Aug 26, 2025

සිතුවිල්ලට සුබ උපන් දිනක්

 සුවහසක් වූ සිතුවිලි පාඨක ප්‍රජාව වෙත කෙරෙන කාරුණික නිවේදනයයි. සිතුවිල්ල තවත් එක් වසරකින් නාකි වී ඇති බව පහන් සංවේගය‌ෙන් දන්වා සිටිමි.



Aug 23, 2025

පුණුරුප්පත්තියද මේ...

මෙච්චර කල් සිතුවිල්ල මොකද කරේ? සිතුවිල්ලට මොකද වුනේ?  කියල අහන අයට ඔන්න අද සිතුවිල්ල කොටස් වශයෙන් උත්තර දෙන්නයි යන්නෙ. සිතුවිල්ල මැරිල ඉපදුනාද ඇහන අයට දැන් සිතුවිල්ල ඔවු කියල උත්තර දෙන්න වෙනව. හෑ!! බොලේ මේ සිතුවිල්ලගෙ හොල්මනද එතකොට? නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. සිතුවිල්ල මරණයෙන් ආපහු නැගිටලා ආව. අද සිතුවිල්ල ඒක ගැන.

Aug 15, 2025

ආවා ආවා ආවා...

 ජය වේවා මිත්‍රවරුනි, ඔන්න සිතුවිල්ල ආපහු ආව. කියන්න කතා ගොඩයි. සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණානෙ. ඉතින් හැමෝම සැපෙන් සුවෙන් ඉන්නව නේද?

සිතුවිලි කියවල අතරමං වෙච්ච සමහරු තාම යන්න පාර හොයනව කියල කතාවකුත් ආරංචි වුනා. ඔයත් කැමතිද නිමක් නැති සිතුවිලි සයුරක අතරමං වෙන්න? බය වෙන්න එපා ඔයා සිතුවිල්ලත් එක්ක එන්න ආපහු පරිස්සමට ගෙනත් ඇරලවනව. ඔයත් එන්න සිතුවිල්ල එක්ක නිමක් නැති සිතුවිලි සයුරක සැරිසරන්න.....

Aug 14, 2025

සිතුවිල්ල ආපහු එයිද?


    

බෙන් ටෙන් ආපහු ඕනෙ කියන කට්ටිය අතරෙ යන්තමට වගේ ඇහුණ මෙන්න සිතුවිල්ලත් ආපහු ඕනෙ කියල පොඩි සද්ධයක්. ඔන්න ඉතින් සිතුවිල්ලත් හිතුව මෙහෙම ඉඳල නම් හරියන්නෙ නෑ. මේක පැත්ත පොඩ්ඩක් බලන්න ඕනෙ කියල.

හප්පා.... මේකෙ මකුළු දැලුත් බැඳල. දැන් ඉතින් මොකද කරන්න‌ෙ, මේක සුද්ධ කරන්න තමයි තියෙන මුල්ම වැඩේ. කාටද මොනවද ඕන කියල කොටාගෙන යන්න. ළඟදිම සිතුවිල්ල ආපහු එනව එහෙනම්. එතකන් හොඳ ළමයි ටික වගේ දඟ නොකර ඉන්නකො.

 

Nov 22, 2020

රෙදිගොඩ පාමුල කුමරිය (සුරංගනා කථාව)

 කොහොමද යාළුවනේ කාලෙකින් අළුත් කතාවක් අරන් ආව. මේ කතාව රෙදිගොඩ කන්ද පාමුල ජීවත් වුන මල්සරී කියන ගෑල් ළමය ගැන.

Jul 19, 2015

කළු සහ සුදු

ඔන්න සිතුවිල්ල ආපහු කාලෙකට පස්සෙ ආව. සිතුවිල්ලට සමා වෙන්න ටිකක් කල් සිතුවිලි ලියන්න බැරි වුනාට. සිතුවිල්ල සතුටින් සමාදානයෙන් මේ දවස් වල ජීවත් වෙනව. පහු ගිය දවසක බුකියෙ සිතුවිල්ලගෙ යාළුවෙක් ෂෙයා කරල තිබුනු පින්තූරයක් දැකල තමයි සිතුවිල්ලට මේ සිතුවිල්ල ආවෙ. ඉස්සෙල්ලම මේක බලල ඉන්නකො.


