Dec 28, 2014

සුභ පැතුම්

  මේ අවුරුද්දෙත් උපෙ රිසල්ට්ස් ඊයෙ දාල තිබුණ. සිතුවිල්ලගෙ ගෝලයෙකුත් හොඳ රිසල්ට් එකක් අරන් තිබුණ. දැන් කට්ටිය බලනව ඇති සිතුවිල්ල ක්ලාස් කරනවද කියල. හපොයි නැතෝ. ප්‍රජා සේවයන් විතරයි සිතුවිල්ල කරන්නේ. මේ අවුරුද්දෙ රිසල්ට් සිතුවිල්ලට ගොඩක් සතුටු එකක් කොහොමත්. මොකද ගාල්ලෙ වාණිජ අංශෙන් ලංකාවෙන් පළමු තැන සවුත්ලන්ඩ් විද්‍යාලෙ නංගියෙක් සහ ජෛව විද්‍යා අංශෙන් ලංකාවෙන් දෙවන තැන සංඝමිත්තෙ නංගියෙක් ගත්තනෙ. නොදන්න අළුත් කියවන්න ආපු අයත් අතිනෙ. ඒ අය බලනව ඇති සිතුවිල්ලත් ගාල්ලෙද කියල. සිතුවිල්ලත් ගාල්ලෙ තමා. වැඩ බැරි උනත් සිතුවිල්ලගෙත් ගම ගාල්ලෙ. වටේ ගියා ඇති. ගාල්ලෙ නංගිල දෙන්නට විශේෂයෙන් සුභ පතනව. ඒ වගේම අනිත් හැම හොඳ රිසල්ට් එකක් ගත්ත හැම කෙනෙකුටම සිතුවිල්ල සුභ පතනව.


lankacnews වෙතින් මෙම ප්‍රතිඵල සටහන උපුටා ගන්නා ලදිී.

  ඒ වගේම බැරි වුනු අයට සිතුවිල්ල කියන්නෙ උපෙ කියන්නෙ තවත් එකක් විතරයි. එ්ක පනින්න බැරි වුනා නම් තව අවස්ථාවක් ගන්න. තව ගැම්ම අරන් පනින්න. මම බය නැතුව කියන්නෙ මමත් පළවෙනි පාර ඇණ ගත්ත. ඒක හැමදාම මතක තියාගෙන දුක් වෙලා වැඩක් නෑ. ආපහු පටන් ගන්න. වැරදුනු තැන් හදා ගන්න. ඊතලයක් උනත් දුරට ඉලක්කෙට යන්නෙ හොඳට ඇද්දොත් විතරයි. නැත්නම් වෙන්නෙ මග වැටෙනව. ඒ ව‍ගේම තමා විභාගත්. විභාගෙට දැන් ඉඳන්ම වැඩ පටන් ගන්න.හොඳට මහන්සි වෙන්න.

‍  එහෙනම් සිතුවිල්ල ගිහින් එන්නම්. හැමෝටම ජයම වේවා.....

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න