Sep 25, 2011

අපේ කේන්දර බලපු අක්ක

කොහෙමද යාළුවනේ?
බොහොම කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. සමාවෙන්ට ඕන. කොහෙද ඉතින් දැන් පෝස්ට් එකක් දාන්න වෙලාවක්. තිබුනත් දාන්න ජංජාලෙට එන්ටර් වෙන්ට විදියක් නෑ නොවැ :(



මේ කථාව කියන්න ඉස්සෙල්ල කථාවෙ බැක් එකත් කියල ඉන්ට එපැයි. ඔන්න මීට මාසෙකට විතර ඉස්සෙල්ල දවසක මම SOAR කියල ආයතනයක මූලික පුහුණුවට ගියා. තව ඉතින් අවුරුද්දක්ම ඉන්න තියෙනව. හැබැයි මරු තැන. මේ හිටපු ටික කාලෙට මම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.

කථා නායිකාව එන්ටර් කරන්නම් දැන්. නම නොදා ඉන්නම්කො. මේ අක්කට තියෙන්නෙ මහ අමුතුම කටක්. හැබැයි ඉතින් එයාගෙ තියෙන්නෙ 64bit මායම් නෙවෙයි. මට හිතෙන විදියට නම් 512bit විතර. හැබැයි ඉතින් මේ ගඟෙන් එහා කොල්ලො දෙන්න නම් 512ට අල්ල ගන්න තාම බැරි උනා. ආ මට කියන්න අමතක උනානෙ. මම ඉන්නෙ මගේ තව ගාල්ලෙ යාළුවෙක් එක්ක.

මේ අක්ක ජෝතිෂ්‍ය ක්ලාස් යනව. ඉතින් දවසක් මෙයා අපේ උපන් වෙලාවල් ඉල්ල ගෙන ගිහින් කොටුවත් ඇඳගෙන විස්තර කියනව.

මල්ලි ඔයා ලස්සන සුදු ගෑනු ළමයෙක්ව තමයි බඳින්නෙ. (දත් ටිකද දන්නෑ සුදු :)) අධ්‍යාපනේ මගින් නැවතුනා නේද? (මොනව? මම තාමත් ඉගෙන ගන්නවනෙ! ඒක නවතින්න බෑනෙ.) ආ මෙයාට මල්වට්ටි පිස්තෝල වැඩත් පුළුවන්නෙ! (ඈ, මොනාද දෙයියනේ ඒ?)  තව හෙන ගොඩක් කිවුව. ඕව කාටද මතක :(

 ඔහොම ඔහොම මගේ ගැන කියල පටන් ගත්ත යාළුව ගැන කියන්න.


මල්ලි නං මරු කොල්ලෙක් තමයි. දැන් කෙල්ලො කීයක් එක්ක යාළු වුනාද? 4ක්? 5ක්? (හපෝ මු? මූ කෙල්ලෙක් එක්ක කථා කරපු ගාන නම් ඕක වෙන්ට ඇති :P)  තව කියපු ටික මතක නෑනෙ :( .

කොහොම හරි දැන් ඉතින් මම ෆන් එකේ ගෙදර ඇවිත් උපන් වෙලාව නිකමට වගේ බැලුව... මාර වැඩේනෙ වෙලා තියෙන්නෙ. උදේ දවල් මාරු වෙලානෙ :). ඒත් අර කේන්දර අක්කගෙ හැකියාව කියන්නෙ පැය 12ක් වැරදිලත් මගේ ලග්නෙ හරියට කිවුවනෙ. ඔන්න ඔය තරම් පොරවල් ඉන්නව. දැම්ම ඔච්චර හැකියාවක් තියෙනව නම් ඉගෙන ගත්තට පස්සෙ කොච්චර වැඩ පෙන්නයිද නේ?

කොහොම උනත් අපේ ජෝති අක්කට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව....

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න