මේ කතාව ඇත්තක්ද? සුදු අය විතරද ලස්සන. සුදු අය ගැන මේ මතය ඇති වෙන්නෙ ආසියාව වගේ රටවල් සුදු ජාතිකයන් යටතෙ පාලනය වෙද්දි ඇතිවුනු යටත් විජිත මානසිකත්වයත් එක්ක. සුදු නෝනල සුදු මහත්තුරුන්ට ගරු කරන්න පටන් ගත්ත වගේම ඒ අය වර්ණනා කරන්නත් ඒ කාලෙ මිනිස්සු පුරුදු වුනා. මේ අතරෙ හම සුදු පාට අයටත් ගම් දනවු වල වැඩි සැලකිලි ලැබුනා. මේ දේ කාලයත් එක්ක සුදු අය ලස්සකයි කියල මතයක් හැදුන.

ඒත් මේ ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕනෙ කියන කතාව සමාජෙට පොම්ප කරන්නෙ රූපලාවන්‍ය ව්‍යාපාර වලින්. ලෝකෙ දිනන්න නම් සුදු වෙන්න වගේ අදහස් සමාජෙට ඇතුල් කරනව. ඒ අය ආසියාවෙ මිනිස්සුන්ගේ ස්වභාවික පාට තමන්ගෙ බිස්නස් එක කරගෙන ජීවත් වෙන්න පටන් අරන් තියෙනව. මේ අයගෙ දේවල් නිතරම ඇහෙන දකිනකොට අපේ හිතෙත් ඒක ඇත්තක්ද කියල හිතෙන්න ගන්නව. ලස්සන කියන දේට සුදු කළු බේධයක් නෑ.

ඒත් හිතල බලන්න සුදු හමක් තියෙන අයගෙන් කීයෙන් කීදෙනෙක්ගෙ හිත ඇතුල කොච්චර දුරට කළුයිද කියල. ඒ වගේම සුදු හමක් නොතිබුනත් හදවත ලස්සන අය මේ ලෝකෙ කොයි තරම් නම් ඉන්නවද කියල. ඒ හදවතේ ලස්සන අපිට ඒ අයගෙ මූනෙන් පේනව. කථාවෙන් දැනෙන්ව. මේක දාල තිබුණු කෙනත් මට තේරෙන විදියට නම් සුදු පාට ලස්සන හදවත හංගන් තලෙලු පාට ලස්සන හමකින් වහත් ඉන්න කෙනෙක්.
සිතුවිල්ල අදට ගිහින් එන්නම්. ළඟදිම ආපහු මුණගැහෙමු.

Apr 23, 2015

මිතුදම්....



        
  උදා ‍වුනු අළුත් අවුරුද්ද සෑම සියළු දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ උදා වූ අවුරුද්දෙදී හැම කෙනෙක්ටම සතුට උතුරන නිරෝගී සුභ සිතුවිලි වලින් සිත පිරුණ ජය පිට ජය ලැබෙන ජීවිතය මල් යහනක් වෙන්න කියල සිතුවිල්ල හදවත පතුලෙන්ම ප්‍රාර්තනා කරනව.
ඉස්සෙල්ලම පහු ගිය දවස් ටිකේම කිසිම පෝස්ට් එකක් දාන්න බැරි වුනු එකට සිතුවිල්ල සමාව ඉල්ලනව. සිතුවිල්ලට ටිකක් වැඩ වැඩි වුනා. සිතුවිල්ලගෙ හොඳම යාළුවට ටිකක් අසනීප වුනා. ඉතින් සිතුවිල්ලට යාළුවට උදවුවට යන්න වුනා. ටිකක් විතර වියදම්ත් වැඩි වුනා. ඉතින් මගේ මේ යාළුව වෙනුවෙනුයි අද මේ පෝස්ට් එක දාන්නෙ.

