May 24, 2013

ප්‍රීති වෙසක්....

අද උතුම් වෙසක් පුන් පොහොය. වෙසක් එකට මුළු ලංකාවටම තොරන් දෙක තුනක් විතරක් හදපු කාලයක් තිබුණ කියල දැන් කී දෙනෙකුට මතකද කියල සිතුවිල්ලට හිතා ගන්න බෑ. ඒත් ඒක මුලින්ම මතක් කරල ඒ වෙනුවෙන් තමන්ගෙ ලේ, ඇස්, ඉස්, මස්, ජීවිතය දන් දුන්නු අපේ රටේ සියළු හමුදා වල සහ ඒ වෙනුවෙන් කැප උණු සෑම දෙනෙක්ට පිං දෙනව. අද හැම තැනම දන්සැල් තොරන්. හරිම ලස්සනයි. මිනිස්සු හිනා වෙවී යනව.


අද වෙන කොට වෙසක් එකත් මාකට් කරන තත්වයට අපේ සමාජය පහතට ඇද වැටිල කියල පොඩි දුකකුත් හිතට එනව. මොනව කරන්න කියලද බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ ඔය වගේ දේවල් අනාගතේදි වෙනව කියල. අද දන්සල ෆැෂන් එකක් වෙලා. දන්සලක් කියන්නෙ පිං කරන්න තියෙන තැනක්. එහෙම් එකකින් කෑවම බඩ යනව නම් ඒ දන්සල ගැන කියන්න ඕන නෑනෙ. මේකකොච්චර දුර දිග ගියාද කිවුවොත් දැන් දන්සලක් දෙන්න අවසර ගන්න වෙන තත්වෙටම පත් වෙලා.

අද වෙසක් දවසෙ සිතුවිල්ල ප්‍රාර්තනා කරන්නෙ ඔයාල හැමෝම පතන බෝධියකින් හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්න ලැබෙන්න කියල.


1 comment:

  1. බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න