Dec 28, 2014

නිම නොදුටු කතාවත්.. - චූටි නංගි


සිතුවිල්ල මේ කතාව ලිවුවෙ ගොඩක් කලින් ඒත් draft එකේ ඉවරයක් නොදැක නැවතුනු තවත් කතාවක් විදියට තිබුණ.මේක කතාවක් විතරයි. ඒත් මේක සිතුවිල්ලගෙ අත්දැකීමක් එක්ක ලියන්න පටන් ගත්ත වුනත් වෙන වෙන ප්‍රශ්ණ උඩ කතාව ලියන එක නැවතුනා. ඔයාලගෙ අදහස් උඩ මේක තවත් ඉස්සරහට ලියනවද කියල තීරණයක් ගන්න සිතුවිල්ල හිතුව. මේකත් ටිකක් දිග කතාවක් වෙන්න පුළුවන් එහෙම වුනොත්.


එදා 2013 මාර්තු මාසෙ 12 වෙනිද. මමත් අළුතින් ආපු අය බලන්න ගියා. සීනියර් අයියල අක්කලට බයේ පාරෙ එහා පැත්තෙම කොනෙන් පේලියට අළුත් මල්ලිල නංගිල පේලියට යනව. අපිත් 2010 දෙසැම්බර් මාසෙ 9 වෙනිද ඉඳන් 29 වෙනකන් මේ වගේ ගියා මට මතක් වුනා. ඒ අතරෙ ගොඩක් කාලෙකින් නොදැකපු මූණක් එදා දැක්ක. නිකමට වගේ යාළුවෙක්ගෙන් එයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන මැසේජ් එකක් දැම්ම. ටිකකින් මගේ ෆෝන් එකට මිස් කෝල් එකක් ආව. කෝල් කරල ටිකක් කථා කරා. පරණ අළුත් ගොඩක් විස්තර අපි කථා කරා. එයා කථා කරපු ටිකට මට හිතුන එයා වගේ නංගි කෙනෙක් මටත් හිටිය නම් කොච්චර හොඳයිද කියල.
අපි පොඩ්ඩ පොඩ්ඩ ළං වෙලා ගොඩක් ළඟම යාළුවො දෙන්නෙක් වුනා. දවසක් එයාට මං එයාට චූටි නංගි කියල කථා කරා. ඇත්තටම කරා නෙමෙයි කෙරුන. ඒ මටම කියල මගේම නංගියෙක් මට ලැබුණු මුල්ම දවස. එදා ඉඳන් එයා මගේ චූටි නංගිය වුනා. මං මගේ නංගිය මට කථා කරනකම් බලන් හිටිය. මට ඇත්තටම එයා මගේම නංගි කියල අනන්තවත් හිතුන. එයා දුක් වෙනව මට බලන්න බැරි තරමට ඒ බැඳීම වැඩි උනා. ළඟම යාළුවෙ ඇර අනිත් අය හිතුවෙ අපි ගැන ගොඩක් වැරදි විදියට.
ඒත් දවසක් කවුරු හරි කෙනෙක් එයාගෙ ආදරවන්තයට බොරුවක් කියල තිබුණ, මම එක්ක මගේ නංගි සම්බන්ධයක් පටන් අරන් කියල. ඒක අහපු ඒ මල්ලි නංගිට බැනල තිබුණ. මට එදා නංගිගේ මූණ බලන්න බැරි ගානට දුක හිතුන. එයා අඬනව මම ඊට කලින් දැකල තිබුනෙ නෑ. එයාගෙ ඇස් වලින් ආපු කඳුළු මගේ ඇස් වලටත් පිරුණ. මෙහෙම අය ඉන්න ලෝකෙකද මම ඉන්නෙ කියල මට හිතුණ.

3 comments:

  1. සිතුවිල්ල මේ කතාව මෙතනින් නතර කරන්න ඕනෙ කියල හිතනව.

    ReplyDelete
  2. ehema lokeka thamai api inne.... waradi wataheem walin pirunu..... e loke wenas karanna apita ba. apita ape sithuwili wenas kara ganna puluwan nam....... enough.......................

    ReplyDelete
    Replies
    1. ඔබේ සිතුවිල්ලට බොහොම ස්තූතියි.....

      Delete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න