Jan 23, 2015

ප්‍රේමණීය පුණර්භවය සයවන කොටස - අළුත් දවසක්



            හැම කෙනෙක්ම හොඳින් ඉන්නව ඇති කියල හිතනව. සිතුවිල්ල බොරු පොරොන්දු දෙන්නෙ නෑ. හැම පොරොන්දුවක්ම වගේ ඔන්න ඊළඟ කොටස අරන් ආව. පොරොන්දු ඉටු කරන්න ඉතින් පොඩි කට්ටක් කන්න නම් වෙනව. ඒත් අවුලක් නෑ. මේක සිතුවිලි කියවන්න එන හැම කෙනෙක් වෙනුවෙන්ම සිතුවිල්ල කරන ප්‍රජා සත්කාරයක් නොවැ. දැන් කට්ටිය කියන්න එපා සිතුවිල්ලත් ඡන්දෙ ඉල්ලන්න හදනව කියල. මොකද අපේ අය ඒ වගේ වැඩ වලට නම් අනිත් වැඩවලට නැතත් ගොඩක් දක්ෂයිනෙ. දැන් වෙලාව රෑ 11 :20යි. ඔන්න මේක ලියල තමා අද සිතුවිල්ල නිදාගන්න යන්නෙ. දර්ශි සමන්ත ගැන හිතෙන දේවල්. කතාවෙ මොකක් හරි වැරද්දක් එහෙමත් නැත්නම් වෙනසක් වෙන්න ඕනෙ තැනක් තියෙනව නම් කොමෙන්ට් එකක් දාන්න. බුකියෙනුත් දැන් යාළුවොන්ට කොමෙන්ට් දාන්න අවස්ථාවක් සිතුවිල්ල දීල තියෙනව. ලොග් වෙන්න කම්මැලි නම් google තෝරන්නෙ නැතිව Anonimus තෝරල කොමෙන්ට් එක දාන්න. අගට නම කොටන්න. එහෙම නැතිව කොමෙන්ට් කරා කියල සිතුවිල්ලගෙ කිසිම තරහක් නෑ. අපි කතාවට යමු දැන්.


Jan 17, 2015

ප්‍රේමණීය පුණර්භවය පස්වන කොටස - ප්‍රකාශයට පෙර


පළමුකොටස කියවන්න මෙතන කොටන්න
ඔන්න රටේ අළුත් යුගයක් පටන් ගත්ත. සිතුවිලි කියවන්න එකතු වෙලා ඉන්න යාළුවො මේ යුගේදිවත් කතාව ගැන ඔයාලට හිතෙන දේ පොඩ්ඩක් කොටල යන්න කියල සිතුවිල්ල ඉල්ලනව මුලින්ම. සිතුවිල්ල ඡන්දෙ ගැන නම් කතා කරන්න මඩට බහින්න නම් කැමති නෑ. ඒ නිසා අපි කතාවට යමු ඉක්මනටම.

Jan 5, 2015

ප්‍රේමණීය පුණර්භවය සිවුවන කොටස - ප්‍රමාදය



දෙන්නෙක් එයාලගෙ සිතුවිලි ලියල තිබුන. සිතුවිල්ල ආසයි අනිත් අයගෙත් සිතුවිලි දැනගන්න. අපේ කතාවෙ මුල්ම අදහස හිතේ පහල වුනු කෙනා එහෙමත් නැත්නම් සිතුවිල්ලගෙ මිතුරු රුක්ෂිගෙ උපන්දිනය ජනවාරි 1වෙනිද තිබුන. එයාට ආයෙමත් සුභම සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනව. දන්නෙ නැති කෙනෙක් හිටිය නම් ඔන්න දැන් දන්නව. වැඩි කතා ඕනි නෑ. අපි මේ අවුරුද්දෙ හා හා පුරා කියල ලියන පළවෙනි කොටසට යමු.

Jan 1, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා.....

මේ සැරේ අළුත් අවුරුද්ද ලබන්නේ සීතල කාලගුණේක වුනත් උණුසුම් දේශගුණයක් එක්ක. සිතුවිල්ලට නම් ටිකක් සීතලයි වගේ.උණද මන්ද. නෑ නෑ වෙන්න බෑ.කමක් නෑ. මෙන්න සිතුවිල්ලගෙ විශේෂ අළුත් අවුරුදු සුභ පැතුම් මෙවුව එක. (වචනෙ මතක නෑ බොල)

"සියලු ලෝක වාසී ලෝක නොවන වාසී (නැත්නම් ලෝකයන්ට විතරක් වෙනවනෙ) අහසේ පොලවේ මුහුදේ සහ අනෙකුත් හැම තැනකම වසන්නා වූ සෑම කෙනෙක් හටම අදින් උදා වූ (අනේ මෙහෙමත් වුන්. උදා කිවුවෙ උදාහරනෙට නෙමෙයි. මගේ මෙවුව එක කියන්න දෙන්නෙත් නෑනොවැ) දෙදහස් පහලොව නව වසර කිරියෙන් හා පැණියෙන් උතුරන අළුත්ම අදහස් මල් පල ගැන්වෙන, සතුට පිරුණු සුභම සුභ නව වසරක් වේවා!"

