ඉස්කෝලෙ සිද්ධි
අද ඉඳන් මම මගේ පාසල් කාලෙදි වෙච්ච ෆන් වැඩ ටිකක් කියන්නම්. අපේ ඉස්කෝලෙ හිටියෙ පිරිමි ළමයි විතරක් වුනාට අනිත් කිසිම පිරිමි පාසලක නැති විදියට අපේ ඉස්කෝලෙන් සීයට 50කට වඩා අපේ ඉස්කෝලෙන් වට වෙච්ච බාලිකා පාසලකුත් තිබුන. අපේ ඉස්කෝලෙ මැදින් තමයි මේකෙ ළමයි යන්නෙ එන්නෙ. ඒක නිසා මේ කථා වලින් ගොඩක් ඒවට ඔය ඉස්කෝලෙ කොනක් හරි ගෑවිලා යනව.
මම මේ කථාවලදි අපේ යාළුවන්ගෙ නම් වෙනුවට වෙන නම් පාවිච්චි කරන්නම්.(නැත්නම් ඉතින් මට අපේ උන්ගෙන් විසුමක් නැති වෙනව.)
ඉස්කෝලෙ සිද්ධි 1
මේ සිද්ධිය උනේ මම AL කරපු අවුරුද්දෙ. ඒ කියන්නෙ 13වසරෙදි.(අන්තිම අවුරුද්ද) ඒකාලෙ වෙනකොට අපේ ප්‍රින්සිපල් මාරු වෙලා ගිහිල්ල ඒවෙනුවට වැඩ බලන එක්කෙනෙක් හිටියෙ.(අපි කවුවෙ අජා කියල.) මිනිහ මහ වසවර්ති මනුස්සය. ඔය කියපු අබුද්ධස්ස කාලෙ අපේ පන්තිය තිබුනෙ අර ගෑණු ළමයි යන පාර අයිනෙ. මේ කාලෙ අපේ පන්ති වල හිටිය උදේට පන්තිටික ඉස්සරහ football ගහනව. මොකද උදේට අජාගෙන් පන්ති වලට කරදරයක් වෙන්නෙ නෑ. අජා සාමාන්‍යයෙන් උදේට පහල ගේට්ටුව ළඟට වෙලා ඉඳන් ළමයිගෙ යුනිෆෝම් චෙක් කරනව. එතන මරුකටින් ගැලවිලා එන එක ඇත්තටම වීරක්‍රියාවක්.(ඒ නිසා ගොඩක් ලමයි පාසලට ඇතුල් වීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරා.) දවසක් ඔහොම සෙල්ලම් කරන අතරෙ බෝලෙ අපේ අල්ලපු ඉස්කෝලෙ නංගි කෙනක්ගෙ වැදුන. කරුමෙට එහේ මිස් කෙනෙකුත් ඔය වෙලාවෙම එතනින් ගියා. ඒ මිස් බෝලෙ අපේ පැත්තට තල්ලු කරලදාල අර ළමයත් එක්ක කථා කර කර ගියා. අපිත් සොරි නංගි කියල ෂේප් වුනා.(සමහරැ නම් කියන්නෙ ඒ ෂොට් එක හිතලම ගහපු එකක් කියල)
ඊළඟ දවසෙත් කට්ටිය සෙල්ලං කරා. අජා ගේට්ටුව ගාවනෙ කිසි බයක් තිබ්බෙ නෑ. මෙන්න එකපාරටම "අජා එනවෝ" කියල කැගහගෙන අපේ පන්තිට අල්ලපු පන්තියෙ කොල්ලෙක් දුවල ගියා. ඕක ඒ දවස් වල නිකමට ඇහුනත් අපි තප්පර ගාණකින් ආරක්ෂිත ස්ථාන කරා යනව. ඇත්තටම කිවුවොත් යනව නෙවෙයි යැවෙනව. වැඩිපුරම යන්නෙ අපේ ලැබ් එකට. ලැබ් එක ඇතුලට එන්න අජාගෙ පොඩි බයක් තිබුන. අපිට ඕනෙම වෙලාවක ලැබ් එකට ගිහින් වැඩ කරන්න අවසරේ තිබුණ.
එදා අජා පහලට නොගිහින් ඉඳල තියෙන්නෙ අර මිස් කෝල් එකක් දීල අපි ගැන කම්ප්ලේන් එකක් දාල. අපි හැමෝම දිවුවට කාටවත් බෝලෙ අරන් එන්න බැරි වුනා. අජා හිත සනසගන්න කියල බෝලෙත් අරන් ගිහිල්ල තිබුන. ඔය බෝලෙ අපි ගත්තෙ පන්තිවල තින්ත ගාන්න එකතු වෙච්ච ගානෙ ඉතිරියෙන්. ඕකෙන් අපිට ඕ බෝලෙ නම් නැති වුනා.
ඊළග පෝස්ට් එකෙන්:
කරුමෙට කිය කියා හිටපු සින්දුව පැමීණි මිස්ට හරියටම ගැලපුණි......
0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:
ඔබේ අදහසත් එකතු කරලම යන්න..
ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...