Oct 15, 2011

පුංචි ආයාචනයක්

මම මේ පෝස්ට් එක දාන්නෙ පුංචිම පුංචි උදවුවක් ඔයාලගෙන් ඉල්ලන්න.

මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල දවසක ඒ කියන්නෙ 2010 සැප්තැම්බර් මාසෙ 9 වෙනිද මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දවසක්. අද වනවිට මගේ අතට ආපු මුදල් වලින් 75%කටත් වඩා ලැබුනෙ ඒ දෙයින් තමා. ඒ ජාවා පන්තියකට මම මුලින්ම සම්බන්ධ වෙච්ච දවස. අපේ කණ්ඩායමේ මුලින්ම 5ක් හිටිය. සති තුනකට පස්සෙ අපේ කණ්ඩායමට අළුතින් එක්කෙනෙක් එකතු වුනා. මෙයා මුල් දවසටම කථා කරේ වචන 5යි.

බස් එක නවත්තනවලු...

පහුගිය දවස් වල මට ගූගල් මහත්තයගෙන් ගොඩක් කරදර උනානෙ. ඒත් ගිය සතියෙ මගේ නම නිසා ගූගල් ප්ලස් එකෙනුත් මාව අයින් කරානෙ. :( ඔන්න සතියෙ අග ගෙදර ඇවිත් බලනකොට බස් එකත් නවත්තනවලුනෙ. ඕක නම් ඉතින් ගූගල් අයිය කර ගන්න යන ලොකු මෝඩ වැඩක්. දැන් පස් කන්න තමා වෙන්නෙ. රෑට තිබ්බ බස් රේඩියෝව නම් දුවයි. ඒත් ඉතින් පස් උඩ ඉඳන් අහන්න වෙන්නෙ. මට පසුත් නෑ. අනේ මන්ද....

Oct 2, 2011

මේ බස් නැවතුම...

මේ තියෙන්නෙ පොදු ව්‍යසනයක්. බොහෝ අහිංසක ප්‍රේම වනතයන් හට අවසානයේ අත් වන භයංකාර ඉරණම ගැන ලියවිච්ච ලස්සන සිංදුවක්. (ගෑණු ළමයි මාත් එක්ක තරහ වෙයිද දන්නෙත් නෑ :0. කමක් නෑ නිදසේ ඉන්න පුළුවන්නෙ :p).

මේ බස් නෑවතුම පෙර හෑම දිනකම අප හමුවුනු හෑටි දෑන උන්නේමා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නෑවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට ඔබ එනතුරු මම මෙතනම සිටියා දෙනෙත අයා!එකම රියක නැගඑකම අසුනෙ හිදගිය හැටි මතකයි තවම එදා!!
ප්‍රේමය නිමවුන මම අද තනිවමරියකට මෙතනින් ගොඩවෙනවා!ඒ රියෙහිම ඔබතව කෙනෙකුන් ළඟඑකම අසුනේ ඉඳගෙන යනවා!

ළමා දිනයට පුංචි යමක්...

අද ලෝක ළමා දිනය. ඒත් අදත් අපි ළමා දිනේට කියන්නෙ පරණ කථාවමයි. ළමා අයිතීන් සුරකිමු කියල ලොකු ලොකු උත්සව තියල සල්ලි නාස්තියක් විතරයි බොහෝ දෙනෙක් කරන්නෙ. ඒ උත්සව වලට යන අය මහ මඟ අනන්ත දුක් විඳින ළමයෙක් දැක්කත් සත පනහක් නොදී ළමයින්ට සුන්දර ලෝකයක් හදන්න ලෑස්ති වෙන්නෙ. :(. මේ වගේ දේවල් කොච්චර මේ සුන්දර කමකින් වසා ගත්තු රුදුරු ලෝකෙ තියෙනවද?
comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න