Dec 29, 2014

ප්‍රේමණීය පුණර්භවය තෙවන කොටස - ආදරයේ පණිවිඩය




සිතුවිල්ල මේ කතාවෙ ඊළඟ කොටසත් අරන් ආව ඔන්න. ඒත් කවුරුත් කතාව කියවල යනව කිසි අදහසක් කියන්නෙ නෑ. කතාව අවුල්ද මන්ද කියල සිතුවිල්ලට වෙලාවකට හිතෙනව. අවුල් නම් කියන්න. සිතුවිල්ල තාම ප්‍රවීණ නව කතා රචකයෙක් නෙමෙයිනෙ. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒව හදා ගන්න ඔයාලගෙ අදහස් සිතුවිල්ල බලාපොරොත්තු වෙනව ගොඩක්ම. අපි කතාවට යමු. ඇත්තටම තනි වුන දෙන්න මොනව කතා කරයිද? සමන්ත ආදරෙයි කියයිද? දර්ශි කැමති වෙයිද? ප්‍රශ්ණ ගොඩක් ඔයාලටත් ඇති නේද? ඒත් තවත් මේක ‍සමහර හිස් තැන් තියන්නෙ ඇයි? දෙන්නගෙ කතා දෙකම අපි එකතු කරමු. හැමදේම හැම කෙනෙක්ම දැන ගනිමු. මම දර්ශිගෙත් පුතාගෙත් මතක එක තැනක ජීවමාන කරමු. අපි ගිහින් වෙන්නෙ මොනවද බලමු. එන්න යමු. ඒත් පරිස්සමින් සද්ද නොකර. අපි එයාලගෙ ලෝකෙටයි යන්නෙ, අපිට ඒකෙ තැන් නෑ.

Dec 28, 2014

නිම නොදුටු කතාවත්.. - චූටි නංගි


සිතුවිල්ල මේ කතාව ලිවුවෙ ගොඩක් කලින් ඒත් draft එකේ ඉවරයක් නොදැක නැවතුනු තවත් කතාවක් විදියට තිබුණ.මේක කතාවක් විතරයි. ඒත් මේක සිතුවිල්ලගෙ අත්දැකීමක් එක්ක ලියන්න පටන් ගත්ත වුනත් වෙන වෙන ප්‍රශ්ණ උඩ කතාව ලියන එක නැවතුනා. ඔයාලගෙ අදහස් උඩ මේක තවත් ඉස්සරහට ලියනවද කියල තීරණයක් ගන්න සිතුවිල්ල හිතුව. මේකත් ටිකක් දිග කතාවක් වෙන්න පුළුවන් එහෙම වුනොත්.

සුභ පැතුම්

  මේ අවුරුද්දෙත් උපෙ රිසල්ට්ස් ඊයෙ දාල තිබුණ. සිතුවිල්ලගෙ ගෝලයෙකුත් හොඳ රිසල්ට් එකක් අරන් තිබුණ. දැන් කට්ටිය බලනව ඇති සිතුවිල්ල ක්ලාස් කරනවද කියල. හපොයි නැතෝ. ප්‍රජා සේවයන් විතරයි සිතුවිල්ල කරන්නේ. මේ අවුරුද්දෙ රිසල්ට් සිතුවිල්ලට ගොඩක් සතුටු එකක් කොහොමත්. මොකද ගාල්ලෙ වාණිජ අංශෙන් ලංකාවෙන් පළමු තැන සවුත්ලන්ඩ් විද්‍යාලෙ නංගියෙක් සහ ජෛව විද්‍යා අංශෙන් ලංකාවෙන් දෙවන තැන සංඝමිත්තෙ නංගියෙක් ගත්තනෙ. නොදන්න අළුත් කියවන්න ආපු අයත් අතිනෙ. ඒ අය බලනව ඇති සිතුවිල්ලත් ගාල්ලෙද කියල. සිතුවිල්ලත් ගාල්ලෙ තමා. වැඩ බැරි උනත් සිතුවිල්ලගෙත් ගම ගාල්ලෙ. වටේ ගියා ඇති. ගාල්ලෙ නංගිල දෙන්නට විශේෂයෙන් සුභ පතනව. ඒ වගේම අනිත් හැම හොඳ රිසල්ට් එකක් ගත්ත හැම කෙනෙකුටම සිතුවිල්ල සුභ පතනව.

