සුවහසක් වූ සිතුවිලි පාඨක ප්රජාව වෙත කෙරෙන කාරුණික නිවේදනයයි. සිතුවිල්ල තවත් එක් වසරකින් නාකි වී ඇති බව පහන් සංවේගයෙන් දන්වා සිටිමි.
සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
Aug 26, 2025
සිතුවිල්ලට සුබ උපන් දිනක්
Aug 23, 2025
පුණුරුප්පත්තියද මේ...
මෙච්චර කල් සිතුවිල්ල මොකද කරේ? සිතුවිල්ලට මොකද වුනේ? කියල අහන අයට ඔන්න අද සිතුවිල්ල කොටස් වශයෙන් උත්තර දෙන්නයි යන්නෙ. සිතුවිල්ල මැරිල ඉපදුනාද ඇහන අයට දැන් සිතුවිල්ල ඔවු කියල උත්තර දෙන්න වෙනව. හෑ!! බොලේ මේ සිතුවිල්ලගෙ හොල්මනද එතකොට? නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. සිතුවිල්ල මරණයෙන් ආපහු නැගිටලා ආව. අද සිතුවිල්ල ඒක ගැන.
Aug 15, 2025
ආවා ආවා ආවා...
ජය වේවා මිත්රවරුනි, ඔන්න සිතුවිල්ල ආපහු ආව. කියන්න කතා ගොඩයි. සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණානෙ. ඉතින් හැමෝම සැපෙන් සුවෙන් ඉන්නව නේද?
සිතුවිලි කියවල අතරමං වෙච්ච සමහරු තාම යන්න පාර හොයනව කියල කතාවකුත් ආරංචි වුනා. ඔයත් කැමතිද නිමක් නැති සිතුවිලි සයුරක අතරමං වෙන්න? බය වෙන්න එපා ඔයා සිතුවිල්ලත් එක්ක එන්න ආපහු පරිස්සමට ගෙනත් ඇරලවනව. ඔයත් එන්න සිතුවිල්ල එක්ක නිමක් නැති සිතුවිලි සයුරක සැරිසරන්න.....
Aug 14, 2025
සිතුවිල්ල ආපහු එයිද?
බෙන් ටෙන් ආපහු ඕනෙ කියන
කට්ටිය අතරෙ යන්තමට වගේ ඇහුණ මෙන්න සිතුවිල්ලත් ආපහු ඕනෙ කියල පොඩි
සද්ධයක්. ඔන්න ඉතින් සිතුවිල්ලත් හිතුව මෙහෙම ඉඳල නම් හරියන්නෙ නෑ. මේක පැත්ත
පොඩ්ඩක් බලන්න ඕනෙ
කියල.
හප්පා.... මේකෙ මකුළු දැලුත් බැඳල.
දැන් ඉතින් මොකද කරන්නෙ, මේක
සුද්ධ කරන්න තමයි තියෙන මුල්ම වැඩේ. කාටද මොනවද ඕන කියල කොටාගෙන යන්න. ළඟදිම
සිතුවිල්ල ආපහු එනව එහෙනම්. එතකන් හොඳ ළමයි ටික වගේ දඟ නොකර ඉන්නකො.