අයිත් සිතුවිල්ලේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටි මාගේ සහෘද ප්‍රේක්ෂක ජනතාවනි. පටන් ගත්ත ගමන් කෙලිය තාප්පෙටනෙ. පාඨක කියන එකට ගැහුවෙ ප්‍රේක්ෂක කියලනෙ. මොකක් හරි කමක් නෑ ජනතාවනි, අද මාගේ මේ ව්‍යායාමය හුදෙක් සම්ප්‍රප්පලාපයක් හෝ මෙව්වා එකක් කියලා නොසිතුව. ආශ්චර්ය වෙනුවෙන් මහරජතුමාගේ මෙහෙවරට එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමෙ හුදෙක් පරමාර්ථයෙන් අපගේ සමාජයේ ඇති අඩුලුහුඩු කම් මකා ලීමටත්, සාක්ශරතාව ඉහල දැමීමේ පිවිතුරු චේතනාවෙන් කරන මාගේ මේ ප්‍රයත්නයට ඔබ සැමගේ උපකාරය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි...... මේ හොඳට හිටපු සිතුවිල්ලට මක්ක වෙලාද? මම මොනවද මේ කියවන්නෙ? අනේ මන්ද පහුගිය දොහේ ජංජාලෙං වයිරස් එකක්වත් වැදුනවත්ද මන්ද. කමක් නෑ ආයිත් රී ස්ටාර්ට් කරල ගනිමු බලන්න.