සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
Sep 26, 2011
රෝස මලට කියනවාද මා මියගිය බව.....
ලේබල්
සින්දු
Sep 25, 2011
අපේ කේන්දර බලපු අක්ක
කොහෙමද යාළුවනේ?බොහොම කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. සමාවෙන්ට ඕන. කොහෙද ඉතින් දැන් පෝස්ට් එකක් දාන්න වෙලාවක්. තිබුනත් දාන්න ජංජාලෙට එන්ටර් වෙන්ට විදියක් නෑ නොවැ :(
ලේබල්
විස්තර
Aug 28, 2011
Google මහත්තයට බොහොම ස්තුතියි.....
පහුගිය දවස් වල මගේ බ්ලොග් එක නැතුව තිබුණ නේ.. :(
අද මම ලියුම් පෙට්ටිය බලනකොට කොමෙන්ට් එකක් දාල කියල දැක්ක. මාර කේස් එකනෙ නැති බ්ලොග් එකක කොමෙන්ට් තියෙන්න විදියක් නෑනෙ!
පුංචි මෙලේට දැන් නෙ තේරුනේ
බ්ලොගිය ආපහු අප් වෙලානෙ
මරේ මරු
Google මහත්තයෝ බොහොම ස්තුතියි..... :)
ඔන්න මගේ සිතුවිලි ආපහු එනවා...............
අද මම ලියුම් පෙට්ටිය බලනකොට කොමෙන්ට් එකක් දාල කියල දැක්ක. මාර කේස් එකනෙ නැති බ්ලොග් එකක කොමෙන්ට් තියෙන්න විදියක් නෑනෙ!
පුංචි මෙලේට දැන් නෙ තේරුනේ
බ්ලොගිය ආපහු අප් වෙලානෙ
මරේ මරු
Google මහත්තයෝ බොහොම ස්තුතියි..... :)
ඔන්න මගේ සිතුවිලි ආපහු එනවා...............
ලේබල්
Google
May 21, 2011
සබඳ ඔබ සදහටම අප සමඟයි.....
ගියත් ඔබ වෙන් වී අපගේ පෙනෙනා ලොවෙන්...
සදා අපේ හදවත් තුල ඔබ ජීවත් වේ
සොඳුරු ඉලංදාරියාණනි
ඔබට නිවන් සුව පතන්නෙමු.....
සදා අපේ හදවත් තුල ඔබ ජීවත් වේ
සොඳුරු ඉලංදාරියාණනි
ඔබට නිවන් සුව පතන්නෙමු.....
Mar 27, 2011
අළුත් ජීවිතය....
සිතේ දහසක් පැතුම් පොදි බැඳන් මම මීට මාසෙකට විතර කලින් ඔයාලගෙන් සමුගත්තනෙ. අද පුංචි නිවාඩුවක් ලැබුණ. ඒක නිසා මම මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙන් පුංචි පෝස්ට් එකක් දාන්න ආවෙ.
මුලින්ම මාව අමතක කරන්නෙ නැතුව මතකයෙ තියන් හිටියට බොහොම ස්තුතියි. මම දැන් ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයේ, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව හදාරනව. මේ මාසය මගේ ජීවිතයේ වැදගත්ම මාසයක්. මට අළුත්ම මිතුරන් පිරිසක් හමු වුනා. සුන්දර අත්දැකීම් ගොන්නක්ම මගේ ජීවිතයට එකතු වුණා. ඇත්තටම අපි අතරෙ සහෝදරත්වයේ බැම්මක් බැඳුන. අනාගතය ගැන සුබ සිහින දකිමින් හැම කෙනෙක්ම එකතු වෙලා ගොඩක් දේවල් කරා. ඒ අතර බොහොම දුක හිතෙන සිද්ධියක් වුණා. ඒ අපේම කෙනෙක්ගෙ තාත්ත අන්තරා වුණා. ඒක වුනේ දෙවෙනි සතියෙදි.
තව විස්තර කියන්න නම් තියෙනව. වෙලාව හරස් වුනා. ජය වේවා.......
Subscribe to:
Posts (Atom)