Dec 24, 2014

ප්‍රේමණීය පුණර්භවය දෙවන කොටස - ප්‍රේම ගන්ධබ්බය....




සිතුවිල්ල ඔන්න ආපහු දෙවෙනි කොටසත් අරන් ආව. හැම කෙනෙක්ම හොඳින් ඇති කියල හිතනව. වැඩි කථා ඕනෙ නෑ. කථාව පටන් ගනිමුකො.
පුතා කියන කථාව අහන් හිටපු මම ඉබේටම අතීතෙට ගියා. ඒ මීට අවුරුදු 8කට කලින් තමන්ගෙ අතීතෙට මාව ඇදන් ගියා. මේ කියන්නෙ මගේ කථාවම නේද කියල මට හිතුන. කාලෙකට කලින් මට සමන්ත මුණ ගැහුණු හැටි මට ආපහු මතක් වුනා.

Dec 18, 2014

කලකට පස්සේ.....



ඔන්න ආයෙමත් සිතුවිල්ල සිතුවිලි ලියන්න පටන ගන්න කියල හිතුව. කා‍ලයක් එන්න බැරි වුනු නිසා දැන් සිතුවිල්ල අමතක වෙලාද දන්නෙත් නෑ සමහරුන්ට. බ්ලොගියෙ පැත්තෙ එන්න බැරි වෙච්ච ටික කාලෙට ගොඩක් දේවල් වෙන්නත් ඇති අනිත් අයටත්. සිතුවිල්ලත් ගොඩක් වෙනස් වෙලා දැන්. දුක සතුට වෙන්වීම් හමුවීම් මුණ ගැහීම් හැරයාම් ගොඩක් වුනා. සමහර කරපු වැඩ ගැන මට මං ගැනම දුක හිතෙනව. ඒත් ඉතින් මොනව කරන්නද? දැන් ඔක්කොම ඉතිහාසෙට එකතු වෙලා ඉවරයිනෙ. හැම දෙයක්ම අත්දැකීමක් කරගෙන දැන් වර්තමානෙ හොඳින් ජීවත් වෙන එක තමා තියෙන ලොකුම අභියෝගෙ. ඒ වගේම සිතුවිල්ලගෙ බොස් කෙනෙක් පහුගිය දවසක යුග දිවියට ගියානෙ. ඉතින් ඒ යුග දිවියට එළඹුනු මහේෂ් සර් වගේම ශෂිකාට සිතුවිල්ලෙන් උණුසුම් සුභ පැතුම් වගේම සොඳුරු යුග දිවියකට ආසිරි පතනව.

Jun 24, 2013

පටලැවිල්ල

සමා වෙන්න යාළුවනේ ළඟදි පෝස්ට් එකක් දාන්න බැරි උනා. මේ දවස් වල මම ලොකු වැඩ ගෙඩක පැටලිලානෙ. නිදහසක් ලැබුනෙම නෑ. සිතුවිල්ල ආයිමත් බ්ලොගිය අතඇරල ගියාද කියල ඊයක් එවල අහල තිබුණ සිතුවිල්ල කෝ කියල. සිතුවිල්ල තාම ඉන්නවා කියන්න තමයි මේ පෝස්ට් එක ලිවුවෙ. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු.

May 24, 2013

ප්‍රීති වෙසක්....

