හිතෙනව.
ඇත්තටම මේ දේවල් මම කොහොමද කරේ කියල දැන් මට හිතාගන්නත් බෑ. ඒත් ඒ අඳුරු කාලෙ මට ඒව නිකමටවත් හිතුනෙ නෑ. එදා මම ඇත්තටම අඳුරෙන් එළියට ආව කියල හිතෙනව. මට නම් තව තියෙන්නෙ බොහොම ටික දවසයි. මිනිස්සුන්ට මම මේ ලෝකෙන් අයින් කරන්න ඕන තවත් එක අපරාධකිරයෙක්. ඒත් ඒ හිටපු දරුණු කෙනා දැන් මාත් එක්ක නැති වුනත් මට වන්දි ගෙවන්න වෙලා. මාව මගේ අන්තිම දවස් ටිකේදිවත් ඇත්ත පහදල දුන්නට ඒ හාමුදුරුවොන්ට බොහොම පිං.“

ඊට සතියකට පස්සෙ මේ කෙනාට දඬුවම ක්‍රියාත්මක කරා. ඔයාලත් අනාගතයෙදි දුක්වෙන්න වෙන දේවල් කරන්න එපා. නැත්නම් ඔයාල ගොඩක් පරක්කු වැඩිවේවි. මේක ඒ දරුණු කෙනාගෙ කථාව. මේක මට ලැබුණු ක්‍රමය නම් කියන්න බැහැ.

2 comments:

  1. niyama post eka, aththatama waraddak ho mona yam deyak hari karaddi api tikak ea gaena hithuwoth apita kawadawath pasuthawenna wenne na. oyata jaya

    ReplyDelete
  2. @ismk1982 ඔව් මිත්‍රයා, බොහොම ස්තුතියි.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න