ලෝකයේ සියළුදෙන මට එරෙහිව ආවත් කිසිදාක මා අත්හැර නොයන්නා වූ දයාබර මෑණියනි. ඔබ මා ගැන පැතූ පැතුම් එලෙසම ඉටු කර ඔබ සනසන්නට මට වරම් නොලදත්, මම අද සිටිනා තැනට පැමිණියේ ඔබේ ආශිර්වාදය සහ ඔබේ ආදරය නිසාය. ලොවක් මවිත කළ ඒ අරුම පුදුම ආදරය, කරුණාව, දයාව මම හඳුනා ගත්තේ ඔබේන්මය. අද අම්මේ කියා දුවවිත් ඔබේ උකුලේ හිඳනොගත්තද මම තවමත් ඔබේ සුවඳ පහස වෙත ආදරය කරමි.
මට මහමෙරක් වූ ඔබ අද ජීවන ගමනේ තවත් එක් පරිච්ඡේදයක අවසන නව පරිච්ඡේදයක් ඇරඹන විට ඔබ සොයා ආවේ....
මගේ ආදරණීය අම්මේ, ඔබට සුභම සුභ උපන්දිනක් පතන්නටමය.
අම්මේ, ඔබට සුභම සුභ උපන්දිනක් වේවා!
මතු භවයෙත් ඔබ මගේම අම්මා වේවා.......
ඔබතුමාගේ මෑණියන්ට සුබ උපන්දිනයක් වේවා !
ReplyDelete@තර්ඩ් මෑන් (SIDATH) බොහොම ස්තුතියි...
ReplyDeleteඅම්මාට සුබ උපන් දිනයක්!!!
ReplyDelete@Ravi
ReplyDeleteබොහොම ස්තුතියි...