කොහොමද කට්ටියටම... මට පහුගිය දවස් ටිකක් වැඩ වැඩිපුර තිබුන. ඒක නිසා පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් ලැබුනෙ නෑ. මගේ යාළුවගෙ අම්මගේ රෝග ලක්ෂණ දැන් නම් ටිකක් අඩු වෙලා. ඔයාලගෙ හැම ප්‍රාර්ථනාවකම බොහොම ස්තුතියි.
හැමෝගෙම පාසල් කාලය කියන්නෙ බොහොම රසවත්, ඒ වගේම අමතක නොවෙන කාලයක්. අන්න ඒ වගේ කථාවක් තමයි අද කියන්න කියල හදන්නෙ. මේ සිද්ධිය වෙන කාලෙ වෙනකොට අපි Aලෙවෙල් කරන්න ගොඩක්ම කිට්ටු දවස්. අන්තිම දවස් වලට ඉතින් කට්ටිය ගොඩක් ඉස්කෝලෙ එනවනෙ. (පන්තියකට පහක් හයක් විතර) හැබැයි මමයි තව සෙට් එකක් හිටිය අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලෙ ආව.
සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
Nov 5, 2011
සරල පරීක්ෂණයක් - ඉස්කෝලෙ සිද්ධි 5
Oct 15, 2011
පුංචි ආයාචනයක්
මම මේ පෝස්ට් එක දාන්නෙ පුංචිම පුංචි උදවුවක් ඔයාලගෙන් ඉල්ලන්න.
මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල දවසක ඒ කියන්නෙ 2010 සැප්තැම්බර් මාසෙ 9 වෙනිද මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දවසක්. අද වනවිට මගේ අතට ආපු මුදල් වලින් 75%කටත් වඩා ලැබුනෙ ඒ දෙයින් තමා. ඒ ජාවා පන්තියකට මම මුලින්ම සම්බන්ධ වෙච්ච දවස. අපේ කණ්ඩායමේ මුලින්ම 5ක් හිටිය. සති තුනකට පස්සෙ අපේ කණ්ඩායමට අළුතින් එක්කෙනෙක් එකතු වුනා. මෙයා මුල් දවසටම කථා කරේ වචන 5යි.
මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල දවසක ඒ කියන්නෙ 2010 සැප්තැම්බර් මාසෙ 9 වෙනිද මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දවසක්. අද වනවිට මගේ අතට ආපු මුදල් වලින් 75%කටත් වඩා ලැබුනෙ ඒ දෙයින් තමා. ඒ ජාවා පන්තියකට මම මුලින්ම සම්බන්ධ වෙච්ච දවස. අපේ කණ්ඩායමේ මුලින්ම 5ක් හිටිය. සති තුනකට පස්සෙ අපේ කණ්ඩායමට අළුතින් එක්කෙනෙක් එකතු වුනා. මෙයා මුල් දවසටම කථා කරේ වචන 5යි.
බස් එක නවත්තනවලු...
පහුගිය දවස් වල මට ගූගල් මහත්තයගෙන් ගොඩක් කරදර උනානෙ. ඒත් ගිය සතියෙ මගේ නම නිසා ගූගල් ප්ලස් එකෙනුත් මාව අයින් කරානෙ. :( ඔන්න සතියෙ අග ගෙදර ඇවිත් බලනකොට බස් එකත් නවත්තනවලුනෙ. ඕක නම් ඉතින් ගූගල් අයිය කර ගන්න යන ලොකු මෝඩ වැඩක්. දැන් පස් කන්න තමා වෙන්නෙ. රෑට තිබ්බ බස් රේඩියෝව නම් දුවයි. ඒත් ඉතින් පස් උඩ ඉඳන් අහන්න වෙන්නෙ. මට පසුත් නෑ. අනේ මන්ද....
Oct 2, 2011
මේ බස් නැවතුම...
මේ තියෙන්නෙ පොදු ව්‍යසනයක්. බොහෝ අහිංසක ප්‍රේම වනතයන් හට අවසානයේ අත් වන භයංකාර ඉරණම ගැන ලියවිච්ච ලස්සන සිංදුවක්. (ගෑණු ළමයි මාත් එක්ක තරහ වෙයිද දන්නෙත් නෑ :0. කමක් නෑ නිදසේ ඉන්න පුළුවන්නෙ :p).
මේ බස් නෑවතුම පෙර හෑම දිනකම අප හමුවුනු හෑටි දෑන උන්නේමා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නෑවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට ඔබ එනතුරු මම මෙතනම සිටියා දෙනෙත අයා!එකම රියක නැගඑකම අසුනෙ හිදගිය හැටි මතකයි තවම එදා!!
ප්‍රේමය නිමවුන මම අද තනිවමරියකට මෙතනින් ගොඩවෙනවා!ඒ රියෙහිම ඔබතව කෙනෙකුන් ළඟඑකම අසුනේ ඉඳගෙන යනවා!
ළමා දිනයට පුංචි යමක්...
අද ලෝක ළමා දිනය. ඒත් අදත් අපි ළමා දිනේට කියන්නෙ පරණ කථාවමයි. ළමා අයිතීන් සුරකිමු කියල ලොකු ලොකු උත්සව තියල සල්ලි නාස්තියක් විතරයි බොහෝ දෙනෙක් කරන්නෙ. ඒ උත්සව වලට යන අය මහ මඟ අනන්ත දුක් විඳින ළමයෙක් දැක්කත් සත පනහක් නොදී ළමයින්ට සුන්දර ලෝකයක් හදන්න ලෑස්ති වෙන්නෙ. :(. මේ වගේ දේවල් කොච්චර මේ සුන්දර කමකින් වසා ගත්තු රුදුරු ලෝකෙ තියෙනවද?
ලේබල්
සිතන්න
Subscribe to:
Posts (Atom)



