Feb 25, 2011

මේ අවසානයද?

කොහොමද ළමයිනේ...
අද සර්ගෙ අන්තිම පාඩම කරන දවස වෙන්න පුළුවන්.
කවදාවත් මම නොසිතූ පරිදි මගේ බ්ලොග් එකට මා විසින්ම නැවතීමේ තිත හෝ කොමාවක් දාමීමට සිදුවී ඇත. අද මේ පෝස්ට් එක සම් පූර්ණ නොවී පබ්ලිෂ් වෙන්න පුළුවන් එහෙම වුනොත් බොහොම කණගාටුයි. අද හවස 3.00ට මම මෙච්චර දවසක් හිටපු ගෙදර අතහැර වෙනත් පැත්තකට යනව. සති අන්තයකදීවත් නිවාඩුවක් ලැබෙයිද කියල සුවර් කරල කියන්න අමාරුයි. ඒත් මගේ අනාගතේ කියන එක වෙනුවෙන් මේක කරන්නම වෙනව. මෙච්චර කාලයක් මගේ ලිපි කියවපු, මගේ වැරදි අඩුපාඩු කියල දුන්න, කොමෙන්ට් දාපු, මට බැනපු හැමෝටම බොහොම ස්තුතියි. මේ මාස 3ක විතර බ්ලොග් ජීවිතෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ මහා නපුරුයි කියා සිතා සිටි සමාජය තුල සොඳුරු සිතැත්තන්, කලණ මිතුරන් සිටින බව දැන ගත්ත. අළුත් මිතුදම් හැදුන. මම හිතනව ඔයාල මාව අමතක කරන එකක් නෑ කියල. මමත් ඒ සුන්දර මතක එක්ක ජීවිතය ගෙනියන්නම්. මේකට දාන කොමෙන්ට් වලට මට රිප්ලයි කොමෙන්ටු දාන්න වෙන එකක් නෑ. ඒක නිසා මම මේ වෙලාවෙම කියවන, කොමෙන්ට් කරන හැමෝටම ස්තුතියි. දිළුම් අයියෙ අයිය වෙනුවෙන් සුබ පතනව ඉක්මනටම සනීපවෙන්න කියල. මම මට පුළුවන් හැමදේම කරනව.....


Feb 23, 2011

ලවු එක ගොඩ යයිද?

ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?

අද පෝස්ට් එක බොහොම පොඩියි.

කෝ කවුද ලවු කරන්න කැමති අය ඉන්නෙ..

ඔයාගෙ විස්තර හරියටම දුන්නොත් හරිම ප්‍රතිඵලේ එවේලේම දැනගන්න පුළුවන් විදියක් තමයි අද ගෙනාවෙ. ආ මොනවද දැන ගන්න පුළුවන් මොකක්ද කිවුවෙ නෑ නේද? වෙන මොකක්වත් නෙවෙයි, ඔයාගේ හිතේ තියෙන ආදරේ සාර්ථක වෙනවද කියල... ට්‍රයි කරල බලල ප්‍රතිඵල ගැන එහෙමත් කොමෙන්ටු දාන්න...

මේ සබැඳියේ තියෙන XL ෆයිල් එකෙන් ඔයාගෙ ආදරය සාර්ථක වෙයිද කියල හොයා ගන්න.



Feb 22, 2011

තරුවකට දුර මනිමුද?

ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?
අද නම් ඉතින් සිතුවිලි සර් ඇත්තටම පාඩමක් කරන්නයි යන්නෙ. මේක අයිති වෙන්නෙ තාරකා විද්‍යාවට. මම කලින් ලියපු ලිපි ගොඩකම කියල තියෙනවනෙ සිතුවිලි සර් තරු වලට ගොඩක් ආස සිතුවිල්ලක් කියල. ඉතින් මම කියල දෙන්න හදන්නෙ අසම්පාත ක්‍රමයෙන් තරුවකට දුර මනින විදිය. මේ ක්‍රමය තමයි තියෙන පහසුම ක්‍රමය. ත්‍රිකෝණමිතියෙ පොඩි වැඩක් තියෙන්නෙ.

අසම්පාත සංසිද්ධිය

Feb 20, 2011

ජීවිත පාඩම..


ඔන්න සිතුවිල්ලෙන් පොඩි පාඩමක් කරන්නයි යන්නෙ. කෝ ළමයි පොත් අරන් ලෑස්තිවෙන්න. ඔය ළමයි තවම කවුරු හරි සෙට් කරගෙන නෑ නේද.  අද අපේ පාඩම සහකරු තේරීම. කෝ ඉතින් මේ රත්ගම ළමයො පාඩම අහගන්නෙ නැද්ද? මොකද අපායෙ ගිය ළමයත් එක්ක අපායෙ ගිහින් කරන වැඩ ප්ලෑන් කරනවද? ආ හරි. දැන් පටන් ගනිමු. මම මේක කරුණු වශයෙන් කථා කරමු.

Feb 18, 2011

අම්මේ....



ලෝකයේ සියළුදෙන මට එරෙහිව ආවත් කිසිදාක මා අත්හැර නොයන්නා වූ දයාබර මෑණියනි. ඔබ මා ගැන පැතූ  පැතුම් එලෙසම ඉටු කර ඔබ සනසන්නට මට වරම් නොලදත්, මම අද සිටිනා තැනට පැමිණියේ ඔබේ ආශිර්වාදය සහ ඔබේ ආදරය නිසාය. ලොවක් මවිත කළ ඒ අරුම පුදුම ආදරය, කරුණාව, දයාව මම හඳුනා ගත්තේ ඔබේන්මය. අද අම්මේ කියා දුවවිත් ඔබේ උකුලේ හිඳනොගත්තද මම තවමත් ඔබේ සුවඳ පහස වෙත ආදරය කරමි.
comments

යොමු

සින්ඩි ලංකා
සින්ඩිය
^ උඩටම යන්න