අද උතුම් වෙසක් පුන් පොහොය. වෙසක් එකට මුළු ලංකාවටම තොරන් දෙක තුනක් විතරක් හදපු කාලයක් තිබුණ කියල දැන් කී දෙනෙකුට මතකද කියල සිතුවිල්ලට හිතා ගන්න බෑ. ඒත් ඒක මුලින්ම මතක් කරල ඒ වෙනුවෙන් තමන්ගෙ ලේ, ඇස්, ඉස්, මස්, ජීවිතය දන් දුන්නු අපේ රටේ සියළු හමුදා වල සහ ඒ වෙනුවෙන් කැප උණු සෑම දෙනෙක්ට පිං දෙනව. අද හැම තැනම දන්සැල් තොරන්. හරිම ලස්සනයි. මිනිස්සු හිනා වෙවී යනව.

May 18, 2013

ආදරයක කඳුලු බිංදු....

මේ දවස් වල හරියට වැඩ. පොඩි විවේකයක් ලැබුණ. ඒකෙන් ඔන්න සිතුවිල්ල ඔයාල බලල යන්න ආව. මේ පහුගිය දවස් ටිකට අළුත් අය ගොඩක් අළුතින් අඳුන ගත්ත. දැන් නම් හිනාවෙන් ජීවත් වෙනව. අද කියන්න හැදුවෙ තවත් ආදර කථාවක්ම තමා. මේකත් කියවල ඔයාලගෙ අදහසුත් කියන්න අමතක කරන්න එපා.

******

මීට අවුරුදු 3කට ඉස්සර දවසක මම මගේ කළුඳුල් ආදරේ මං ගයාට දුන්නෙ. එයාට මම ආදරේට ගයා කිවුවත් එයාගෙ ඇත්ත නම ගයානි. මම මගේ පණටත් වඩා එයාට ආදරේ කරා.ඒකට කිසිම බාධකයක් දා ගත්තෙ නෑ. ඒ මම එයාට ඒ තරමටම ආදරය කරපු නිසා.

Apr 28, 2013

IET පැණි අඹ....

අපි වගේම හිමිදිරි උදේ පාන්දරම,
පැණි බේරෙන රස අඹ කන්න...
මේ අඹ ගහ ගාවට, හත් ගව්වක් දුර දුවලා...
අමාරුවෙන් එන්න තවත් කට්ටියක් ළඟ එනවා.



ඔන්න ආයිමත් සිතුවිල්ල ආව. මේ දවස් වල විභාගෙ නිසා බ්ලොගිය පැත්තෙ එන්නත් බැරි උනා. අද නිවාඩු දවසනෙ ඉතින් සිතුවිල්ලට හිතුන පෝස්ට් එකක් දාන්න. විභාගෙ කියන්නෙ අනිත් අපිට ගෙඩක් භයානක කාලයක්. සබ්ජෙක්ට් 7ක් මේ සෙමෙස්ටරේට කරන්න වෙලා. වෙලාවකට මොන කරුමයක්ද කියල හිතෙනව. අද තිබුන් එක නම් ෆුල් සැටිස්. අපේ අයට මේ විභාගෙ ටිකක් විසේසයි. කවදාවත් වුනු නැති දේවල් මේ පාර උනානෙ. විභාගෙ පටන් ගත්තු දවසෙ උදේ හවස සබ්ජෙක්ට් 2ක් තිබුණ. ඒ දෙකෙන් එකක් හැමෝම තමන්ගෙ ෆීල්ඩ් එක අනුව තෝර ගන්න ඕනි. ඒක ඇර අනිත් එක කරන එක කොච්චර තමන්ට චර්ම රෝග තියද කියන එකේ නිදර්ශකයක් වගේ. ටික දෙනෙක් කරා. අපිට මේ තියෙන ටික කර ගන්න බැරුව දඟලනව. ඒකට තව එකක් ඉල්ලං කරන්න අපිට නම් ඕනෙ නෑ. ඔහොම කරපු මුල්ම අවුරුද්ද මේක. ඉතින් අවුල් වියවුල් ගොඩයි. කට්ටියක් කියනව ළමයි වැරදිලු තව කට්ටියක් කියනව උගන්නපු සර් වැරදිලු. මේව පුදුම කථා. අන්තිමට මේකෙන් තැලුනෙ අර චර්ම රෝගීන් ටිකදෙනා තමයි. පැය භාගයක් පරක්කු වෙලා විභාගෙ ලියන්න කට්ටියට අවසරේ ලැබුණ.
comments

යොමු

සින්ඩි ලංකා
සින්ඩිය
^ උඩටම යන්න